April 18, 2024

පීපල්ස් ඉන්ෂුවරන්ස්හි නව සභාපති ඉසුරු බාලපටබැඳි

ප්‍රකට නීතිඥයෙකු වන ඉසුරු බාලපටබැඳි මහතා පීපල්ස් ඉන්ෂුවරන්ස් (පුද්ගලික) සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

බාලපටබැඳි මහතා මේ වන විට පීපල්ස් ඉන්ෂුවරන්ස්හි මව් සමාගම වන මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම මේ වන විට සිය අධ්‍යක්ෂ මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙකුද පත් කර තිබේ. ඒ රන්ජිත් කොඩිතුවක්කු, ජොන්සන් ඇන්තනි ප්‍රනාන්දු හා ආචාර්ය කසුන් ඉඳුනිල් විජේතිලක යන මහත්වරුන්ය.

බාලපටබැඳි මහතා සිවිල් හා වාණිජ නීතිය පිලිබඳ නීතිඥ වරයෙකු ලෙස කටයුතු කරන අතර ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ නීති උපාධියක්ද ලබා තිබේ.

බාලපටබැඳි මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥ වරයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා නීති සංගමයේ විධායක සභිකයෙකු ලෙසද කටයුතු කර තිබේ. 

Rate this item
(0 votes)