April 20, 2024

මහජන බැංකුවේ අස්වැන්න ණය පහසුකම් පිරිනැමීමේ තවත් අදියරයක් අනුරාධපුර ගල්නෑවේදී

රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව යළි ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාදීමේ තවත් අදියරක් අනුරාධපුර, ගල්නෑවල කිරිඳවත්ත වැව් තාවුල්ලේදි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එම්.ඒ බොනිෆස් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

මෙදින කුඹුරු ඉඩම් මිලදි ගැනීමට, කෘෂිකාර්මික කටයුතු සඳහා බීජ හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට, ඉඩම් හා ට්‍රැක්ටර් ඇතුඵ කෘෂිකාර්මික යාන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට, යටිතල පහසුකම් සංවර්ධනයට ණය මුදල් ප්‍රදානය කෙරිණි. මීට අමතරව මහජන බැංකුවේ අස්වැන්න ඉතුරුම් හා ආයෝජන ගිණුම් ආරම්භ කළ ගොවි මහත්වරුන්ට පාස්පොත් පිරිනැමීමද සිදුවිය. එමෙන්ම මෙහිදි ගිණුම් විවෘත කළ සහ ණය පහසුකම් ලබාගත් සියලුම දෙනාට මහජන බැංකුවේ හරිත බැංකුකරණ වැඩපිළිවෙල යටතේ පැළ වර්ග බෙදාදෙන ලදි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (සුඵ හා මධ්‍ය පරිමාණ) වික්‍රම නාරායන, සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ) ඒ.යූ.ඒ අන්සාර් මහත්වරුන්ල අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාරිනි චන්ද්‍රිකා නිස්සංක මහත්මිය ඇතුඵ බැංකු නිලධාරින් පිරිසක් හා ගොවි මහතුන් සහභාගි විය.

මෙම ණය ප්‍රදානය කිරීමෙන් අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් සහ රුවන්වැලි මහ සෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් වහන්සේලාව බැහැදැක ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දී අස්වැන්න ණය පහසුකම පිළිබඳව දැනුවත් කරල මහාසංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීමට මහජන බැංකුවේ සභාපතිතුමාල ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරිතුමා ඇතුඵ කළමනාකාරිත්වය කටයුතු කරන ලදි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:27