April 20, 2024

ඉලෙක්ට්‍රික් කාර් මිල පහළට - පෙට්‍රල්/ හයිබ්‍රිඩ් ඉහළට

මෝටර් රථ වාහන සඳහා අයකරනු ලබන බදු තවදුරටත් ඉහළ නැංවීමට මෙවර අයවැය 2019 තුළින් යෝජනා වී තිබේ. අදාළ අයවැය යෝජනාවෙහි මෙසේ සඳහන් වේ.

“මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී වාහන ආනයන බදු 2019 මාර්තු 06 දා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරනවා. එසේ වුදව කුඩා එන්ජින් ධාරිතාවන් සහිත මෝටර් වාහන සඳහා මෙම සංශෝධනය මගින් ඉතා අවම බලපෑමක් සිදුවේ. මෙයට අතිරේක වශයෙන් වාහන ආනයනය සඳහා පනවා ඇති සියයට 200 ක ආන්තික මුදල් තැන්පතු නුදුරු අනාගතයේ දී ඉවත් කරනු ඇත.“

ඒ වාහන මිල ගණන පහත පරිදි සංශෝධනය වනු ඇත.

පෙට්‍රල් වාහන

සිලින්ඩර ධාරිතාව 800 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් ද වැඩි කෙරේ.

හයිබ්‍රිඩ් වාහන

සිලින්ඩර ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින්වැඩි කෙරේ.

විදුලි වාහන

කි.වො. 70 මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු. 175,000 අඩු කෙර්.

ත්‍රීරෝද රථ

සිලින්ඩර ධාරිතාව 200 ක් වන ත්‍රීරෝද රථ මක නිෂ්පාදන බද්ද රු. 60,000 වැඩි කරේ.

Rate this item
(1 Vote)