April 19, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ඉංග්‍රීසී කථන පාසල ඇරඹේ

ඉංග්‍රීසි කථන පාසල (The English Speaking school) දොරට වැඩීමේ උත්සවය ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් 03 වැනි දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඉංග්‍රීසි කථනය පිළිබඳ ගුරු හා ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම සඳහා ඉංග්‍රීසි ඉගැන්වීමේදී ඉංග්‍රීසි භාෂා කථනය සහ සවන්දීමේ හැකියාවන් ඇගයීමේදී අවශ්‍ය තොරතුරු සන්නිවේදන තාක්ෂණ භාවිතයයෙන් සිදු වේ. 

මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මොරටුව වේල්ස් කුමාර විද්‍යාල හා මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය යන පාසල් මුල්කර ගනිමින් ක්‍රියාත්මක වේ. 

ජනාධිපතිවරයාගේ '' ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි‘‘ කාර්යාර්ම්භනය යටතේ ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ එක් කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඉංග්‍රීසි ගුරුවරුන්ට මෙම වැඩසටහන මඟින් නිර්මාණාත්මක සහ ඵලදායී තොරතුරු තාක්ෂණ මෘදුකාංග නිපදවිය හැකි අතර පාසල් පද්ධතියෙන් ඉංග්‍රීසි ගුරුවරුන්ට විෂය නිර්දේශයට ගැළපෙන පාඩම් තෝරා ගෙන ඒවා මෘදුකාංග තුළට ඇතුළත් කිරීම තුළින් සිසුන්ගේ ඉංග්‍රීසි පිළිබඳ සවන්දීම, කථනය, ලිවීය හා කියවීම යන හැකියාවන් වර්ධනය කිරීමට අවස්ථාව ලැබේ.

Rate this item
(0 votes)