පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් මහතා නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබේ.
ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඔහු පෙරේදා දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබිණි.
රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා වෙනත් ස්ථානයක නිරෝධායනයට යොමු කරන ලෙසටද ඔහුගේ බිරිද විසින් විපක්‍ෂ නායකවරයා දැනුවත් කෙරුණු අතර ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් ඒ පිළිබද කථානායකවරයා දැනුවත් කර තිබේ.
විපක්‍ෂ නායකවරයාගෙන් සහ විවිධ පාර්ශවලින් ලැබුණු ඉල්ලීම් අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කර ඇති අතර ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ගල්කිස්ස හෝටලයකට යොමු කර ඇත.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ අවතැන් පුද්ගලයන් 12,620ක් ගෙනයාම සඳහා රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අන්තවාදයට සහ ත්‍රස්තවාදයට ඉඩදෙන කිසිවෙකුට කිසිදු සමාවක් නොදෙන බව මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ඊයේ (26) දිවුරුම් දුන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි සමාජයක් නිර්මාණය කිරීමට නම් පාතාලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සිය, නව අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වී ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
"ජනාධිපතිතුමා මට මේ වගකීම භාර දුන්නේ ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියලා. ඒ වගකීම මම භාර ගන්නවා. ඒ වගකීම ඉතාම හොඳින් ඉටු කරනවා. පොලිසිය මහජන හිතවාදීව, මහජනයා තුළ විශ්වාසයක් නැගෙන ස්ථානයක් බවට පත්කරනවා. ඒ වගේම මගේ විෂය පථයේ තියෙන්නේ අනිවාර්යයෙන්ම පාතාලය නවත්වන එක සහ කුඩු නවත්වන එක. ඉතින් ඒ දෙක අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා. පාතාලයට සම්බන්ධවෙලා ඉන්න අය ඉන්නවා නම් ඒ අයට අපි ආරාධනා කරනවා යහපත් සමාජයට ඇවිල්ලා තමාගේ එදිනෙදා කටයුතු කරන්න කියලා. ජනතාවට බියකින් සැකෙන් තොරව ජීවත්වීමට පුළුවන් සමාජයක් හදන්න නම් පාතාලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. කුඩු ඉවත් කළ යුතුයි. ඒ වගේම අන්තවාදයට සහ ත්‍රස්තවාදයට ඉඩදෙන කාටවත් අපි කිසිම සමාවක් දෙන්නේ නෑ," යනුවෙන් ද කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ආදායමින් ණය හා වාරික ගෙවීමට සැලසුම් කර තිබුණ ද මේ දක්වා ව්‍යාපෘතියෙන් කිසිදු ආදායමක් නොලැබීම හේතුවෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් ඒකාබද්ධ අරමුදලට වර්ෂිකව බැර කරන මුදල් ද පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 3040කින් අඩු කර ඇත.
2017 වසරේදී රුපියල් කෝටි පන්සිය විස්සක් ද 2018 දි රුපියල් කෝටි 615ක් හා පසුගිය වසරේ දී රුපියල් කෝටි 1905ක් ද වශයෙන් බැර කරන මුදල් අඩු කර තිබේ.
කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරික වශයෙන් පසුගිය වසර අවසානය වන විට රුපියල් කෝටි හත්සිය විසි දෙකකට අධික මුදලක් ගෙවීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වී තිබේ.
මේ බව හෙලිවී තිබෙන්නේ ගණකාධිපතිවරයාගේ අලුත්ම වාර්තාවෙනි.
අදාළ කාලසටහනට අනුව ව්‍යාපෘතිය නිම නොකිරීම නිසා ණය මුදලින් ලබා ගැනීමට හැකි වී තිබුණේ ද සියයට 76ක් හෙවත් රුපියල් කෝටි 1230ක් පමණ ය. ඉතිරිය වන රුපියල් කෝටි 393ක පමණ මුදල ලබා ගැනීමට නොහැකි වී තිබුණ ද මුළු ණය මුදල සඳහාම රක්ෂණ, එකඟතා සහ කළමනාකරණ සේවා ගාස්තු වශයෙන් අමතරව රුපියල් කෝටි පනස් තුනකට අධික මුදලක් ගෙවා ඇතැයි ද එහි සඳහන් වෙයි.
චීන සමාගම් සමග ඇති කර ගත් ගිවිසුමට අනුව 2012 වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 2015 වසරේ මැයි 12 දින දක්වා වූ දින 912කින් ව්‍යාපෘතිය නිම කළ යුතුව තිබිණි. එතැන් සිට වාර්ෂිකව රුපියල් කෝටි 168ක ආදායමක් ඉපයීමට සැලසුම් කර තිබූ නමුත් ව්‍යාපෘති කටයුතු ප්‍රමාදවීම මත එම ආදායම අහිමි වී ඇත.
පසුව ඇති කරගත් ගිවිසුම් අනුව ව්‍යාපෘතිය නිමා කර 2017 වසරේ ඔක්තෝබර් 31 වැනිදා භාර දිය යුතුව තිබුණ ද පසුගිය අගෝස්තු 31 වැනිදා වන විටත් ව්‍යාපෘතිය අවසන්ව නොතිබූ බවත් විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් හෙළි කර තිබේ.
මූලාශු - අරුණ
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගමන් ගන්නා රථයේ ගිනි අවියක් තබාගෙන යන අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක් වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකු සම්බන්ධ කරගත් අතර ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම ඡායාරූපය මීට වසර 06කට පෙර අමාත්‍යවරයාගේ හිතවත් මන්ත්‍රීවරයෙකු විසින් ලබා ගත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බවයි.
ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට අවශ්‍යතාව අනුව බලපත්‍ර සහිත නිල ගිණිඅවියක් හිමිවන අතර ඒ සමඟම ඔවුන්ට ගිණිඅවි හැසිරවීම පිළිබද මූලික පුහුණුවක්ද ලබා දෙයි.
එමෙන්ම එම ගිණිඅවිය ඔවුනට ඕනෑම වෙලාවක තමන් සන්තකයේ තබාගැනීමේ හැකියාව තිබෙන නමුත් ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ නිල ආරක්ෂක වළල්ලට ඇතුළු වීමේදී විශේෂිත අවසරයක් හිමි අයට පමණක් තම ගිණිඅවිය රැගෙන යාමට අවසර ලැබෙන බව ආරක්ෂක අංශ වාර්තා කරයි.
තවද විශේෂ ගිණිඅවි බලපත්‍ර ඕනෑම පුද්ගලයෙකුට ලබාගැනීමේ අවස්ථාවක් නීතියේ තිබෙන නමුත් ඒවාට නිසි සුදුසුකම් තිබිය යුතු බව ගිනි අවි සම්බන්ධව රාජකාරි කටයුතු 1916 අංක 33 දරණ ආඥා පනතේ සඳහන් වෙයි.
එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේ මහජන නියෝජිතයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙනු දැකපු පමණින් කලබල නොවන ලෙසත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය ආරක්ෂාව ඔහු විසින්ම සපුරා ගැනීමේ ගැටලුවක් නොමැති බවයි.
සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපය
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හත්වන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කළේ,රාජ්‍ය පාලනය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදන වැනි නෛතික ලියවිළිවල කුමක් සඳහන් වුවද, ප්‍රයෝගිකව ඇතිවන ගැටළුවලදී ජනාධිපතිවරයාට සිය අභිමතය නෛතික රාමුවට පරිභාහිරව කටයුතු කළ හැකිබවයි
මේ අතර හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කිරීමට පෙර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජ්‍ය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජුනි මස 17 වන දින “බී.බී.සි සිංහල“ සේවයට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාව ජනාධිපති කොමිසම හමුවේ වාදනය කිරීම අවසර ඉල්ලා සිටියේය.
පසුව අදාළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා, "හිටපු ජනාධිපතිතුමනි, මෙම පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දි හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා ප්‍රහාරයේ වගකීම සාමුහිකව භාරගන්න ඕනේ කියලා. ඔබ සුදානම් නැද්ද එහෙම සාමුහිකව වගකීම භාරගන්න" යනුවෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, "එහෙම පුළුවන්කමක් නැහැ ස්වාමිනි," යන්න ය.
"ඔබ මෙම සම්මුඛ සාකච්ඡාවේ සඳහන් කරලා තියෙනවා ඔබ සුදානම් නැහැ මේ ප්‍රහාරයෙන් අගතියට පත්වුණ පාර්ශ්ව වෙනුවෙන් කණගාටුව පළ කරන්න කියලා. මම යෝජනා කරනවා මා නියෝජනය කරන කතෝලික ජනතාව වෙනුවෙන් ඔබ කණගාටුව පළ කරන්න ඕනේ කියලා," යැයි ජනාධිපති නීතිඥවරයා යෝජනා කර සිටියේය.
"මේ සිදුවීම සම්බන්ධයෙන් මම අවස්ථා රැසකදී කණගාටුව පළ කරලා තියෙනවා ස්වාමිනි. කාදිනල් හිමිපාණන් කියන්නේ මගේ පාලන කාලයේදී මම ඉතා මිත්‍රශීලිව ඇසුරු කළ කෙනෙක්. මම කතෝලික ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියෙනවා. නමුත් මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වුණ මාධ්‍යවේදියා සමග මම බහින් බස්වීමක් වුණා උසාවියක වගේ මගෙන් ප්‍රශ්න අහනවා කියලා. මම ඔහුට කිව්වා මේ සම්මුඛ සාකච්ඡාව දාන්නත් එපා කියලා. නමුත් ඔවුන් මේක සම්පූර්ණයෙන්ම සංස්කරණය කරලා දාලා තියෙන්නේ. මම කියපු වැදගත් කරුණු කිසිවක් මෙහි නැහැ," යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය."මහජන ආරක්ෂක පණතේ 5 වගන්තිය ප්‍රකාරව ජාතික ආරක්ෂක කවුන්සිලය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පැහැදිළිව සඳහන් වෙනවා. ජාතික ආරක්ෂක කවුන්සලයට එහි නිත්‍ය සමාජිකයින් අනිවාර්යයෙන්ම කැඳවිය යුතුයි කියලා. එහෙම තියෙද්දිත් ඔබතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයෙකු වන පොලිස්පතිවරයා 2018 ඔක්තෝබර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම නීතියේ විධිවිධානවලට පටහැනිව සිදුකළ ක්‍රියාවක් නේදැයි," ජනාධිපති නීතිඥවරයා එහිදී විමසීමක් කළේය.
"ගැසට් නිවේදනවල සහ නීතිපොත්වල එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රයෝගිකව මට ප්‍රශ්නයක් ඇති වුණාම මට විශ්වාසවන්ත නැත්නම් මම කැඳවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි විශ්වාසවන්ත කෙනෙක් ගෙන්වා ගන්න පුළුවන්. ඒකයි මම එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ," යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.
"හරි එහෙනම් ඔබතුමා මට පෙන්වන්න ඔය කිව්ව විදිහේ අභිමතයක් ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයේ කොහෙන්ද ලබාදීලා තියෙන්නේ කියාලා," යැයි ජනාධිපති නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේය.
"ගැසට් නිවේදනයේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයක් නැත්තම් මම කැඳවන්නේ නැහැ. පොලිස්පතිවරයා නෙමේ, මම අගමැතිවරයාවත් අස් කළා මට විශ්වාසයක් නැති නිසා. අගමැතිවරයා විතරකුත් නෙමේ, මම කැබිනට් මණ්ඩලයත් මාරු කළා මට විශ්වාස නැති නිසා," යැයි හිටපු ජනාධිපතිවරයා එවර කියා සිටියේය.
ඇඹිලිපිටිය, මාතර සහ සපුගස්කන්ද බලාගාර 3 න් විදුලිය ගැනීම ඉවත් කිරීමට සැලසුම් කර ඇති නිසා ලබන වසර මැද වනවිට මෙගාවොට් 270 ක හිඟයක් ඇතිවන බව ඇමැති මණ්ඩලය ඉදිරිපත් කළ පත්‍රිකාවක සඳහන් වේ.
විදුලි බලාගාර 3ක් භාවිතයෙන් ඉවත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒ අනුව මෙගාවොට් 100 ඇඹිලිපිටිය ace power විදුලි බලාගාරය ලබන අප්‍රේල් මාසයේදී භාවිතයෙන් ඉවත් කෙරේ.
මෙගාවොට් 20 මාතර ace power විදුලි බලාගාරයද ලබන අප්‍රේල් මාසයේ සිට භාවිතයෙන් ඉවත් කෙරේ.
මෙගාවොට් 50 සපුගස්කන්ද asia power විදුලි බලාගාරයද ලබන අප්‍රේල් මාසයේ සිට ඉවත් කෙරේ.
LNG සහ ගල්අඟුරු බලාගාර තුළින් විදුලි බල උත්පාදනය කිරීමට අවම වශයෙන් අවුරුදු 3ක කාලයක්වත් ගතවන නිසා, එතෙක් අඩුපාඩුව පිරවීම සඳහා තාවකාලික පිළියම් හඳුන්වා දීමට සිදුවනු ඇතැයිද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක සඳහන් වේ.
මේ වන විට කොරෝනා රෝගය මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය දත්ත ලබා දීමේ ප්‍රමාදයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය පුකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියා. ඉතාමත් වැදගත් තාක්ෂණික කටයුත්තක් වන මෙම සිතියම් ගත කිරීම සහ නිවැරදි දත්ත නිසියාකාරව ලබා දීමක් සිදු නොවුනහොත් කොරෝනා රෝගය මැඩ පැවැත්වීම තවදුරටත් දුෂ්කර කාර්යයක් වන බව ඔහු අවධාරණය කර සිටියා.මේ සම්බන්ධයෙන් ඔහු ඍජුව චෝදනා එල්ල කරන්නේ කොළඔ ප්‍රාදේශීය වෛද්‍ය වරයා වෙත. කොළඔ ප්‍රාදේශීය වෛද්‍ය වරයා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට නිසි සහයෝගය ලබා දෙනවා වෙනුවට ඔවුන් අධ්‍යෛර්යමත් කිරීමට කටයුතු කරන බවත් මෙය කොරෝනා ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා රජය ගෙන යන වැඩ පිලිවෙලට පටහැනි බවත් ඔහු පෙන්වා දෙනවා .
2021 රජයේ අයවැය දෙවන වර කියවීම ජන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.සජීව විකාශය
ඒ්ශියන් මිරර් වෙබි අබවිය ඔස්සේ සහ ඒශියන් මිරර් යූ ටියුබ් චැනලය ඔස්සේ බලාපොරොත්තු වන්න
ලබන ජනවාරි මාසයේදී දැවැන්ත කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලයේ තිබෙන ඉතුරු පුරප්පාඩු කිහිපයද සම්පූර්ණ කරමින් වර්තමානයේ කැබිනට් අමාත්‍යධුර දරණ ඇතැමුන්ගේ විෂයයන් සංශෝධනය වෙමින් මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවන බව දැනගන්නට තිබේ.
මේ වන විට රාජ්‍ය ඇමතිවරුන්ටත් පිටුපසින් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටින කුරුණෑගල, නුවරඑළිය හා කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරන ජේෂ්ඨතම මන්ත්‍රීවරුන් තිදෙනකුට කැබිනට් මණ්ඩල අමාත්‍යධුර ලැබීමට නියමිත බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
තමාට දිගටම පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගැනීමට සිදුවනවා දැයි කුරුණෑගල දිස්ත්‍රික් නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ නෑ ඔබ ලඟදීම ඉදිරිපෙලට පැමිනෙන බව ය.
බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයත් සමග මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වීමට නියමිත අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතාට ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයට අමතරව අග්‍රාමාත්‍යවරයා යටතේ තිබෙන ප්‍රබල අමාත්‍යාංශයක වගකීමද හිමිවීමට ඉඩකඩ ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
තමුන්නාන්සේ හොඳ මන්ත්‍රීවරයෙක්, හොඳ අනාගතයක් තියෙනවා. ඒ නිසා අලුත් පක්ෂයේ ඊළඟ නායකයා වෙන්න කියා තමා ප්‍රර්ථනා කරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟි ජනබලවේග මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අමතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිංහරාජයේ කල සංචාරය පිලිබඳ කරුණු විමසු අවස්ථාවේදීය.
බුද්ධික පතිරණ මහතා දක්ෂයෙකු බැවින් වැඩිපුරම ප්‍රශ්න අහන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්විය.
අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වෙයි. අද සිට ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වේ.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිත ය.
සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් සඳහන් කළේ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වෛද්ය අනිල් ජාසිංහ මහතාට උසස්වීමක් ලබා දුන් බවයි.
“දැන් රට වහන්න ඕනේ නැහැ - 2023 වෙනකන් කොවිඩ් එක්ක ඉන්න වෙයි“ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
“දුරකථන, ටැබ්, ඩේටා ලබා දෙන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ“ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
මේ වන විට නිවෙස්වලට වී සිටින පාසල් දරු දැරියන්ට රූපවාහිනි හා අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබා දීමේදී නිදහස් අධ්‍යාපනයෙන් සමතුලිතතාවය බිඳ වැටි තිබෙන බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පැවසීය.
තම ආණ්ඩුව යටතේ හිස් කල මහනුවර නගර මධ්‍යයේ තිබෙන බෝගම්බර හිරගෙදර භුමිය මේ වන විට කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යාම මහනුවර පිපිරීමට සුදානම් කර තිබෙන කාල බෝම්බයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසීය.
“අපි ඉන්නේ අයි.සී.යූ එකේ නෙවෙයි කියලා අජිත් නිවාඩ් කබ්රාල් කියනවා.. ඒක බොරුවක්“ - සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කළේය.
“ජනතාවට එකම විකල්පයයි. ඒ සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ජනතාවට සෙත සැලසීමය“ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවසීය.
“මම සතුටු වෙනවා හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාගේ කතාවෙන් පසු මට කතා කරන්න ලැබීම ගැන. එතුමාගේ කතාවේදී එතුමා එතුමාටම බැන ගත්තා“ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විවාදයට එක්වෙමින් පැවසීය.
"අපි ඔක්කොම අතේ තියෙන මුදල කියද දන්නවද? - රුපියල් මිලියන 677000" අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
"කොවිඩ් 19ට බෙහෙත් දෙයක් හොයාගෙන තියෙනවා - දැන්ම එය ඇනවුම් කළ යුතුයි" පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
"අද රට ගමන් කරන්නේ සෞභාග්‍යයේ වැඩ බිමට නොව අභාග්‍යයේ මුඩු බිමටයි" පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තුව සුළු මොහොතකට කල් තැබිණි.
දිවා භෝජන විවේකයෙන් පසු පාර්ලිමේන්තුව යළි රැස්වෙයි
“හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ඉතා වටිනා අදහස් කිහිපයක් ඉදිරිපත් කළා. එතුමා පළකල අදහස් ක්‍රියාවට නංවන්න බැරිවුණේ ඇයි. චම්පික රණවක මන්ත්රීතුමාත් දක්ෂ කථිකයෙක් අලුත් අදහස් තියෙන කෙනෙක්. චම්පික මන්ත්‍රීතුමාගේ කතාව තුළ දැක්කේ වසර හතරහමාරක් තුළ එතුමා අසමත් වුණේ ඇයි? “ යනුවෙන් විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
“කියන දේ ලියන දේ වෙන දේ අතර කොච්චර වෙනසක් තියෙනවාද. සංඛ්‍යා ලේඛන විජ්ජාවෙන් නොව ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි. කොවිඩ් තුලින් පෙන්න තියෙන දේ තමා ධනවාද ක්රමයේ අර්බුදය ගැන.“ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
“තමන් ඇමැති කලේ ආරම්භ කල යුනිවර්සිටි කොලේජ් ආයතන විශ්වවිද්‍යාල නගර සංකල්පය යටතේ ස්ථාපිත කල හැකියි. අධ්‍යාපනයට මීට වඩා අවධානය යොමු කල යුතුයි.“ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පැවසීය.
“තමන්ගේ හිත මිතුරන්ට බදු සහන දෙන්න. කළු සල්ලි සුදු කරන්න බදු සහන දෙන්න යෝජනා තියෙනවා. 2024වන විට ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලයේ අවසන් වන විට එක් පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 10ක් විය හැකියි. මෙතන ඉන්න හුඟක් අය ඇප පිට ඉන්න ඕන අය. අපේ කාලේ හරි හැටි තීන්දු තීරණ ගත්තේ නැතිකම අපි වගකීම බාර ගන්නවා.“ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.
"විපක්ෂයේ අයගේ ඔය කට රනිල් වික්‍රමසිංහ ඉස්සරහා තිබ්බා නම් අදත් ආණ්ඩුවක ඉන්නවා" - පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසිය.
"ජනාධිපතිවරයා පාස්,සින්නදොරෙයි සජිත් ප්‍රේමදාස ෆේල්" පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසිය.
"මේ අයවැය එහෙන් මෙහෙන් කෑලි දාලා අටවපු එකක්" සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා පැවසිය.
“පසුගිය දූෂිත ආණ්ඩුව විසින් විනාශ කරලා කුඩු පට්ටම් කරලා දාපු ආර්ථිකයක් මැද තමා අපි අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේ. රටේ ලෙඩේ තියෙනවා රට සාමාන්‍ය පරිදි වැඩ කරනවා. රට වහන්න ඕන තැන වහනවා. අරින්න ඕන තැන අරිනවා.“ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
“ආණ්ඩුව අසමත් කියන එක සමාජගත කළා. ගෝඨා ෆේල් කියලා. ගෝඨා ෆේල් නෑ ගෝඨා පාස් කියලා ජනතාව ඔප්පු කරලා තියෙනවා. හවුස් මෙට්ලා 10 දෙනෙක් යවනවා වෙනුවට නාවිකයන් එක්කෙනෙකු යවලාඅපිට පුළුවන් අපේ රටේ අවශ්‍යතාවය ඉටු කරන්න“ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසූවේ“ ජනතාවගේ බදු මුදල් මංකොල්ලා කාපු හොරු අල්ලනවා කියලා තමා ආවේ. දැන් අවුරුද්දක් ගතවෙලා තියෙනවා. මේ රටේ ජනතාව රවටලා අපිට දීපු බලය තුල අපිට ඕන එකක් කරනවා කියන පණිවිඩය ජනතාවට දීපු අයවැයක්“
“බොහෝ ඉදිරිපත් කිරීම් ඇතුලේ තිබුණේ හුදු ආවේග සහ හුදු තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට සමාජය විසින් තමන්ව බැහැර කරපු එකට විරුද්ධව කරපු ප්‍රකාශ තමයි“ යැයි මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේය.
“මේ අයවැය ලේඛනය දිහා බලන්න අයත් නෑ වැයත් නෑ ණය පමණයි. අය කරගන්න විදිහක් නෑ. ගජ මිතුරන් ආරක්ෂා කරගනිමින් ජාවාරම්කාරයන්ට මුල්තැන දීලා තියෙනවා.“ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
"සියලු ශක්ති විභවයන්ට නව උත්තේජනයක් දෙන්න තමයි මේ අයවැය හැදුවේ" පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසිය.
"අයවැය ඉදිරි වසර තුල සමාජය හා ජනතාව අතර කර ගන්නා වූ සම්මුතියේ ප්රකාශනයක්." පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා පැවසිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමාට මහත් අසාධාරණයක් වෙලා තියෙනවා. එනිසා අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන ඔබතුමා සිතා බලලා හැකි ඉක්මනින් අසරණ වෙලා ඉන්න දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමාට ජනාධිපති සමාව දෙන්න. අවුරුද්දක් පිරෙන මේ මොහොතේ අපි ඉල්ලා සිටිනවා“ යනුවෙනි.
පාර්ලිමේන්තුව හෙට දින (19) 9.30 දක්වා කල් තැබීමට යෝජනා කෙරිණි.
වැඩිදුර තොරතුරු බලන්න පහත සැබැදියට පිවිසෙන්න
20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුවක් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 9 දෙනා අතුරින් මුස්ලිම් මන්ත්‍රීවරුන් 7දෙනා හැර අන් දෙදෙනාට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට තීරණය කොට තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව එම පියවර ගත් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි පවසයි.
ඒ අනුව සමඟි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මහත්මියට හා එම පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ අරවින්ද් කුමාර් මහතාට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවෙයි.
මින් අරවින්ද කුමාර් මහතා නියෝජනය කරන්නේ මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන දෙමල ප්රගතිශීලී පෙරමුණ වන අතර ඔහුව එම පෙරමුණෙන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. ඩයනා ගමගේ මහත්මියද සමගි ජන බලවේගයේ ඉවත්කළ බව මිට ටික දිනකට පෙර එම පක්ෂය ප්‍රකාශ කරන ලදී.
එහෙත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දීමට සමගි ජනබලවේගය ගත් තීරණයට එරෙහිව යමින් ආණ්ඩුවක් සමග ඡන්දය දුන් ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික්, නසිර් අහමඩ්, ඒ.ඒ.එස්.එම් රහීම්, එම්.එම්.එම්.මුෂාරෆ් යන මන්ත්‍රීවරුන් 7 දෙනාට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
ඔවුන් හත්දෙනා අයත් වන්නේ රවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හා රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට ය.
එම හත්දෙනාව ද සිය පක්ෂ වලින් නෙරපන ලෙස රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ට සමගි ජන බලවේගයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වුවද තාමත් ඒ සම්බන්ධයෙන් එම පක්ෂ පියවරක් ගෙන නොමැත.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දුන් මෙම මන්ත්‍රීවරුන් පිරිස සමඟි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කර ඇති බැවින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ වෙනම ආසන පනවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් මීට සති තුනකට පමණ පෙර ලිඛිතව ඉල්ලීමක් කරන ලදී.
ඒ සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් කිහිප වතාවක්ම විමසූ අතර ඊට ප්‍රතිචාර ලෙස කතානායකවරයා "හා බලන්නං" යන්න පමණක් ප්‍රකාශ කර තිබුණි. මේ නිසා මේ කාරණය ගැන අද (17) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී යළිත් විමසීමට තමා සූදානමින් සිටින බව කිරිඇල්ල මහතා වෙත ඊයේ (16) ඒෂියන් මිරර් වෙත සඳහන් කරන ලදී.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් හත් දෙනාගේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව ආණ්ඩුවට ජනතාවගේ යම් අප්‍රසාදයක් ද එල්ල වී තිබුණි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කඩිමුඩියේ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව අමාත්‍ය සී බී රත්නායක මහතා පවසයි.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට, පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු ලිපියකට අත්සන් තබා තිබිණි.
රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වය රටට ලබාදීම සදහාත්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය යැයි තමන් විශ්වාස කරන බව අදාළ මන්ත්‍රීවරුන් පිරිස යොමු කළ ලිපියේ දක්වා තිබිණි.
මේ අතර ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසි ආර්ථික සංවර්ධන ඇමැති කම බාර ගන්නැයි ආරාධනා කරන බවයි.
එහි සභාපති මහින්ද කහඳගම මහතා පවසන්නේ ඒ සඳහා තම සම්මේලනය පූර්ණ එකඟත්වය පළ කරන බවයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් විශ්‍රාමගත් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.
මේ හැර ස්වාධීන කොමිෂන් සභා ගණනාවක සභාපති ධුර සඳහා සුදුස්සන් ගණනාවක් රජය විසින් තෝරාගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මියද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැඳි, රාජ්‍ය මුදල් කොමිසමේ සභාපති ධුරයට හිටපු කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට නීතිඥ නිමල් පුංචිහේවා, මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට හිටපු ආණ්ඩුකාරවරයකු වන ආචාර්ය ජගත් බාලසූරිය යන මහත්වරුන් පත්කෙරෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පත්වීම් අද හෙටම සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.