April 25, 2024
Main

Main (651)

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හෙතෙම මේ බව ඊයේ (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත.

තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබේ.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද පවසා ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයිද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

ඉදිරි දින කිහිපය තුළ නව අමාත්‍යවරුන් කිහිපදෙනකු ඉල්ලා අස්වීමට නියමිත බව ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ පළමු පියවර ලෙස විදේශ රැකියා හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ මනුෂ නානායක්කාර මහතා  සීය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඉදිරියේදී තව පිරිසක් එයට එකතු වන බව බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මේ මොහොතේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙති.

ඒ අනුව මේ මොහොතේ දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් පහත පරිදි වේ.

1. දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය

2. දයාසිරි ජයසේකර මහතා – වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

3. පියසේන ගමගේ මහතා – තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

4. ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

5. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

6. මොහාන් ලාල් ග්‍රේරු මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

7. ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය – පළාත් සභා හා පළාන් පාලන, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය

8. අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

9. ඉන්දික බණ්ඩාරනායක මහතා – නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

10. මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

11. සාරතී දුෂ්මන්ත මහතා – අධිකරණ හා බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය

12. නිශාන්ත මුතුහෙට්ටිගම මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

13. කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය

14. රාජ්‍ය ආරක්ෂක හා නීතිය හා සාමය, තරුණ කටයුතු අමාත්‍ය ධූර ජනපති යටතට

නව රජයේ කැබිනට් මණ්ඩලය මේ වන විට දිවුරුම් දෙමින් තිබේ.

ජනපති ලේකම් කාර්යාලයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවෙමින් තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හතා  - මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය

නිමල් සිරිපාල හතා- ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය

ආචාර්ය සරත් අමුණුගම හතා - විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය

මහින්ද සමරසිංහ මහතා - වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය 

මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍ය 

විජේදාස රාජපක්ෂ මහතා -  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍ය 

විජිත් විජේමුණි සොයිසා මහතා - ධිවර, ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය 

ෆයිසර් මුස්තාපා මහතා - පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය

ඩග්ලස් දේවානන්දා මහතා - නැවත පදිංචි කිරීම්, පුනුරුත්තාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය

අරුමුගම් තොණ්ඩමන් මහතා - උඩරට නවගම්මාන සහ යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය 

වසන්ත සේනානායක මහතා - සංචාරක සහ වනජීවි කටයුතු පිළිබඳ අමාත්‍ය 

වඩිවේල් සුරේෂ් මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය 

ආනන්ද අලුත්ගමගේ මහතා - සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය 

Image may contain: 4 people, people smiling, people sitting, people standing and indoorImage may contain: 4 people, people smiling, people sitting, people standing and indoor

Image may contain: 5 people, people sitting, people standing and indoor

Image may contain: 3 people, people sitting, people standing and indoor

Image may contain: 5 people, people smiling, people sitting, people standing and indoor

Image may contain: 3 people, people standing and indoor

Image may contain: 6 people, people sitting and indoor

Image may contain: 6 people, people standing and indoor

Image may contain: 2 people, people sitting, people standing, wedding and indoor

Image may contain: 4 people, people smiling, people sitting, people standing and indoor

Image may contain: 5 people, people sitting, people standing, indoor and food

Image may contain: 4 people, people smiling, people standing, people sitting and indoor

එජනිස නායක, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීමක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එම සාකච්ඡාවට ශ්‍රීලනිපයේ ප්‍රබලයින් ඇතුළු සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනාත්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සහ නව ආණ්ඩුවට එක්වීමට නියමිත එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුත් සහභාගී වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා පවතින් තත්ත්වය සහ රජයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව දීර්ඝව කරුණු පැහැදිලි කර ඇති අතර නව කැබිනට් මණ්ඩලය පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසී ය.

එම සාකච්ඡාවේ පළමු වටය ජනාධිපති කාර්යාලයේ උඩු මහලේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 24 දෙනා අතර පවත්වා ඇති අතර පසුව සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනාත් එජාපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනාත් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ පහළ මහලේ පවත්වා තිබේ.

විශේෂයෙන්ම එම සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති නව ආණ්ඩුවට එක්වීමට නියමිත ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ එජාපයේ මන්ත්‍රීවැරු කිහිපදෙනෙකු එක්ව තිබේ.

එම සාකච්ඡාවේ ප්‍රධානත්වය ගෙන ඇත්තේ සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන අතර අගමැතිවරයා සහ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු වන නිමල් සිරිපාල මහතාද එම සාකච්ඡාවේ ප්‍රධාන වේදිකාවේ මුලසුන ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා මිට ස්වල්ප මොහොතකට පෙර අග්‍රාමත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බව වැඩිදුරටත් සඳහන් වේ.

විශේෂ ආරක්ෂාවක් සහිතව මෙම දිවුරුම් දීම සිදු වී ඇති බව  වැඩිදුරටත් වාර්තා වේ.

එම වීඩියෝව පහතින්

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරලීමේ කුමන්ත්‍රණයේ නාලක ද සිල්වා මහතා සමඟ පිටුපස සිටින්නේ සරත් ෆොන්සේකා මහතා බව තමා දන්නා බව දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.

නමුත් ඒ පිළිබඳ හරි හැටි ඔප්පු කිරීම සඳහා සාක්කි නොමැති නිසා තමා නිහඬව සිටින බවද අම්පාර මහඔය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්ස්කා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ දේශපාලනික වශයෙන් කිට්ටු සබඳතා පැවැත්වු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රහස් ප්‍රකාශයක් ලබා දී ඇති බවත් ඒ ගැන සරත් ෆොන්සේකා මහතා නොදන්නා බවත් ඒ ගැන නොදන්නා ෆොන්සේකා මහතා මේ දිනවල නිකුත් කරන ප්‍රකාශවලින් ඒ සබඳතා පිළිබඳ සැබෑ ලෙස පිළිඹිඹු වන බවත් නාමල් කුමාර මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව සරත් ෆොන්සේකා මහතා තමාගෙන් විමසීමක් කළහොත් ඊට පිළිතුරු නොදෙන බවත් ජනාධිපතිවරයා තමාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළහොත් පමණක් ඊට පිළිතුරු දෙන බවත් පැවසූ නාමල් කුමාර මහතා එසේ නොමැතිව සාක්කි නොමැති දේවල් පවසා තමා සිරගත වීමට සුදානම් නොමැති බවද පැවසීය.

තුෂාර පීරිස් නැමැත්තා ප්‍රංශයේ සිට ලංකාවට ආයුධ ගෙන්වමින් රාජ්‍ය විරෝධි ක්‍රියාවක නිරත වීමට යන බව තමා පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් පසු ඒ වෙනුවෙන් පොලිස්පතිවරයා විසින් තමාට නාලක ද සිල්වා හඳුන්වා දුන් බවත් පසුව නාලක සිල්වා මහතා එම සිදුවිම් සඳහා තමා භාවිත කිරීමට උත්සාහ කළ බවත් ඔහු වැඩි දුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින්,

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු නොදෙන බවට ඊයේ (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිය යුතු බවට යෝජනාවත් කැබිනට් මණ්ඩලය ඉදිරිපත්ව ඇති අතර ජනාධිපතිවරයා ඊට විරෝධය පළකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රවර්ධනය කළයුතු බවට වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර ඇති අතර අගමැතිවරයාත්, මලික් සමරවික්‍රම ඇමැතිවරයාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉන්දියාවට බදුදීමට සාකච්ඡා කර ඇතැයි ප්‍රකාශ කර තිබේ.

තමන් නුදුරු දිනකදී සිදු කිරීමට නියමිත ඉන්දීය නිල සංචාරයෙන් පසුව කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ඉල්ලීමක්ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.

එහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ හම්බන්තොට වරාය චීනයට දී තිබියදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දුනහොත් හදිස්සියකට නැවක් ගෙන්වා ගැනීමටවත් වරායක් නැති බවයි.

එබැවින් තමා මේ වරාය බදුදීමේ යෝජනාවට අකමැති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තාවේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යාම වැදගත් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

රජයේ ආයෝජන සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා අප්‍රසාදය පළ කර ඇත. ‘කුරුණෑගලින් අක්කර 400ක් කර්මාන්ත ශාලාවකට කියමින් ගත්තද කරපු දෙයක් නොමැති බවත් හොරණ ආයෝජන කලාපයකට රබර් වගා බිමක් ගත්තත් ඒ සියල්ලෙන් සිදු කළේ ගස් කැපීම පමණක්' බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ තත්ත්වය මත කැබිනට් මණ්ඩලයේ මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පූජිත් ජයසුන්දර මහතා මේ සතියේදී පොලිස්පති ධූරයෙන් ඉවත්වීමට නියමිත බවද පැවසේ.
 
ඉකුත් කාල සීමාව තුළදී සමාජයේ අන්දෝලනාත්මක කතාබහට ලක්වූ පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුම් දී තිබේ.
 
පූජිත් ජයසුන්දර මහතා ඉවත් වීමෙන් පුරප්පාඩුවන පොලිස්පති ධූරයට මධ්‍යම සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ පොලිස් පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ නියෝජිතයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර කතානායක, අගමැති සහ විපක්ෂ නායක ඊට නිල බලයෙන් පත්වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමැති මහින්ද සමරසිංහ මහතා මීට පෙර පත් කර තිබිණි.

අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කල යුතු අතර එසේ පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය ජයන්ත ධනපාල, සෞදි ආරාබියේ හිටපු ශ්‍රී ලංකා තානාපති නීතිඥ ජාවෙඩ් ජුසුප් සහ කොළඹ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් නම් කර තිබේ.

ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියද පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙත් පක්ෂ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාද නම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන සමාජිකයින්ගේ නම් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යැවිය යුතු අතර ජනාධිපතිවරයා විසින් පත්වීම් කරනු ලැබේ.