April 26, 2024
Main

Main (651)

  • පාර්ලිමේන්තුව නැවතත් හෙට (30) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.
  • අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබිණි. විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 123කින් සම්මත කළ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
  • අගමැති වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායකවාරයා නිවේදනය කළේය.
  •  අගමැති වැය ශීර්ෂය යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීම ඇරැඹෙයි.
  • රාජිත සේනාරත්න  මහතා - "කවුද හරි කවුද වැරදි කියන දේ නෙමෙයි මේ වෙලාවේ කල්පනා කළ යුත්තේ. කුමක්ද හරි කියන එකයි අපි කල්පනා කළ යුත්තේ. අපේ අරගලය ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ගිහින් තිබෙනවා. ඉදිරියේ හැම දවසක්ම අපේ ජයග්‍රණයේත් ජයග්‍රහණය අත්වෙන දවසක්. අනිත් හැමෝම වර්ජනය කරනකොට තනිපංගලමේ ඇවිත් කියනවා නම් උඹලාගේ අයිතිය රකින්න උදව් කරනවා කියලා. මං එය පිළිගන්නවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ඉෂ්ඨ දේවතාවා කියලා කතානායකතුමනි, ඔබතුමාගේ නම ඉතිහාසයේ ලියැවෙනවා.  විජේදාස මහතා යෝජනා කළ ඉල්ලීම ජනාධිපති සමඟ කතා කරලා ජනාධිපතිතුමා ලෑස්තිනම් අපි ලෑස්තියි සාමයෙන් බේරා ගන්න. ජනාධිපතිතුමා ඊට එකඟ නැතිනම් අපි ලෑස්තියි ජයග්‍රහණය වෙනකම් අරගල කරන්න."
  • අතුරලියේ රතන හිමි - "පාර්ලිමේන්තුවෙත් රටෙත් යම් ව්‍යාකූලත්වයක් තිබෙන අවස්ථාවක මට කතා කරන්න දීම ගැන ස්තුතිවන්ත වෙනවා. පසුගිය රජය පරාජය කරන්න මා කළ දෑ ගැන ගරුත්වයක් ඇතැයි හිතනවා. එජාපය සමඟ එකතු වෙලා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන්න අපි ලොකු කැපකිරීමක් කළා.  එදා පහුගිය ආණ්ඩු කාලයේ මුළු කොළඹම කැසිනෝපුරයක් කරන්න යෝජනාවක් ආපු වෙලාවේ ආණ්ඩුවේ ඉඳන් ඊට විරුද්ධව ඡන්දය දුන්නේ මම විතරයි. අදත් මම මගේ හෘද සාක්කිය රට වෙනුවෙන් ප්‍රකාශ කරනවා. මේ ඇතිවී ඇති ව්‍යාකූලත්වය වෙනුවෙන් ජනාධිපතිට බැන වැදීමෙන් විසඳා ගන්න බෑ. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර සමමිතිකත්වයක් නැති තැන ව්‍යාකූලත්වයක් නිර්මාණය කරනවා.  එදා 2004දි පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ විධායක ජනාධිපතිට බලතල අනුවයි. ඊට පෙර ඒ බලය අයින් කරන්න යෝජනාවක් ආපුවම අධිකරණයට ගිය විට ජනමත විචාරණයක් නැතිව එම බලය අයින් කරන්න බෑ කියා තින්දුවක් ආවා. ඡන්ද ක්‍රමය වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවය අපි දැක්කා. 2004දි අපි පාර්ලිමේන්තුවට එනකොට මේ රට ත්‍රස්තවාදයෙන් වෙලී ගිය රටක්. එදා ආණ්ඩුවට බහුතරයක් තිබ්බේ නෑ. අපි දිවුරුම් දෙද්දි අපේ මන්ත්‍රීවරුන්ට පහරකෑමට ලක් වුණා."

"අපි විශාල බලයක් හදලා ත්‍රස්තවාදය පරාජය කරන්න ඒ ආණ්ඩුවට සහාය දුන්නා.දැන් මේ ව්‍යාකූලත්වය ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.පළමුවෙන්ම අපි අත්සන් කළා සිංගප්පූරු ගිවිසුම. එය වෙළඳ සංගම් එක්ක කතා කරලා කළ යුතුව තිබුණා. දේශිය සංගම් රැසක් එම ගිවිසුමට විරුද්ධ වුණා. මමත් අගමැතිතුමා හමුවෙලා කිව්වා අපි මුලින්ම ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදමු කියලා. අපි විධිමත් සාකච්ඡාවකින් එවැනි ප්‍රතිපත්තියක් සකස් කළේ නෑ. සිංගප්පූරු අපද්‍රව්‍ය පවා ලංකාවට ගෙනත් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන්වලට අවසර දුන්නා. මේ තීරණය ගත්තට පස්සේ චීනෙදි මොකද වුණේ? ඒ තීරණයට චීනය එරෙහි වුණා. ජීවමය දේවල් තැනින් තැනට ගෙනියද්දි ඇතිවන ප්‍රශ්න ගැන බරපතල විදියේ නීති සම්මත වෙන තත්ත්වයක තියෙන්නේ. පරිස නීති ශක්තිමත් නෑ. පරිසර නීතිය අලුත් පරිසර නීති එක්ක සම්මත කළ යුතුව තිබුණා. රජයේ ඉඩම් පිළිබඳව ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. වතු කම්කරුවන් අද වහල් සේවයේ ඉන්නේ.  කඳුකරයේ තේ ඉඩම් විකුණන්න එපා කියලා මම යෝජනාවක් කළා. විධායක ජනාධිපතිතුමා මේවයෙදි ඔහුගේ බලය පාවිච්චි කළේ නෑ. හම්බන්තොට වරාය ගැන  කතා කළා. හම්බන්තොට වරාය අපට අහිමි වුණා. ඒ නිසා අපට අවශ්‍ය වුණේ මේ තත්ත්වය නතර කරන්නයි."

  •  බිමල් රත්නායක මහතා -"හිටපු ජනාධිපතිවරයකු ලෙස දැන දැනයි මේ නීති විරෝධී දේ කරන්නේ. ඔක්තෝබර 26 සිට අද දක්වා රාජ්‍ය මුදල් අවභාවිතා කරනවා. අද සිට නීති විරෝධී අගමැතිගේ සහ ඇමැතිවරුන්ගේ මුදල් කප්පාදු කරන්න අපි සහාය දෙනවා. මේවා ශ්‍රීලනිපයේ හෝ පොදුජන පෙරමුණේ තනතුරු නෙමෙයි. මේවා මේ රටේ තනතුරු. මේ රටේ තනතුරු තමයි මන්ත්‍රී කණ්ඩායමක් දැන දැන අවභාවිතා කරන්නේ.දැන දැන වැරදි කරන එක භයානකයි. මේ තක්කඩි ආණ්ඩුව මෙය අල්ලන් ඉන්නේ කිසිම බලයකින් නෙමෙයි. අපි එදා ඉඳන් කිව්වා මෙය අපි පරද්දන බව. මෙය ව්‍යවස්ථාදායකයේ පැරදිලා තිබෙනවා. ලෝකයේ රටවල්වල පරාජය වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ මිත්‍රශීලී රට ස්වාසිලන්තයත් මෙය පිළිඅරගෙන නෑ. මාලදිවයිනවත් පිළිඅරගෙන නෑ. අධිකරණය තුලත් යම් තරමක් පැරදිලා තිබෙනවා. ජනතාව අතරත් පැරදිලා තිබෙනවා.  අද මේ ඇමැති ධුර දරන්නේ මහින්දලා හදපු මෛත්‍රීපාල සිරිසේන එක්ක බිස්නස් කරන කළු මාධ්‍යජාලයක් හරහායි.
  • "දැනුත් කෙටිපණිවිඩය එන්නේ ඇමැතිවරු කියලා. එහෙට මෙහෙට පැන්න සහ පනින්න ඉන්න අය මත නෙමෙයි මේ ආණ්ඩුව දුවන්නේ. කළු මාධ්‍යජාලයක හයියෙන්.  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විධායක බලතල රට වෙනුවෙන් පාවිච්චි කළේ නෑ. පාවිච්චි කළේ මොනවටද? ශ්‍රීලංකන් කජු කන්න බෑ කියලා කජුකාරයා එළවන්න පාවිච්චි කළා. දුරකතන ඇමතුමකට ප්‍රතිචාර නෑ කියලා තානාපතිවරියගේ ඉඳන් රියදුරු වෙනකම් ගෙන්වන්න පාවිච්චි කළා. දරුවන් පැහැර ගත්ත සිද්ධියකට අත්අඩංගුවට ගන්න හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙක්සිකෝ යවන්න බලතල පාවිච්චි කළා. අල්ලස් අධ්‍යක්ෂ ජනරාල්වරිය අයින් කරන්න බලතල පාවිච්චි කළා. අද මන්ත්‍රීවරු උදේ පනිනවා හවස පනිනවා. ඊට වඩා පනින්න එක්කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා. එයාලගේ සීයලා ගැන්ගරුද කියලා හොයලා බලන්න ඕනා. අපි මිනිස්සුන්ට ගරු කරනවා. දේශපාලන අදහස් කුමක් වුණත් අපි ගරු කරනවා. එහෙට මෙහෙට පනින තමන්ගේ වැරදි නිවැරදි කරගන්න ඉන්න අය මේ පහුගිය මාසයේ වූ ඩැමේජ්එකට මොකද කරන්නේ? ජනාධිපතිවරයා වැරදි නිවැරදි කරගෙන ජාතියෙන් සමාව ගත යුතුයි."
  • රවුෆ් හකීම් මහතා - "විජයදාස රාජපක්ෂ මහතා කළ කතාව ගැන යම් යම් පැහැදිලි කිරීම් කළ යුතුයි. ඔහු නීතිඥවරයකු විදියට දන්නවා ඇති ලංකාවේ ආයතන කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර බලතල සමතුලිතව තබා ගැනීමයි පුරවැසියන්ගේ වගකීම. එක් එක් ආයතන අනිත් ආයතනයේ බලය අතික්‍රමණය කළේ නැතිනම් මේ ගැටලු එන්නේ නෑ.19 සංශෝධනයෙන් වුණේ විධායක ජනාධිපතිගේ බලතල සීමා කිරීමයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත් කරන්න ජනාධිපතිවරයා ගත් තීරණය වලංගු නෑ. එයත් දැන් අධිකරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා හැම වෙලාවෙම ජනතාවගේ තීරණයට ගරු කරපු කෙනෙක්. විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූල නොවන ලෙසයි අගමැති ඉවත් කළේය. අපේ තර්කය වන්නේ වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයේ දිගටම සිටිය හැකියි කියායි."

    "මේ වගේ අසීරු තත්ත්වයන්ට මුහුණ දුන් පළවෙනි කතානායක ඔබතුමා නෙමෙයි. 17 වැනි සංශෝධනයෙන් පස්සෙත් මේ වගේ යම් යම් ව්‍යාකූලතා ඇති වුණා. මේ ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාව තිබෙනවා. නමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් බලය අවභාවිතා කරන්නේ කවුද කියලා අපිට මුලින් බලා ගන්න ඕනා. එය අධිකරණයෙන් බලා ගන්න ඕනා. ඒකයි මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරනයේ මැදිහත්වීම බලාපොරොත්තු වුණේ. අධිකරණය ඒ බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව හරහා. ඒ නිසා ජනාධිපතිවරයා බලය අයුතු ලෙස භාවිතා කරද්දි අපිට අත්දෙක බැඳන් නිකං ඉන්න බෑ. ගැටලු නිරාකරණය කර ගන්න අපි ලෑස්තියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයා විදියට කතානායකතුමා ඔබතුමා මැදිහත් වෙනවා නම් මේ ප්‍රශ්නය විසඳන්න අපි අපේ සහයෝගය දෙනවා. පහුගිය දින 30ම මේ රටේ ආණ්ඩුවක් නෑ. නීති විරෝධී ආණ්ඩුවක් තමයි තියෙන්නේ. ඔවුන් ජනතාවට තමන්ගේ පස්සා පැත්ත හරවලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාත් දන්නවා ඇති පසුගිය කාලේ එතුමා කරපු දේවල් වැරදි බව. 1970 ගණන්වල ඉඳන් මේ සභාව නියෝජනය කළ දෙදෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හොඳින් දන්නවා."

  • අනුර කුමාර දිසානායක මහතා - "අර්බුද සාකච්ඡාමය විසඳා ගැනීම වෙනුවෙන් සුබවාදී බලාපොරොත්තු වෙනවා. ඇතිවන අර්බුද තව තව දිග්ගැස්සෙනවට කවුරුත් කැමති නැතිව ඇති. හැබැයි ප්‍රශ්න තේරුම් ගත යුත්තේ ඕපාපාතිකව ඇතිවූ ප්‍රශ්නයක් විදියට නෙමෙයි. හිතාමතා කුමන්ත්‍රණකාරී ලෙස කරන ලද අර්බුදයක් නම් කොහොමද එකඟතා ඇති කරගන්නේ? එය විසදා ගැනීමේ රාමුව මොකක්ද? අපි කැමති වුණත් නැතත් අපි යටත් වන නීතියක් තිබෙනවා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එහි අනිටු ප්‍රතිවිපාක ගැන සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ ගැන විශාල සංවාදයක් කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි. 17 සංශෝධනය සහ 19 ගෙන එද්දි අපි යම් සාධනීය මැදිහත්වීමක් කළා. එකඟ වෙන හා නොවන කරුනු මෙහි තිබෙනවා. ජනාධිපතිගේ සිට සියලු පුරවැසියන් මේ ව්‍යවස්ථාවට යටත්. මේ ප්‍රශ්න විසඳීමේ මාර්ගෝපදේශය දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි.

    "ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්වයි. ව්‍යවස්ථාවක් තිබිය දී එම ව්‍යවස්ථාව කිසිසේත් සැලකිල්ලට ලක් නොකර හිතුවක්කාරී තක්කඩි උවමනාවන් වෙනුවෙන් ජනපති වැඩ කළා. අපි නම් ජනපති එක්ක කිසිම සාකච්ඡාවකට එකතු වෙන්නේ. සාකච්ඡා මේසයේ විසඳා ගත හැකි ප්‍රශ්න තිබෙන බව පිළිගන්නවා. මෙය එවැනි ප්‍රශ්නයක් නොවෙයි. මෙය කුමන්ත්‍රණයක්. ජනාධිපතිවරයාගේ සාක්ච්ඡා ගණනාවකට අපි ගිහින් දෙනවා. ඒ සාකච්ඡාවල සහතික වෙච්ච දේවල් ජනපති ඉටු කරලා නෑ. ඔහු සමඟ සාකච්ඡා ගැන අපිට කිසිම විශ්වාසයක් නෑ. ජනාධිපති ව්‍යවස්ථාවට යටත් කිරීමයි අපේ අරගලය. ජනාධිපති ව්‍යවස්ථාවට යටත් කිරීමට අපි පාර්ලිමේන්තුවේ වැඩ රාශියක් කළා. ආණ්ඩුවක් වැට්ටවීමට පාර්ලිමේන්තුවට අවස්ථා තුනක් තිබෙනවා. ඒ අනුව විශ්වාස භංගයක් සම්මත කරලා ආණ්ඩුව පරජයට පත් කළා. පසුගිය 14 වැනි දා සිදුවූයේ එයයි. එය පාර්ලිමේන්තුවේ කටයුත්තක්. ආණ්ඩුවක් නොමැති බව ඔබතුමා 15 වැනි දා ප්‍රකාශයට පත් කළා. ජනාධිපති තේරුම් ගත යුතුයි තමන්ගේ බලසීමාව ඇතුළේ කටයුතු කිරීම ගැන.විශ්වාස භංගය සම්මත වූ ආකාරය ගැන කිසිම ප්‍රශ්නයක් කරන්න ජනපතිට අයිතියක් නෑ. විශ්වාස භංගය ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරයක්. ව්‍යවස්ථාදායකය ඇතුළේ ආණ්ඩුව පරාජයට පත් වූ බව නිවේදනය කරලා තිබෙනවා. ව්‍යවස්ථාව අනුව ජනාධිපති කළ යුත්තේ නව ආණ්ඩුවක් පත් කිරීමයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කළ යුතු කටයුතු සිදු කිරීම ගැන මොනවද සාකච්ඡා කළ යුත්තේ? ඔහු හිතුවක්කාරී ලෙස හැසිරෙමින් තිබෙනවා. විශ්වාස භංග දෙකක් සම්මත කරලා තිබෙනවා. අද යෝජනාවේ අරමුණත් ව්‍යවස්ථාවට ජනපති යටත් කිරීමට. ජනාධිපති කටයුතු කළ යුත්තේ හිතට එන අදහස් අනුව නොවෙයි."

    "ව්‍යවස්ථාවට අනුවයි කටයුතු කළ යුත්තේ. ජනාධිපති ව්‍යවස්ථාව කඩමින් කටයුතු කරනවා නම් සාමාන්‍ය පුරවැසියන්ට නීති කඩන්න එපා කියන්නේ? මිනිස්සු සිවිල් නීති කඩනවා නම් ජනාධිපති කොහොමද ජනතාවට නීති කඩන්න එපා කියන්නේ?  ජනාධිපති දිගින් දිගටම ව්‍යවස්ථාව කඩනවා නම් ඔහුගේ තක්කඩි වැඩ  යළි යළිත් පාර්ලිමේන්තුවේදී පෙන්වා දිය යුතුයි.  අය වැය යෝජනාවකදි, වැය ශීර්ෂයයක්දි රුපියල් 10ක් කපන්න යෝජනාව ගේන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්. මේ යෝජනාවත් ඕනෑම මන්ත්‍රීවරයකුට ගේන්න පුලුවන්. මහින්ද රාජපක්ෂට හිමි විය යුත්තේ මේ මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද පමණයි. අගමැතිවරයකු ලෙස ඔහුට කිසිම වරප්‍රසාදයක් ලබන්න බෑ. සෙල්ලම් ගෙදරක අගමැති වුණාට කමක් නෑ ඔටුන්න ඔළුවේ දාගෙන. අගමැතිවරයකු නොවන කෙනෙක් මහජනතාවගේ භාණ්ඩාගාරයෙන් වියදම් කරනවා නම් ඒ වැය ශීර්ෂය කපන්න මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා.  අටවාගත් අගමැතිට පමණක් නෙමෙයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ බලතල නෑ. මේ යෝජනාව සම්මත වූ වහාම එජාපයත් අරලියගහ මැදුරෙන් යායුතුයි."

  • කතානායකවරයා - මේ සම්බන්ධයෙන් ඉතාම ඉක්මණින් මැදිහත් වී කටයුතු කරනවා.
  • විජේදාස රාජපක්ෂ මහතා  - "ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ මූලික වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.  යම් යම් වැරදි දේ නිසා අපේ රට අවුරුදු 30ක දරුණු යුද්ධයකට පැටලිලා පීඩාවට පත් වුණා. ඉන් පසු සියලු දෙනාට බලාපොරොත්තු දෙමින් තමයි 2015 අපි ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වේ. (ශ්‍රීලනිපයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පත් කිරීම ගැන කතා කරයි.) ජනපතිගේ ජයග්‍රහණයත් එක්ක මේ රට හොඳ පැත්තකට යයි කියලා හිතලයි ජනතාව ඡන්දය දුන්නේ.  එජාපයට 43ක් තිබිය දී පවා තුනෙන් දෙකෙන් 19 සම්මත කරන්න පුලුවන් වුණා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරයා සහයෝගය දුන්නා. විධායක ජනපති බලතලවල විශාල ප්‍රමාණයක් නිලයෙන් ඉවත් කරලා අමාත්‍ය මණ්ඩලයටත්, ව්‍යවස්ථා දායක සභාවටත්, ස්වාධීන කොමිෂන් සභාවලටත් බෙදා හරින්න අපට හැකියාව ලැබුණා. එම ව්‍යවස්ථා සංශෝධනය ඉතාම නිවැරදිම සංශෝධනයක් කියා මම කියන්නේ නෑ. ලෝකයේ නිවැරදිම ව්‍යවස්ථා දකින්න බෑ. විශේෂයෙන්ම 2015 අගෝස්තු 17 මැතිවරණයකට මුහුණ දුන්නා. මැතිවරණයට පෙර පටන් අපි ප්‍රකාශ කළේ 113 වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් එජාපයට ආවත් ශ්‍රීලනිපයේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් නිර්මාණ්‍ය කරනවා කියලා."

    "නමුත් අපට සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගන්න බැරි වුණත් ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ජනතාවට පොරොන්දු වූ පරිදි ආණ්ඩුවක් හැදුවා. වසර තුනක කාලයේ ප්‍රශ්න ඇති නොවුණා නෙමෙයි. අපිට චෝදනා ඉදිරිපත් නොවුණා නොවෙයි. අපි උපරිම වහයෙන් ජනතාවගේ අභිලාශයක් ඉටු කරන්න කටයුතු කළා. නමුත් කාලයාගේ අවෑමෙන් අපේ ආණ්ඩුවට නායකත්වය දුන්නු, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාර්ශ්වයත්, ගරු අගමැතිතුමාගේ පාර්ශ්වයත් වශයෙන් පැරණි අවලාද දේශපාලන අවතීරණ වුණා. අපි උත්සාහ කළේ ජනතාව බලය දුන්නු වසර පහක කාලේ ජාතික ආණ්ඩුවක් අනුව ආදර්ශමත් දේශපාලන රටාවක් ස්ථාපිත කරන්නයි.  කණ්ඩායම් දෙකට නායකත්වය දුන්න ජනාධිපතිටත්, අගමැතිටත් තමන්ගේ කණ්ඩායම් දෙක සංයමයකින්  හසුරුවා ගන්න නොහැකි වුණා. ඒකෙදි  ඒ දෙන්නම අසමත් වුණා. ඒ අතීත වැරදි වලින් පාඩම් ඉගෙන ගනිමින් සිටියදී තමයි අප අතර තිබුණු විශ්වාසය ගිලිහෙමින් පැවතිද්දි තමයි ඔක්තෝබර් 26 වැනිදා පූර්ව දැනුම් දීමකින් තොරව අගමැතිවරයා ඉවත් කළ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමත් සිදු වුණේ. මේ වන විට එම ක්‍රියාදායමයෙන් අනතුරුව පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත්, පාර්ලිමේන්තුව විසිරුවීමට නියෝග දීමත් සිද්ධ වුණා. පාර්ලිමේන්තුව විසිරුවීමට එරෙහි කාරණය මේ වන විට අධිකරණයේ විභාග වෙනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය පැවරිලා තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුව තුළ මතුවන කාරනා , ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ඇති මතගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බෑ කියලා ඔප්පුවෙන අවස්ථාවක ජනතාව ප්‍රශ්න කළොත් ජනතාවගේ ප්‍රශ්න විසඳහන්න පුලුවන්ද කියලා ප්‍රශ්න කළොත් අපි නිරුත්තර වෙනවා.  මෙම ගැටලුව විසඳා ගන්න කතානායකවරයාට සහ විධායකයට ලොකු වගකීමක් තිබෙනවා. විධායකයේ නියෝග ව්‍යවස්ථාව පිළි නොගැනීමත්, ව්‍යවස්ථාදායකය සම්මත කර ගන්නා යෝජනා විධායකට පිලිනොගැනීමත් නිසා ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා."

  • විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කතා කිරීම ආරම්භ කළේය.
  • නවීන් දිසානායක මහතා  - "මම ඒ යෝජනාව ස්ථිර කරනවා. අද සමහරු වැරදි චිත්‍රයක් පෙන්වන්න හදනවා. අපි මේ යෝජනාව ගේන්නේ අගමැතිගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන්. ඒකාබද්ධ අරමුදල සම්බන්ධයෙන් නොවෙයි. බහුතරයක් නැති ආණ්ඩුවකට ඉදිරියට යන්න බෑ. ඔවුන්ට කියනවා දැන්වත් ඉල්ලා අස්වෙන්න කියලා. අද දිනත් අපිට පැහැදිලි බහුතරයක් තිබෙනවා."
  • කතානායකවරයා - යෝජනාව ස්ථිර කිරීම
  • රවී කරුණානායක මහතා  - "ප්‍රථමයෙන්ම මේ යෝජනාව ඉදිරිපත් කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ අය වර්ජනයක් කරනවා. කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා නොවැම්බර් 10 කියපු දෙයක් මම උපුටා ගන්නවා. (කියවයි) බහුතරය තියෙන්නේ කොහෙද කියලා පේනවා. ජනරජයේ අරමුදලින් කිසිදු වියදමක් කිරීමට අගමැති ලේකම්වරයාට අවසරක් නැතැයි කියමින් යෝජනාව ඉදිරිපත් කරයි."
  • ( එම යෝජනාව )

  • කතානායකවරයා "පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශනයක් පවත්වනවා. ඊට අමතරව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න තීරණය කළා. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා, රංජිත් මද්දුමබණ්ඩාර මහතා, බිමල් රත්නායක මහතා, මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු කණ්ඩායමක් පත් කළා.අද දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් විරෝධය එල්ල කළා. මේ සම්බන්ධයෙන් මම නීති උපදෙස් ගත්තා. මේ යෝජනාව ඉදිරිපත් කරන්න මම අවසර දෙනවා."
  • වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කිරීමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ විය
  • පාර්ලිමේන්තුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්,

  • දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.
  •  මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.
  • තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. 
  • ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අපාන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රිප් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.
  • නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. 
  • ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා - "අද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි. ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා."
  • බිමල් රත්නායක මහතා - "ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා. හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ."

     "ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා. අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා. මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්." 

  • ජෝන් අමරතුංග  මහතා - "ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ. මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි."
  • ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.
  • කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.

  • සභාව - එකඟයි

  • කතානායකවරයා - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය. සභාව එකඟද?

  • ඩී එම් ස්වාමිනාදන් මහතා - "පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා."

  • එඩ්වඩ් ගුණසේකර මහතා - "අපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි. එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා."

  • අඩෙයිකලනාදන් මහතා - "ඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්."
  • මුජිබර් රහුමාන් මහතා - "කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි."

  • ගයන්ත කරුණාතිලක  මහතා - "මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා."
  • කතානායකවරයා - "මම ඒ ගැන සොයා බලන්නම්."
  • "ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න."

  • චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.

  • ජේ.සී අලවතුවල මහතා - "අදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා. ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා."
  • අජිත් මාන්නපෙරුම  මහතා - "අපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා."
  • මයන්ත දිසානායක මහතා - "ඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.
  • හර්ෂ ද සිල්වා මහතා - "බොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න."
  •  රිෂාඩ් බදුයුදීන්  මහතා - "ඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා. මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා. කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්."

    මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා. මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.  ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා.  අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා."

  •  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය - "අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්න පුලුවන්.
  • කතානායක  කරු ජයසූරිය මහතා  - "මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්."
  • හේෂා විතාන‍ගේ මහතා - "ඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න."
  • චමින්ද විජේසිරි මහතා - "පහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න." 
  • කතානායක කරු ජයසූරිය මහතා - "මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා."

  • නවීන් දිසානායක මහතා - "ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා. පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන. යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්. ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා."
  • එරාන් වික්‍රමරත්න මහතා - "රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා."

  • බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතා - "ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා." 
  • කතානායක කරු ජයසූරිය මහතා  - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි.

  • විජේපාල හෙට්ටිආරච්චි මහතා - "මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා."
  • පාලිත රංගේ බණ්ඩාර මහතා - "ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ. රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න."

  • අජිත් පී පෙරේරා මහතා - "නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්. අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න."

  • කතානායක කරු ජයසූරිය මහතා - "යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න."
  • මරික්කාර් මහතා - "උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා."

  • කරුණාරත්න පරණවිතාන මහතා - "මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න."

  • රංජිත් මද්දුම බණ්ඩාර මහතා - "ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ. නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා. රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා."

  • සරත් ෆොන්සේකා  මහතා - "පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ. ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න. ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න."

  • කතානායක කරු ජයසූරිය මහතා  - "දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා."
  • ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා - "ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා. "
  • මලික් සමරවික්‍රම මහතා - "මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘති ලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා."
  • රවුෆ් හකීම් මහතා - "සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්."
  • අජිත් මාන්නප්පෙරුම මහතා - "අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා."
  • එස්.එම්.මරික්කාර් මහතා -"පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා"
  • (ලිපිය කියවයි)
  • "මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද? රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න."
  • කතානායකවරයා - "මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්."
  • මංගල සමරවීර මහතා - "නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය ගැයලුවලය මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත් කරන්න කියලා."
  • ජෝන් අමරතුංග මහතා - "මේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම."
  • කතානායකවරයා - "මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්."
  • වඩිවෙල් සුරේෂ් මහතා - "අපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා."
  • කාවින්ද ජයවර්ධන මහතා - "දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා."
  • කතානායකවරයා - "ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා."
  • නලීන් බණ්ඩාර මහතා - "පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?"
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - "ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා."
  • මන්ත්‍රීවරු - "ආණ්ඩුවක් නෑ"
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - "යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ."
  • ආශු මාරසිංහ මහතා - "රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්."
  • කතානායක කරු ජයසූරිය මහතා - "ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා."
  • කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.
  • පාර්ලිමේතුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්,

  • ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ කතාවෙන් පසු නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 27 වැනි දා පස්වරු 1.00 වන තෙක් කල් තබනු ලැබීය.
  • ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කතා කරයි.

"රටේ ඇති වී තිබෙන තත්ත්වය ගැන සහ ඔක්තෝබර් කුමන්ත්‍රණය ගැන මන්ත්‍රීවරුන් අද කතා කළා. පාර්ලිමේන්තුව විසිරුවන්න හේතුව ගැන ජනාධිපතිවරයා ජාතිය අමතන කතාවෙන් කිව්වා. මන්ත්‍රීවරුන් කෝටි ගණන් වලට ගිය බව ජනාධිපතිවරයා කිව්වා. ‘රංගෙද‘ කියලා අව දුරකතන ඇමතුම මගේ ෆේස්බුක් එකේ දැම්මා. එය ලක්ෂ 10ක් පමණ බලලා තියෙනවා. දැන් තිබෙන නීතිය ගැන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවරක් ගත්තොත් මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුලුවන්.මන්ත්‍රීලා සල්ලි දීලා ගන්නවට එරෙහිව එදා පාර්ලිමේන්තුවේ  කතා කළේ දිනේෂ් ගුණවර්ධන සහ ජී ඇල් පීරිස් මහත්වරුන්. මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීම නවත්වන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ආ යුතුයි."

  • අජිත් මාන්නප්පෙරුම මහතා කතා කරයි.

"රට යපාලනය වෙන්න නම් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය හරියට වැඩ කළොත් රට ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා. එදා ජනාධිපතිවරයා කියන විදියටයි ව්‍යවස්ථාදායකයයි, අධිකරණයයි වැඩ කළේ. අපි එය නැවැත්තුවා. මේ රටේ ජනතාවට විශ්වාස කළ හැකි අධිකරණයක් ඇති කරන්න හැකි වෙලා තියෙනවා. කරු ජයසූරිය මහතා ආදි ආනන්දියෙක්. මමත් ආදි ආනන්දියෙක්. ව්‍යවස්ථාදායකය ශක්තිමත් කියලා පෙන්වන්න කොන්දක් කතානායකතුමාට තිබෙනවා. පාර්ලිමේන්තුව කාටවත් නැමෙන තැනක් නෙමෙයි කියලා පෙන්වන්න කතානායකතුමාට පුලුවන් වුණා. අද රට අරාජිත වෙලා නෑ. රට අරාජික කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අභියෝගවලට මුහුණ දෙන්න බැරි අගමැතිවරයෙක් බිහි කළා. ඡන්දයක් තියෙනවා කිව්වාම කතානායක පුටුව පෙරලනවා. පොලිසියට ගහනවා. ඇයි පාර්ලිමේන්තුව අරාජික කරන්න හදන්නේ? ව්‍යවස්ථාවක් හදන්නේ එක රැයෙන් නෙමෙයි. රට කරවන යන ලියැවිල්ල සාකච්ඡා කරලයි නිර්මාණය කළේ. මේ ව්‍යවස්ථාවට එකඟව කටයුතු කරනවා කියලයි මන්ත්‍රීවරුන් දිවුරුම් දෙන්නේ. ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා ඉදිරිපිට දිවුරුම් දෙන්නෙත් ව්‍යවස්ථාව රකිනවා කියලයි. දැන්වත් හරි තීන්දුව ගන්නා ලෙස ආයාචනා කරනවා."

  • බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කතා කරයි.

"ජනාධිපතිවරණ සමයේ වඳුරඹ වේදිකාව ගිනි තිබ්බා. වඳුරඹ පොලිස් ස්ථානාධිපතිට ඉල්ලා අස් වෙන්න වුණා බලපෑම් නිසා. අද ඒ වෙඩි තැබීමේ ප්‍රධාන පුද්ගලයට නියෝජ්‍ය ඇමැතිකමක් දුන්නා. ඒ නඩුවේ සැකකරුවන් විදියට ඉන්න නම දෙනාගෙන් හය දෙනකුට වරායේ රස්සාවල් දුන්නා. නමුත් ඒ ගිනි තිබ්බ වේදිකාව හදපු අය ගැන බැලුවේ නෑ. අපි ඕවා කලින් දැක්කා. අගමැතිතුමා කිව්වා ජනාධිපතිට විරුද්ධව මොනවත් කියන්න එපා කියලා. අපි රස්සාවල් දෙන්න යද්දි විවිද හේතු කියලා ඒවා නතර වුණා. කිහිප දෙනකුගේ උවමනා නිසා අද මුලු රටම බිල්ලට දෙමින් යනවා. අද කතානායකගේ පඹයො පුච්චනවා සමහරු. මේ පාර්ලිමේන්තුවේ කතානායක ව්‍යවස්ථාවට අනුව සහ ස්ථාවර නියෝගවලට කටයුතු කළ නිසා ඔහු පහරකෑමට පත් වෙනවා. කතානායකට විරෝධය දක්වන්න අවශ්‍ය නම් ස්ථාවර නියෝග අනුව මේ සභාවෙදි කටයුතු කරන්න පුලුවන්."

  • නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණේ.
  •  ඉෂාක් රහුමාන් මහතා කතා කරයි.

"බොහොම පැහැදිලිව ලියැවුණු ව්‍යවස්ථාවක් අපට තිබෙනවා. නමුත් ඒ ව්‍යවස්ථාවට අනුව නෙමෙයි දැන් වැඩ කරන්නේ. ඔක්තෝබර් 26 වෙනකම් මහතීර් මොහොමද්, ලීක්වාන් වගේ වෙන්න හිටියා. ඉන් පස්සේ එය ඈත් වුණා. අපේ රටට වගේම වැරදි කරපු නායකයො හිටපු රටක් හැටියටයි අද ලංකාවේ ලෝකයේ කොං වෙලා තියෙන්නේ. ඩොලරය රුපියල් 180ට වැඩි වෙලා තියෙනවා. මේ සියල්ල කරන්නේ ලංකාවේ ඉන්න කෝටි දෙක හමාරක් වෙුනවෙන්ද? පාර්ලිමේන්තුවේ ඉන්න 225 බල ලෝභය වෙනුවෙන්ද? එදා නීතිය රකින පොලිස් නිලධාරීන්ට ගහන හැටි අපි දැක්කා. අපිට හදිස්සියට උදව් කළ පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට පුටුවෙන් ගහපු විදිය දැක්කා. මගේ පුතත් ඉස්කෝලේ යන පොඩි ළමයෙක්. පුතා සිකුරාදා උදේ බොක්ෂින් බලන්න ඕන කිව්වා ඉස්කෝලේ යන්නේ නැතුව. ඉස්කෝලේ ගිහින් ඉන්න කිව්වාම කිව්වා උදේ පාර්ලිමේන්තු නිසා බොක්ෂිං බලන්න පුලුවන් කියලා. මෙහෙම හැසිරෙන මන්ත්‍රීවරුන් තෝරලා හවන්න එපා.  මම මන්ත්‍රීවරයකු ලෙස පත් කරලා අවුරුදු තුනයි. අපි එක්ක පසුපෙළ ඉන්න මන්ත්‍රීවරු තවම හොඳට ඉන්නවා. එයාලත් ඇමැතිවරු වුණාට පස්සේ කොහොම වෙයිද දන්නේ නෑ.  මම හැම මාසෙම ආසනයේ ගම්මාන හැම එකකටම ගියා. මට කෝටි 50ක් දෙන්නම් කිව්වා. මාත් එක්ක පත්වුණු අනිත් ඇමැතිවරුන්ගේ කොන් කිරීම් තිබ්බත් මුදල් වලටත් තනතුරුවලටත් ජනවරම පාවලා දෙන්නේ නෑ. අපිට කළ අසාධාරණවලට පාඩමක් උගන්වන්න කල්පනා කළා. ගයන්ත ඇමැතිතුමා වගේ කිහිප දෙනකු අපේ දුක අහලා අපිට උදව් කළා. අපේ සමහර ඇමැතිවරු ගැරඬියට ලාම්පුතෙල් ගැහුවා වගේ දුවනවා ඉස්සර. දැන් අපේ කරට අත දාගෙන කතා කරනවා. ඉස්සරත් එහෙම තිබ්බා නම් කොච්චර හොඳ ද? මෙතනින් පස්සේ ආණ්ඩු හදලා ඇමැතිකම් ගන්න ඇමැතිවරුන්ට පාඩමක් කියා දෙන්න."

  •  තුෂාර ඉඳුනිල් මහතා කතා කරයි.

මෛත්‍රීපාල මහත්තයා අපි සියලු දෙනාට කළේ මනමේ කුමාරිය වැදි රජ්ජුරුවන්ට කඩුව දුන්නා වගේ වැඩක්. ජනාධිපති තාත්තා පොතේ අවසානයේ තියෙන්නේ 2015 ජනවාරි 09 පාන්දර රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රථමයෙන් සුභ පැතුවා කියලා. එහෙම සුබ පැතුව කෙනාට තමයි අද මෙහෙම කරන්නේ? පහුගිය පළාත් පාලන ඡන්දයෙදි පොහොට්ටුව ජයග්‍රහණයක් ලබා ගත්තා. අපි දිනන්න තිබ්බ එක නැවැත්තුවේ ජනාධිපතිවරයා. මොකද පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ජනාධිපතිවරයා.එක් මන්ත්‍රීවරයෙක් කියලා තිබ්බා පිපීගෙන ආපු පොහොට්ටුව බලයට කෑදර අය හපාගෙන කෑවා කියලා. තව කෙනෙක් කියලා තිබ්බා මෛත්‍රීපාල මහත්තයා මහින්ද මහත්තයාගේ ඔළුවේ ඔට්ටුන්න තියලා සරම කැඩුවා වගේ කියලා. දැන් ඔට්ටුන්න ඔළුවේ. සරම නෑ හෙළුවෙන්. සරම ඇඳගන්න අත ගත්තොත් ඔටුන්න ගන්නවා. ඔටුන්න බේරගන්න ගියොත් සරම නෑ. සරම ඇඳගන්න ගියොත් ඔටුන්න නෑ. මොවුන්ට තියෙන්නේ රට බේරා ගැනීමේ උවමනාවක් නෙමෙයි. තමන්ගේ නඩු ටික බේරාගන්නයි හදන්නේ. බුදු සරණයි දෙවි පිහිටයි කියලා බෝඩ් එක ගැහුවට ඇතුළේ අදින්නේ හරක් මස්."

  • සිඩ්නි ජයරන්ත මහතා කතා කරයි.

"ජනාධිපතිවරයා  කිව්වා මන්ත්‍රීවරුන් මිලියන ගණන් වලට විකුණුනා කියලා. කවුද මන්ත්‍රීවරුන් මිලට ගත්තේ? කවුද ඒ තත්ත්වය ඇති කළේ? එදා පාර්ලිමේන්තුවේ සිදුවුණ දේවල් අපි දැක්කා. කතානායකතුමා සම්භාවනීයට කටයුතු කළ ආකාරය අපි දැක්කා. එතුමා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ස්තුති වෙනවා. මම දැන් අවුරුදු 28ක් දේශපාලනයට ඇවිත්. මම විවිධ රාජ්‍ය නිලධාරීන් එක්ක කටයුතු කරලා තියෙනවා. මම දැකපු හොඳම රාජ්‍ය නිලධාරීන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිලධාරීන්ගේ කාරුණික භාවය තුට්ටු දෙකට දාලා අශීලාචාර විදියට මන්ත්‍රීවරුන් හැසිරුණා. සාමාන්‍ය පෙළ නැති මන්ත්‍රීවරුන් හොඳට හිටියා. උගත් යැයි කියන මන්ත්‍රීවරුන් තමයි එහෙම හැසිරුණේ. විවිධ චෝදනා ලැබුණු අය තවමයි එහෙම හැසිරුණේ."

  • නලින්ද ජයතිස්ස මහතා කතා කරයි.

"ඔක්තෝම්බර් 26 සිට සෑම සිකුරාදම ජනපතිගෙන් නිකුත් කරන ගැසට්ටු නිසා තමයි මේ කැළඹීමේ ඇති වුණේ. අදත් සිකුරාදා. අදත් හවස 7ට විතර හඳ මෝදු වෙනවා. අද මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ. මෙය තව අගමැතිවරයකු ඉවත් කරලා අලුත් අගමැතිවරයකු පත් කිරීමක් නෙමෙයි. බහුතරය හදා ගන්න කෝටි 50ට 60ට මන්ත්‍රීවරුන්ට ලන්සු තියන්න ගත්තා. විවිධ හේතු නිසා ඒකට යොමු වෙන්න මන්ත්‍රීවරුන් හිතන්න පුලුවන්. ඔවුන් ඇමැතිකම් වලට, සල්ලිවලට ගන්න උත්සාහ කළා. එහෙම කරලා බහුතරය ගන්න බැරි වුණාම කතානයකත් එක්ක කතා නොකර පාර්ලිමේන්තු සැසිය කල් තිබ්බා. ඒ කරලත් බහුතරය හදා ගන්න බැරි වුණාම පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨත්වය යම් තරමකට පෙන්නපු නිසා අපිය 14 පාර්ලිමේන්තු එන්න පුලුවන් වුණා. ඉන් පසු විශ්වාස භංග දෙකක් සම්මත කළා. දැන් කියනවා එය පිළිගන්නේ නෑ. තීරණාත්මකව වාර හතරක් කුමන්ත්‍රණ කාරීන් පරාජයට පත් කළා. හඬ අනුව පරාජයට පත් කළා. අත්සන් කරලා දීලා පරාජයට පත් කළා. ඉලෙට්‍රෝනික් ඡන්ද ක්‍රමයෙන් පරාජයට පත් කළා. හඬිත්, අත්සන්වලිනුත්, ඉලෙට්‍රෝනික් ඡන්දයෙනුත් ඔබට මෙය තේරුම් ගන්න බැරිද? 2014 නොවැම්බර් 21 එවකට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේකෂකයා විදියට එළියට ඇවිත් නව නගර ශාලාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වේ විධායක ජනාධිපතික්‍රමය ඉවත් කරනවා කියලයි. ඕලෙවල්වල් පාස් නැති අය පාර්ලිමේන්තුවට ඇවිත් යකා නටනවා කියලා අපි කියනවා. එයාලා තමන් දන්න ශිල්ප දානවා. ඒත් අපි දැක්කා විශේෂඥ වෛද්‍යවරියන්, හැත්තෑ ගණන්වල ඉඳන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් කතානායක පුටුව උස්සන් යනවා. අපි කුමන්ත්‍රණකාරීන්ට එරෙහිව අපි වාර හතරක් අපේ බලය පෙන්නුවා.මීළඟ දවසේ ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."

  • ආශු මාරසිංහ මහතා කතා කරයි.

පාර්ලිමේන්තුවේ හරියට හැසිරෙන්නේ නැති මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරන නීති පැනවිය යුතු බවට මම යෝජනා කරනවා. තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමයි, මුජිබර් මන්ත්‍රීතුමයි අසභ්‍ය පොතක් ගැන කතා වුණා. මෙය අසභ්‍ය පොතක් නෙමෙයි. මෙම පොත කියෙව්වාම මට හැඟෙන්නේ හැඟීම් බර පොතක්. අසභ්‍ය පොතක් කියන එක චතුරිකා මහත්මියට කරන අගෞරවයක්. මේ පොත ලියලා තියෙන්නේ පිය සෙනෙහසින් තාත්තා ඇත්ත වශයෙන්ම කරපු දේවල් ගැන කියලයි මම හිතන්නේ. මේ දියනිය වින්ද මානසික වද වේදනා ගැන මෙහි තිබෙනවා. රාජපක්ෂලාගෙන් ලැබුණු තර්ජන ගැන එහි තිබෙනවා. නොවැම්බර් 22 (2014) ඉඳන් රාජපක්ෂලාගෙන් පියාට ලැබුණු ප්‍රතිචාර ගැන මෙහි තිබෙනවා.  තාත්තා කෙනෙක් ගැන බයෙන් ලියන කාරුණික සිතුවිලියි මේ පොතේ තියෙන්නේ. අසභ්‍ය පොතක් නෙමෙයි මෙය. මේ පොත දිහා බලාගෙන අපට වෙන්නේ හූලනවද? නැතිනම් දියණිය ගැන අනේ අපොයි කියනවද?  දියණියට කවදා හරි කියන්න තියෙන්නේ මේ පොත ලිව්වේ මම නෙමෙයි කියලයි. එහෙම නොවුණොත් මේ පොතට අනුව හෘද්ධ සාක්කියෙන් වැළපෙන්න වෙනවා."

  •  එම් තිලකරාජා මහතා කතා කරයි.

"ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ අපි හිටපු මන්ත්‍රීවරුන් වුණා. ඒ සම්බ්නධයෙන් නීති ඉදිරියට ගියාට පස්සේ ගැසට්ටුවට අතුරු තහනමක් ලැබුණා. ඒ අනුව අපි යළිත් මන්ත්‍රීවරුන් වුණා. ආණ්ඩු පක්ෂයේ නියමිත සංඛ්‍යාවක් හිටියේ නෑ. ඡන්ද විමසීමක් කියපු ගමන් ආණ්ඩුව බියට පත් වුණා. අපි ඡන්දයකට ඕනෑම අවස්ථාවක සූදානම් කියා කියන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසන සෑම අවස්ථාවකදීම ඝෝෂා කරන සහ පාර්ලිමේන්තුවෙන් පිටව යන පිරිසක් බවට පත් වුණා. පාර්ලිමේන්තුව තමයි උත්තරීතර ආයතනය.  පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පස්සේ රාජාසන කතාව කළෙත් නෑ.  ඉන් පස්සෙයි ස්ථාවර නියෝග අත්හිටුවලා විශ්වාස භංගය ගෙනාවේ. ඡන්ද විමසීම්වලින් පැන යන්න කුමන්ත්‍රණය කළා. කතානායක ඉදිරිපත් කළ නම් 12 ගැන ඡන්ද විමසීමට ඉදිරිපත් නොවී ඔවුන් පැන දුවනවා අපි දැක්කා.  ඉලෙට්‍රෝනික ක්‍රමයෙන් අපි සනාථ කළා ව්‍යාජ ආණ්ඩුවට විරුද්ධයි කියලා. පාර්ලිමේන්තුවට වැඩියෙන්ම නොපැමිණි මන්ත්‍රීවරයා කියනවා වතුකර ජනතාවගේ රුපියල් 1000 ඉල්ලීම ලබා දෙනවා කියලා. රුපියල් 600ක වැටුප රුපියල් 700 කරලා රුපියල් 1000ක් කරනවා කියලා ව්‍යාජ ප්‍රචාරයක් යවනවා. එහෙම රුපියල් 100ක් වැඩිපුර දීලා පසුව එය ඔවුන්ගෙන් අය කර ගන්නත් මේ අය උත්සාහ කරනවා. 1000ක් දෙන්න බැරි වුණොත් ඉවත් වෙනවා කිව්වා. දැන් ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතුයි."

  • විජයපාල හෙට්ටිආරච්චි  මහතා කතා කරයි.

"පෘථග්ජනයෝ විදියට කවුරු අතිනුත් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි හදාගන්න ඕනා. බොහෝම අහිංසකව පූස්පැටව් වගේ වාඩි වෙලා හිටිය අපටත් චෝදනා එල්ල වුණා. එකදාන් නවසිය හැත්තෑ ගණන්වල ආපු මන්ත්‍රීවරුනුත් කතානායකවරයාගේ පුටුව පෙරලනවා අපි දැක්කා. අපට විවිධ ආගමක් තිබ්බාට අපි පාර්ලිමේන්තුවේ ආගමක් ලෙස අදහන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අත්හැරීම ගැන කතා කළ සිරිසේන මහත්තයා ද ඉන්නේ කියලා අපට ප්‍රශ්නයක්. 26 වැනි දා අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉගෙන ගන්න සංචාරයකට යන්න හිටියේ. ගුවන් තොටුපොළේදි මහින්ද මහත්තයා අගමැති කරලා කිව්වාම මට පොළොව පලාගෙන යන්න හිතුනා. ඡන්දෙන් දිනුවත් මහින්ද මහත්තයා අගමැති කරන්නේ නෑ කිව්ව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහු අගමැති කර තිබුණා. අනාගතේ ගැන මේ රටේ ජනතාවට විශ්වාසයක් ඇති විය යුතුයි. කවදා හරි සිංහල වංශකතාවේ ලියැවෙයි පාර්ලිමේන්තුවේ කළු පැල්ලමක් ඇති කාලයක් විදියට. දිගටම මහින්ද මහත්තයා මෙහෙම අගමැති පුටුවේ තියා ගත්තොත් ජනාධිපතිතුමාට නිල නිවසෙන් එළියට යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. උත්සව වලට යන්න වෙයිද්ද දන්නේ නෑ. ජනතාව මොනවා කරයිද දන්නේ නෑ." 

  • හේෂාන් විතානගේ මහතා කතා කරයි.

මේ ඇති වෙලා තිබෙන තත්ත්වයේ ප්‍රධාන පාර්ශ්වකරුවා හැටියට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා ගණනාවකට ලක් වෙලා තිබෙනවා. ඔහු මේ උත්තරීතර පාර්ලිමේන්තුව වසර ගණනාවක් නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ක්‍රියාත්මක වීම ගැන අබමල් රේණුවක දැනුමක් නැති කෙනෙකු ලෙස දැන් පෙනෙනවා. ව්‍යවස්ථාදායකයට අධිකරණයට තිබෙන බලය ගැන වැටහීමක් නැත්නම් හෝ ඊට උපදෙස් දෙන්න අය තමන් ළඟ නැත්නම් අපිට මොකක්ද කියන්න තියෙන්නේ? රටේ රාජ්‍ය යාන්ත්‍රණය නැවතිලා. ආර්ථික අන්ත අසරණ තත්ත්වයට පාගලා දාලා තිබෙනවා. දැන් මාසෙකට ආසන්න කාලයක් තවම උත්තරයක් හොයලා නෑ. ව්‍යවස්ථාදාකයේ බලය ජනාධිපතිට තේරෙන්නේ නෑ වගේම මහින්ද රාජපක්ෂ මහතාට තේරෙන්නෙත් නෑ. එක්කෝ තේරිලා නොතේරුණා වගේ ඉන්නවා. ව්‍යවස්ථාදායකය කුඩු කාරයන්ට එන්න පුලුවන් තැනක් නොවිය යුතුයි. පහුගිය කාලයේ පොලිසිය කුඩු කාරයන්, කසිප්පු කාරයන් ඇල්ලුවා. ඒ තරහට තමයි පොලිසියට ගැහුවේ. මේ රටේ ජාතියට අබමල් රේණුවක ආදරයක් තිබෙනවා නම් වරද නිවැරදි කරන්න."

  • බිමල් රත්නායක මහතා මූලාසනයෙන් යැයි හේෂාන් විතාන මහතා මූලාසනයට යෝජනා කර ස්ථිර කර ගනී.
  • ඉන්පසු හේෂාන් විතානගේ මහතා මූලාසනාරූඪ විය.
  •  මුජුබර් රහුමාන් මහතා රීති ප්‍රශ්නයක් මතු කරයි

    බස්නාහිර සභාවේ අසභ්‍ය චිත්‍රපට බැලීම ගැන පසුගියදා වාර්තා වුණා. ඉඳුනිල් තුෂාර මන්ත්‍රීතුමාත් මේ සභාවේ අසභ්‍ය පොතක් කියවනවා.

  •  ඉඳුනිල් තුෂාර මහතා - මගේ නම කියවුණා. මම කියවන්නේ චතුරිකා සිරිසේන ලියපු ජනාධිපති තාත්තා පොත.

  • චමින්ද විජේසිරි මහතා කතා කරයි.

"ආණ්ඩු පක්ෂයේ උදවිය පහුගිය දිනවල කළ කුමන්ත්‍රණයේ පරාජය බාර අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයාගේ ගමන ගැන මම දැන ගත්තේ ජනාධිපතිවරණයෙන් ටික දිනකට පසුවයි.  මේ වැඩ පිළිවෙළ නිසා රට කොහෙටද ඇදලා දාලා තියෙන්නේ කියලා පැහැදිලියි. ජනතාව සාප කරන්න කලින් සාධාරණ තීන්දුවක් ගන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. වැරදීම නිවැරදි කරන්න දැන් හරි පුලුවන්."  

  • මුජිබර් රහුමාන් මහතා  කතා කරයි.

අද ඊ්නියා අගමැතිත් සභාගැබට ආවේ නෑ. ඒ ආවේ නැත්තේ එතුමා දන්නවා ඡන්දයක් විමසද්දී 113 පෙන්වන්න බැරි බව.  එදා ජනවාරි අටෙන් පස්සේ ශ්‍රීලනිපයේ 10ක් පමණ අපිත් එක්ක එකතු වෙන්න හිටියා. අපේ අගමැතිතුමා කිව්වා පක්ෂ කඩලා ආණ්ඩු හදන්න බෑ කියලා.  2015 පස්සේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ගෙනාපු ජනාධිපතිවරයා පරණ තැනටම තල්ලු කලා. ජනාධිපතිවරයා දියවන්නා වටරවුමට ඇවිත් කෑ ගහලා කිව්වා 113 තියෙනවා කියලා. එහෙම කියලා දවස් දෙක තුනක් ගියේ නෑ. පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ ජනාධිපතිතුමාම අපේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම්වලට කතා කළා. එතුමාලගේ ඔය ඉන්න උදවිය අපේ මන්ත්‍රීවරුන්ට මුදලට කතා කළා. ඕක තමයි කියන්නේ කූඩැල්ලා ගෙනත් මෙට්ට උඩ තියන්න බෑ කියලා. 

  • අජිත් පී පෙරේරා මහතා කතා කරයි

"පහුගිය 26 මේ කුමන්ත්‍රණය ආරම්භ වුණාට පස්සේ  මෙය පරාජය කළ යුතුයි කියන තැන ඉඳන් අපි මේ අරගලයට නායකත්වය දෙද්දි මට ලැබුණේ අල්ලස් යෝජනා නෙමෙයි මරණවා කියලා මරණ තර්ජනයි. ඒ තර්ජන කළ අය මීට කලින් මිනී මරපු අය. මිනීමරලා පුරුදු අය.  ඒ තර්ජනයේ යථාර්තය මට පෙනී ගියත් පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය යට ගහන්න කැස කවන විධායකයේ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමත් දේශපාලනිකව පරාජයට පත් කිරීමේ නියත අරමුණ ඇතිව අපි සටන් කළා. තවම සටන් කරනවා. අද පාර්ලිමේන්තුවේ අපි 121ක් ලබා ගත්තට මේ නීතිවිරෝධී පිරිස තවමත් බලය අත්හැර යන්නට සූදානම් නෑ.  මහින්ද රාජපක්ෂ හොර අගමැතිවරයකු වුණාට ඔබ නීත්‍යනුකූල ජනපතිවරයෙක්. මේ ප්‍රශ්නය ඉක්මණින් විසඳන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම නැති නම් ඔබව දේශපාලනිකව පරාජය කරන බව සනාථ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිටින සියලුම දෙනා එකතු වෙලා ඔබව පරාජය කරනවා. එදාට හිතෙයි ප්‍රමාද වෙලා වැඩියි කියලා. ජනාධිපතිවරයට මුක්තියක් තියෙනවා නඩු පැවරීමෙන්. හැබැයි ඒ මුක්තියට සීමාවන් තිබෙනවා. ධුරය දරලා ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ වසරකින් පස්සේ ජනාධිපතිත් නීතිය ඉදිරියේ චෝදනාවට ලක් වෙනවා. ඒ නිසා මිත්‍රයෙක් විදියට මම ජනාධිපතිවරයාට කියනවා අපරාධ සම්බන්ධ හොඳ දැනුමක් ඇති නීතීඥයකුගෙන් උපදෙස් ගන්න."

  • නලීන් බණ්ඩාර මහතා කතා කරයි

"අද අපේ රටේ ආයෝජන ගලාගෙන යනවා. තියෙන ආයෝජන ටිකත් යනවා. ඒ දවස්වල වැඩියෙන්ම ප්‍රවෘත්ති නිර්මාණය කළ කෙනා තමයි පොලිස්පතිතුමා. අපි ඔහුගේ හරි දේට හරි කිව්වා. වැරදි දේට වැරදි කිව්වා. ඒ දවස්වල පොලිස්පතිව අයින් කරන්න කියලයි ඔවුන් කිව්වේ. අද පොලිස්පති කා එක්කද ඉන්නේ? අද පොලිස්පති ගැන කතාවක් නෑ. නාමල් කුමාර කියලා පුද්ගලයෙක් දාගෙන ඝාතන කුමන්ත්‍රණ කතාවක් කිව්වා. අද කොහෙවත් කියනවද ඒ ගැන? ඊයේ පෙරේදා අහන්න ලැබුණා ඔහු පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන බව ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජනාධිපතිවරයා ලොකු වරදක් කරලා තියෙනවා. රටකට අංක එකට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදය තියෙද්දි එහි වටිනාකම මිනිස්සුන්ට දැනුනේ නෑ. එය නැතිවෙද්දියි වටිනාකම දැනෙන්නේ."

  •  සුනිල් හදුන්නෙත්ති මහතා කතා කරයි.

"අද තමයි අපේ පාර්ලිමේන්තුව රටේ ජනතාවට දැනෙන ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ. පාර්ලිමේන්තුව මේ ආකාරයට කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ තාවකාලික ජයග්‍රහණයක්. අපිට මොන දේශපාලන මතිමතාන්තර තිබ්බත් රටක් හැටියට ලෝකයක් ඉස්සර හා  අපකීර්තියට ලක් වෙන්නේ ජනතාවත් එක්ක. මේ අවිනිශ්චිත තත්ත්වයට මේ රට පත් කළේ බලය හදා ගැනීමේ පවිටු උවමනාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්. ඉතාම පෞද්ගලික අවශ්‍යතාවන් ටිකක් තමයි ජනාධිපතිවරයාට තිබෙන්නේ. එතුමාගේ පුද්ගලිකත්වය මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවක් නෙමෙයි. කෝප් කමිටුවෙන් විමර්ශන කළා. වාර්තා පහක් ඉදිරිපත් කළා. තව ඉදිරිපත් කරන්න තියෙනවා. පාර්ලිමේන්තුව ගැන ජනතාවගේ විශ්වාසය ඇති වුණා. පාර්ලිමේන්තුව කියන්නේ බලය පොරකන තැනක් බවට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ කල්ලිය පත් කළා."

  •  නියෝජ්‍ය කතානායකරයා මූලාසනයෙන් ගිය අතර බිමල් රත්නායක මන්ත්‍රීවරයා මූලාසනාරූඪ විය.
  • කබීර් හෂීම් මහතා කතා කරයි.

"ගිලෙන නැවෙන් මීයෝ පනිති කියනවා වගේ විපක්ෂයේ අය විවාදයේදි මහත්වරුන් වගේ හැසිරෙන්නේ නැතුව ගියා. එකක් කඩතොලු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා, දෙකක් කඩතොල් හදා දුන්නැයි ඉඳුරුවේ ආචාර්ය කියන කතාව මට මතක් වුණා. ජනාධිපතිතුමාටත් මේ තත්ත්වය වෙලා තියෙනවා. දැන් කඩකොලු දෙකක් නෙමෙයි කිහිපයක්ම හදලා.  අපි දින 100 තුළ ජනතාව වෙනුවෙන් සහන රැසක් දුන්නා. ජනතාව ජනවරමකින් ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දීලා හොර ඇමැතිකම්වල වාඩි කරලා තියෙනවා.
එක වරදක් වහ ගහන්න වැරදි කීයක් කරන්න වෙලාද කියලයි අපිට හිතන්න තියෙන්නේ. මේ සටන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ වාඩි වෙන්න කරන සටනක් නෙමෙයි. අපිට ඇමැතිකම් ලබා ගන්න කරන සටනක් නෙමෙයි. වසර 22ක් විපක්ෂයේ වාඩි වුණු අය. ඒ කාලේ අපි අතරමැද්දෙ දි ආණ්ඩු කඩාකප්පල් කළේ නෑ. පස්සේ දොරෙන් බලයට එන්න හැදුවෙත් නෑ. අපි අපේ රාජකාරිය හරියට කළා."

"මොන වරප්‍රසාද දෙනවා කිව්වත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක්  ප්‍රතිපත්ති පාවා දුන්නේ නෑ. බලපෑම්වලට මුදල් වලට ජනවරම පාවා දුන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුයි අපි මේ ප්‍රතිපත්තියේ හිටියේ. ජේ ආර්ගේ ව්‍යවස්ථාව පැය 24න් ඉරලා දානවා කිව්ව අය ඒ ආණ්ඩුව තවත් ශක්තිමත් කරලා ඒකාධිපති පාලනයක් ගෙන යනවා. දේපොළ විකුණනවා කියලා අපේ ආණ්ඩුවට කියන අයට අපි කියනවා වානේ සංස්ථාව වික්කේ, ඔරියන්ට් ලංකා වික්කේ, ටෙලිකොම් එක පුද්ගලීකරණය කළේ, ඇඹිලිපිටිය කඩදාසි සංස්ථාව වික්කේ, කිලිනොච්චියේ ගොවිපොළ වික්කේ, නුවරඑළියේ ගොවිපොළවල් කිහිපයක් වික්කේ මහින්ද - මෛත්‍රී සිටිය හමුදාවෙන්. ශ්‍රැංග්‍රිලා එකට, පෝට් සිටිය තියෙන ප්‍රදේශය සින්නක්කරව ලියලා දුන්නා. පෝර්ට් සිටිය ලියලා දුන්නේ අපේ හමුදාවට වරායට යන්නත් බෑ කියලා. දේශප්‍රේමිය වෙනුවෙන් ආණ්ඩුව ගන්න ඕනා කියන අය තමයි ඕවා කළේ. මම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගෙන් අහන්නේ මේවා දැනගෙන කොහොමද මේ අයට ආණ්ඩුව බාර දෙන්නේ? ලංකාවට නව ලිබරල්වාදය හරියට හදුන්වලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. විදේශ රටවල්වලින් බැඳුම්කර නිකුත් කරලා ‍ඩොලර් වලින් ණය ගන්න දේශීය බැංකුවලට බල කළේ මහින්ද මහත්තයාගේ කාලේ. මේ නිසා වසර තුනට රුපියල් කෝටි 710 ක් පාඩු වුණා. මේ ටිකේ සංස්ථාවලට පත් කරන්නේ පහුගිය කාලේ රට සූරාගෙන කෑ හොරු ටික. යුද්ධය ඉවර වෙලා වසර 6ක් විතර ඉඩ දුන්නා එයාලට ආණ්ඩු කරන්න. ඒත් ප්‍රශ්න විසදුවේ නෑ. අපි පාර්ලිමේන්තුව තුළ අරගල කරනවා. එයින් පිට වීදි වලත් අරගල කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය පුංචි මිනිහාට තේරෙන්නේ නෑ. රටේ හැම මිනිහෙකුටම තමන්ගෙම කියලා ඉඩම් ඔප්පුවක් දෙන වැඩ පිළිවෙළ ආරම්භ කළා. හැම පවුලකටම නිවසක් දෙන වැඩ පිළිවෙළ අපි ක්‍රියාත්මක කළා. හැම පාසල් සිසුවකුට රක්ෂණයක් ලබා දුන්නා. අලුතින් ලක්ෂ 10කට සමෘද්ධිය දෙන වැඩපිළිවෙළක් සකස් කර හිටියා. උපාධිධාරී පත්වීම් විසි පන් දහසක් දෙන්න හිටියා. රස්සා පනස් දහසක් මේ අයවැයෙන් දෙන්න හිටියා. ඒ සියල්ල ජනතාවට අහිමිවුණා. නීත්‍යනුකූල ආණ්ඩුව යළි පත්කරන්න අපි බලපෑම් කරනවා."

  • හර්ෂණ රාජකරුණා මහතා කතා කරයි.

"අද ඡන්දයේ ප්‍රතිඵලයත් සමඟ ජනාධිපතිවරයාට තීරණයක් ගන්න පුලුවන්. අද සිකුරාදා දිනය. මුලු රටම සිකුරදා දිනේ එනකම් බලාගෙන ඉන්නේ ජනාධිපතිවරයා ගන්න තීන්දු තීරණ බලන්න. එක මන්ත්‍රීවරයෙකු අසනීප නිසා ආවේ නෑ. අපිට 122ක බහුතරයක් තිබෙනවා. අද සිකුරාදා මේක නිවැරදි කරන්න ජනාධිපතිවරයාට පුලුවන්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට මේ රට බලාගෙන ඉන්නවා. මේ යන ක්‍රමයට ජනතාව විරුද්ධයි. මේ ක්‍රමය ජනතාව හෙලා දකිනවා."

  • කාවින්ද ජයවර්ධන මහතා කතා කරයි.

කල් තැබීමේ යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන විවාදයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ගැන දැඩිව විවේචනය කළ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා තම කණ්ඩායමේ ද වැරදි ඇතැයි පැවසීය.

‘‘ඉස්සර නම් අපිව කරපිංචා ගානට දාලා තිබ්බා. අපිව ගණන් ගන්නේ නෑ. හම්බුණත් ෆයිල් මිටිය අරගෙන යනවා. දැන් නම් එහෙම නෑ. එදා අපි කිව්ව දේ ඇහුවා නම් හොඳයි. ‘‘

  • රවුෆ් හකීම් මහතා කතා කරයි.

"මේ පාර්ලිමේන්තුවේ සභාවාරයක් නැවත ආරම්භ කිරීමේදි කළ යුතු කාර්යක් හැටියට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරන්න නිවේදනයක් කළා. ඒ ගැන කතානායකවරයාට ප්‍රසංශාව පළ කරනවා. තමාගේ පරාජය පිළිගන්නේ නැතිව, මීට කලින් කළ ගාලගොට්ටිය නොකර සභාවෙන් ගිය ඊනියා කල්ලිය රාජ්‍ය මාධ්‍ය භාවිත කරමින් වැරදි තොරතුරු සමාජ ගත කරන මොහොතකයි මේ කල් තැබීමේ විවාදය සිදු වෙන්නේ. නොවැම්බර් 26 පටන් ගත්ත ප්‍රශ්නයක් නෙමෙයි මේ. මේක පටන් ගත්තේ පෙබරවාරි 10 වැනි දා. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පිටවුණාට පස්සේ ඉඳලා යම් කුමන්ත්‍රණයක් පැවතුනා. අගමැතිවරයා පහ කරලා වෙනත් අගමැතිවරයකු පත් කළ යුතු කියා ගෙන ගිය ව්‍යාපාරය රටේ අගමැතිවරයකු නැති තත්ත්වයකට පත් කරලා තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ පද්ධතිය මතයි රටේ පරිපාලනය සිදු වෙන්නේ. දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කළ වැඩ ගැන වජිර අබේවර්ධන මහතා සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා අස් කරන් ව්‍යවස්ථාවෙන් විධායකයට බලතල නැතිව තිබිය දී අගමැති ඉවත් කළා. ඉන් පසු අපිව සහ තවත් මන්ත්‍රීවරුන් තමන් පැත්තට ගන්න පාර්ලිමේන්තුව අත්හිටුවන්න ගත්ත තීරණයට එරෙහිව කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව 14 කැඳවන්න තීරණය කර තිබුණා. ඒ අතරතුර අපට විශාල අබියෝගයකට මුහුන දෙන්න සිදු වුණා. මන්ත්‍රීවරුන් කණ්ඩායමම එකට සිටිමින් මේ අභියෝගයට මුහුණ දුන්නා."

"අපේ ආත්ම ගෞරවයට කැළලක් හැටියටයි මේ සිදුවීම දැක්කේ. අපිව බිලිබෑමට ගත් උත්සාහය වළක්වා ගැනීමට අපිට මක්කම යන්න වුණා. එහේ ගිහින් අපි හැමෝම පොරොන්දු වුණා මන්ත්‍රීවරුන් බිලිබාන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඉන් පසුවයි ව්‍යවස්ථාවට පිටින් පාර්ලිමේන්තු විසිරෙව්වේ සම්මත වූ විශ්වාස භංගය එතුමට අගතියක් නොවන පරිදි සම්මත කරලා දෙන්න කියලා ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් උඩ ආයෙත් සම්මත කළා. නමුත් ජනාධිපති එය ප්‍රතික්ෂේප කළා.  කොහොමද එතුමා අමාත්‍ය මණ්ඩලය පත් කළෙත් අදියර කිහිපයකින්. එහෙම කළේ ඈවරයි ඈවරයි කියලා වෙන්දේසියේ දානවා වගේ. මන්ත්‍රීවරුන් අමාත්‍ය ධුරය ලබා ගැනීමේ කෑදරකමින් හරවා ගන්න පුලුවන් වෙයි කියලයි විධායකය කටයුතු කළේ. අපි අපට ලැබුණු ජනවරමට පිටු නොපා මේ තීරණය ගැනීම ගැන මගේ මන්ත්‍රී මණ්ඩලයට මා ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමන මේ ක්‍රියාදාමයට දිගින් දිගටම විරුද්ධ වෙනවා. ඡන්දයක් ඕනා කියලා රට පුරා දැන් පෝස්ටර අලවනවා. ඡන්දයට මුහුණු දෙන්න අපි සූදානම්. නමුත් පස්ස දොරෙන් බලය උදුරාගත්තු නීති විරෝධී ආණ්ඩුවක් සමඟ ඡන්දය මුහුණ දෙන්න අපට බෑ. මේ අස්ථාවරභාවය දිගටම ගෙන ගියහොත් අපිත් ඉල්ලනවා රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ නීති විරෝධී ආණ්ඩුව දෙන නියෝග ප්‍රතික්ෂේප කරන්න කියලා. ගිය 14 වැනි දා සිට මේ රටේ අගමැතිවරයකු නෑ කියා කතානායක අරගෙන තිබෙන තීරණය කාටවත් අභියෝග කරන්න බෑ. විධායක ජනාධිපතිටත් එය කරන්න බෑ. කරන්න පුලුවන් එකම දේ කතානායකගේ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් එය සම්මත කිරීම පමණයි. බහුතරය ඇති කෙනකුට අගමැති ධුරය ලබා දීලා අලුත් ආණ්ඩුවක් පත්කර රට ස්ථාවර කළ යුතු බව මතක් කරනවා."

  • වජිර අබේවර්ධන මහතා කතා කරයි.

"ඉතාමත් අවසනාවන්ත තත්ත්වයකට රට මුහුණ දීලා සිටියදී දේශබන්දු කරු ජයසූරිය මහතා සමස්ථ ජාතිය වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉටු කරලා තිබෙනවා. කතානායකවරයාට ජාතයේ ගෞරවය පුද කරන්න කැමතියි. ගිය මාසේ 26 වැනි දා ඓතිහාසික වරදක් සිදු වුණා. අගමැති ධුරයේ පුරප්පාඩුවක් නැති අවස්ථාවක ව්‍යාජ අගමැතිවරයෙක් පත් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙවත් ව්‍යාජ අගමැතිවරයෙක් පත් වුණාම ඉවත් කරන විදිය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෑ. හොරෙන් ආවත් කොහොම ආවත් ඔහු ඉවත් කළ යුත්තේත් නීත්‍යනුකූල ක්‍රමවේදයටයි. නීත්‍යනුකූල ක්‍රමයට අවස්ථා දෙකකදි විශ්වාසභංග යෝජනා දෙකක් ගෙනත් සම්මත කළා. ඒකේ වගකීම තිබෙන්නේ ජනපතිට නෙමෙයි පාර්ලිමේන්තුවටයි. ව්‍යාජ අගමැතිවරයා නීත්‍යනුකූලව ඉවත් කළා කියා ඔහු නීත්‍යනුකූල අගමැතිවරයකු වෙන්නේ නෑ.එහෙම ඉවත් කලාට පස්සේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව නම් ගියමාසේ 26 තිබ්බ තත්ත්වයට පත් විය යුතුයි. ව්‍යාජ අගමැතිවරයකු පත් කළ මොහොතේ සිට සිදුවන සියලු දේ නීති විරෝධී දේවල් විදියටයි තිබෙන්නේ. 1993 දි දකුණු පළාත් සභාවෙත් මෙහෙම දෙයක් වුණා දැක්කා. අවසානයේ සමස්ථ යාන්ත්‍රණයටම 1994 දි ප්‍රතික්ෂේප වුණා. ජනාධිපතිවරයාට පුලුවන් අමාත්‍යංශවලට ලේකම්වරුන් පත් කරන්න. ලේකම්වරුන් ඇමැතිවරුන්ගේ නියෝග පිළිපදින්න බැඳිලා ඉන්නවා. නමුත් දැන් ඇමැති මණ්ඩපයක් නෑ. ඒ නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම බිඳවැටිලා.මේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදීව විසඳගන්න අපි උත්සාහ කළා."

  • අඩෙයිකලනාදන් මන්ත්‍රී කතා කරයි 

"එදා පාර්ලිමේන්තුවේ ඇති කළ තත්ත්වය සෝචනියයි. කතානායකවරයාට එරෙහිව කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව හඬ නැගිය යුතුයි. අපිට මිනිස්සු කතා කරලා අහනවා අපේ පැත්තේ මිරිස් කුඩු නෑ පාර්ලිමේන්තුවෙන් මිරිස් කුඩු ගන්න පුලුවන්ද කියලා. පාර්ලිමේන්තු නිලධාරීනුත් මෙයින් අපහසුතාවට පත් වුණා.  ඔවුන් හිරකරලා තිබ්බා. ඔවුන්ට කිසි දෙයක් කරන්න අවස්ථාව තිබුණේ නෑ. ඉදිරියේදි මෙවන් සිද්ධි ඇති නොවිය යුතුයි. නීති සම්පාදනය කරන මේ සභාවේ උදවිය විදියට මේ වගේ දේවල් කිරීම වැරදි. කතානයකගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මෙවැනි අනාරක්ෂිත තාවක් තිබිය දී ජනතාවගේ තත්ත්වය කෙසේදැයි ප්‍රශ්නසගහතයි. පක්ෂ බේදයකින් නැතිව ප්‍රචණ්ඩකාරීව හැසිරුණු උදවියට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

  • නියෝජ්‍ය කතානායකවරයා යළිත් මුලසුනට පැමිණියේය.
  • එඩ්වඩ් ගුණසේකර මහතා කතා කරයි 

"මේ රට 2015ට පෙර රට දූෂිත මට්ටමට පත් වෙලයි තිබුණේ. දේශපාලන පක්ෂ බේදයකින් තොරවයි ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගත්තේ. මේ රටේ ධනය සූරාගෙන ගන්න නෙමෙයි. අපි මිනිස්සු වෙනුවෙනුයි දේශපාලනය කරන්නේ. අපේ දූ දරුවෝ මැරුවත් මේ රට බේරාගන්නවා කියලා හිතලයි අපි ජනාධිපතිවරයා තෝරාපත් කර ගන්න එකතු වුණේ. අපට අවුරුදු තුනක් යනකම් කරන්න ආපු දේවල් කර ගන්න බැරි වුණා. අපි ණය තුරුස් ගෙවාගෙන ඉස්සරහට එද්දි තමයි අලුත් අගමැති කෙනෙක් පත් කළේ. ජනාධිපති කළ කාර්ය නිසා රට අස්ථාවර වෙලා තියෙනවා. ආයේ අවුරුදු 50කට වත් රට ඉස්සරහට ගන්න බැරි වෙන තැනට පත් වෙලා තිබෙනවා. අද පෙන්වා දුන්නා බහුතරය තිබෙන්නේ කාටද කියලා. ජනාධිපතිතුමාට දැන් යුතුකමක් තියෙනවා මේ අපරාධය නවත්වලා අලුතින් ආණ්ඩුව පත් කරන්න. අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ දේ සිදු කරන ලෙස." 

  • ඉරාන් වික්‍රමත්න මහතා කතා කරයි.

"ආණ්ඩුවක් මුවාවෙන් පවත්වාගෙන යන මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට අද ඡන්දයත් විශ්වාස භංගයක් වුණා. අද තිබුණ ඡන්දයත් විශ්වාස භංගයක් විදියට සලකන්න පුලුවන්.  ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කතානායකවරයා ගත් තීරණය අගය කළ යුතුයි. ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව අගමැති පත් කළ හැකි වුවත් අගමැති අයින් කරන්න ජනපතිට බෑ. අගමැති අයින් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට. ඒ අනුව අගමැති විතරක් නෙමෙයි  ආණ්ඩුවත් විසිරිලයි තියෙන්නේ. රජයේ සේවකයන්ට මම කියන්නේ ආඥාවන් පිළිපදිනවා නම් ඒ නියෝග නීත්‍යනුකූලදැයි බලන්න.  ලෝක ඉතිහාසය දිහා බලන්න. අද හෙට නෙමෙයි කවදා හරි ප්‍රතිඵල ලැබෙනවා. ජනපතිකම් බලෙන් අල්ලං හිටපු අය දශක ගණනකට පස්සේ හිරේ ගොස් තිබෙනවා. ඒ අන පිළිපැද්ද අයටත් ඒකම වුණා. මෙහෙත් අද හෙට නොවුණත් කවදා හරි ඒ දේම වෙන්න පුලුවන්. මේක පාර්ලිමේන්තුව. මේකේ වරප්‍රසාද අපිට තිබෙනවා. නමුත් අනිත් අයට හිරිහැර කරන්න අවස්ථාව අපට නෑ. පොලිසිය මෙතනට ආවේ කතානායගේ නියෝගයට. පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. කම්මුල්පහර දුන්නා. පාර්ලිමේන්තුව ඇතුළේ හිටියත් නීතිය ක්‍රියාත්මක වෙනවා."

  • පාලිත රංගේ බණ්ඩාර මහතාට කෝටි 50ක් දීමට ලබා දුන් දුරකතන ඇමතුම් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරද්දී මූලාසනයේ සිටින නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ඊට අවස්ථාව ලබා නුදුන්නේය.
  • පාලිත රංගේ බණ්ඩාර මහතා කතා කරයි

"විජිත හේරත් මන්ත්‍රීවරයාගේ යෝජනාව ගැන කතා කරන්න ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. පසුගිය ඔක්තෝබර් මාසයේ ජපානයේ නිල කටයුත්තකට ගිහින් ඉන්දි ආරංචි වුණා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන බව.  27 වැනිදා මම නිල කටයුත්තට යන්න සූදානම් වෙද්දි මට දුරකතන ඇමතුමක් ආවා මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන්. ඔහු මට කිව්වේ අලුතින් බිහිකරන ආණ්ඩුවට ඇවිත් කැබිනට් ඇමැති ධුරයක් බාර ගන්න කියලා. ඉන් පසු ලංකාවට ආවට පස්සේ ආයෙත් දුරකතන ඇමතුමක් ආවා. ප්‍රධාන පුරවැසියා මට කිව්වේ හම්බෙමු, මේ අාණ්ඩුවට සම්බන්ධ එන්න කියලා. මම මගේ අකමැත්ත සෘජුවම ප්‍රකාශ කළා. මේ ව්‍යසනකාරී තත්ත්වය ඇති කරලා රටේ ප්‍රධාන පුරවැසියා මාධ්‍ය හමුවය ඇවිත් පාර්ලිමේන්තුව විසිරුවන්න හේතු කිව්වා. මන්ත්‍රීවරුන් මිල ගණන්වලට විකිණීම නිසා පාර්ලිමේන්තුව විසිරුවන්න වුණා කිව්වා. මෙවැනි තත්ත්වයක් ඇති කළේ මේ රටේ ජනාධිපතිතුමා."

"ඔහුගේ තීරණය නිසා මන්ත්‍රීවරුන්ට කතා කළා. එස්බී නාවින්න මහතා අනිත් පැත්තට යනවා කියලා ආරංචි වෙලා අපි එස්බී නාවින්න හමුවෙන්න ගියා.  මේ කපුකම කළ පුද්ගලයා මට දිගින් දිගටම කතා කළා රුපියල් කෝටි 50ක මුදලක් ඇමෙරිකන් ඩොලර් වලින් මට ගෙදරට ඇවිත් දෙන්න කතා කළා. නාවින්න ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සහ යෝජෂිත රාජපක්ෂගේ ලේකම්වරයකු කියන පුද්ගලයා මට කතා කළා. ඔවුන් මට කතා කළ හඬපට මම ඉදිරිපත් කළා. එස්බී දිසානායකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන නවීන් කියන පුද්ගලයා මට කතා කළා. කෝටි 50ක මුදලකුත් අරගෙන මහාචාර්යවරයෙකුත් එක්ක මගේ නිවසට එන බව තව කෙනෙක් කිව්වා. මේ රටේ උගත් කියලා සම්මත අය තමයි මහාචාර්යවරු. ඒ මහාචාර්යවරයෙක් තමයි මන්ත්‍රීවරයන් මිලදී ගැනීමේ කටයුතු කළේ.  මන්ත්‍රීවරයන් අලෙවි කරන තත්ත්වය පත් කළේ ජනාධිපතිවරයා ගත් අමනෝඥ ක්‍රියාකාරිත්වය නිසා. මේ තොරතුරු මා සතුව තිබෙනවා. අවශ්‍ය නම් මේ සභාවේ ක්‍රියාත්මක කර පෙන්වන්න පුලුවන්."

  • නියෝජ්‍ය කතානායකවරයා ඉවත් වී නියෝජ්‍ය කාරක සභා සභාපති මූලාසනයට පැමිණෙයි.
  • සුජීව සේනසිංහ මහතා කතා කරයි  

"තරුණ මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ ඇති වෙලා තියන තත්ත්වය සම්බන්ධයෙන් මට කණගාටුයි. අද පැහැදිලි වුණා බහුතරය තිබෙන්නේ කාටද කියලා. 120ට වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂට එරෙහිව තිබෙන බව අපි මුල ඉදන්ම කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණු දා සිට ඇතිවූ කළුම පැල්ලම ඇති වුණේ එදා පාර්ලිමේන්තුවේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුල්ලකට දාලා ප්‍රචණ්ඩත්වය පාර්ලිමේන්තුවේ ඇති කරන්න මහින්ද ප්‍රමුඛ කණ්ඩායමට හැකි වුණා."

  • ආර්.සම්පන්දන් මහතා කතා කරයි.

"ජවිපේ නායකතුමා හොඳ කතාවක් කළා. දැනට රටේ ඇති තත්ත්වයට පසුබිම් වූ කරුණු එහි සඳහන් වුණා. අගමැතිවරයා කියන කෙනා මේ සභාවේ විශ්වාසය දිනාගෙන තිබෙනවද කියන එක සරල දෙයක්. ඔහුට විශ්වාසය නැතිනම් ඔහු මේ රටේ අගමැති නෙමෙයි. සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල සම්ප්‍රදාය එයයි. ඔක්තෝබර් 26 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අගමැති කර තිබුණත් ඔහු මේ සභාවේ විශ්වාසය දිනාගෙන නෑ.  අපිට මෙහිදී අල්ලස් දීම, තර්ජනය කිරීම මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගන්න සෘජු ක්‍රමයක් ලෙස සළකන්න බෑ.
ඔක්තෝබර් 26න් පස්සේ රටේ සිදු වෙන දේ අපි දන්නවා. නොවැම්බර් 16 වැනි දා මේ රට අවමානයට පත්වුණා. පාර්ලිමේන්තුව අවමානයට පත්වුණා සමහර මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා. කතානායකට එතුමාගේ ආසනයේ අසුන් ගන්න අවස්ථාව ලැබුණේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීට පහර දුන්නා. මේ මන්ත්‍රීවරුන්මයි එසේ කළේ. මේ සියල්ල කළේ මේ සභාව බලය නිහඬ කිරීමටයි. "

  • සභාව දිවා ආහාරය නැතිව සවස 6 දක්වා කර ගෙන යෑමට අනුමැතිය ලැබේ.
  • මංගල සමරවීර මහතා කතා කරයි

"සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය හේතුකොට ගෙන අද රට අරාජික වෙලා. එක පුද්ගලයකුගේ හීනමානය නිසා මිලියන 22ක ජනතාවගේ අනාගතය අවිනිශ්චිතතාවකට පත් වෙලා තිබෙනවා. අපේ මුළු ආර්ථිකයම පසුගිය සති තුනේ භයානක අර්බුදයකට තල්ලු වෙලා. අද ඩොලරය එකසිය අසූ ගණනකට වැඩි වෙලා. අපි ඩොලයර 173 ස්ථාවර කරගෙන ඉන්දි බන්දුල ගුණවර්ධනලා කිව්වා අපිට දුන්නා නම් අඩු කරනවා කියලා. දැන් කියනවා 200ට ගියත් කරන්න දෙයක් නෑ කියලා. මේ වන විට මේ රටේ නීත්‍යනුකූල රජයක් නෑ. නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ.  ව්‍යවස්ථාවේ 148 වලන්තියේ තියෙනවා මූල්‍ය පරිපාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා.  මම මුදල් ඇමැතිවරයා විදියට දෙසැම්බර් 31 වෙනකම් මුදල් වෙන්කර වරෙන්තුව අත්සන් කර තිබුණත් 31න් පස්සේ මුදල් වෙන් කරන්න පුලුවන් වෙන්නේ නීත්‍යනුකූල අයවැයක් හෝ අතුරු සම්මත ගිණූමක් තිබ්බොත් විතරයි. හොර කැබිනට් එකෙන් අතුරු සම්මත ගිණුමක් පාස් කර ගත්තත් පාර්ලිමේන්තුවේ එය පාස් කර ගන්න බෑ."

  • මරික්කාර් මන්ත්‍රීවරයා - රජයේ නාලිකාවල සජීව පෙන්වනවා ඒකාබද්ධයේ මාධ්‍ය හමුව. ඒ නිලධාරීන් වරප්‍රසාද හමුවට කැදවන්න.
  • නියේාජ්‍ය කතාකායක - ඒ ගැන එකාතායකගේ අවධානයට යොමු කරන්නම්
  • කතානායකවරයා පිටවී නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණෙයි.
  • පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝජනා කළේය.

"මෙම අස්ථාවර බව ඕපපාතිකව නිර්මාණය වුණේ නෑ. මෙම අස්ථාවර බව දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඔක්තෝබර් 26 වැනි දා පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා.   එක මැතිවරණයක සිට තවත් මහ මැතිවරණයක් වෙනකම් කාලයේ දී අලුත් ආණ්ඩුවක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට අවස්ථාව තිබෙනවා බහුතර කැමැත්ත අනුව ආණ්ඩුවක් තෝරාගන්න. මෙම අස්ථාවර බව ඕපපාතිකව නිර්මාණය වුණේ නෑ. මෙම අස්ථාවර බව දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඔක්තෝබර් 26 වැනි දා පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේසෙක දෙපැත්තක හිටගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා උඹ අගමැති මම ජනපති කියලා. මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ලෝකයේ මෙවැනි රටක මෙවැනි ආණ්ඩු පෙරලීම් වුණා නම් එය ලේ වැගිරීම් වලිනුයි නවතින්නේ. අපේ රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව විජිත හේරත් මහතා ඉදිරිපත් කරයි.

  • එය ස්ථිර කරමින් අනුර කුමාර දිසානායක මහතා කතා කරයි.
  • පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුවක් නැතැයි තීරණයක් දී තිබිය දී ජනමාධ්‍ය ආණ්ඩු පක්ෂය යැයි භාවිතා කිරීම වැරදි බව මන්ත්‍රීවරයෙක් පැවසීය.
  • තවත් වරක් නමින් ඡන්දයක් පවත්වන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළේය.
  • පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකට නොපැමිණීම නිසා පැවැති ඡන්දයට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු බව කතානායකවරයා තීරණය කළේය.
  • ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වෙයි.
  • ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වෙයි.
  • තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේ යෝජනාව ගැන ඡන්ද විමසීම අවසන්
  • ඉලෙක්ට්‍රෝනික් ක්‍රමය වැඩ කරන්නේ නැති මන්ත්‍රීවරුන් ළඟට නිලධාරීහු ගොස් සහාය දෙති. ඉලෙට්‍රෝනික ක්‍රමයට බැරි වූ මන්ත්‍රී හු වාචිකව ඡන්දය දෙති.
  • ඉලෙට්‍රෝනික් ක්‍රමයට ඡන්දය ලබා ගැනීම ඇරැඹේ.
  • පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළේය. ඒ කථානායකවරයා තේරීම් කාරක සභාවට නම් ක නියෝජිතයන් සඳහා විරෝධයක් එල්ල වූ බැවිනි.  
  • පාර්ලිමේන්තුව නිසියාකාරව කටයුතු නොකරන බව සඳහන් කරමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත්ව යයි.
  • විමල් වීරවංශ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.
  • කථානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කර ඇති බවත් 14 වැනිදා විශ්වාසභංගයක් සම්මත වූ බව ප්‍රකාශ කර ඇති බවත් තේරීම් කාරක සභාව පිළිබඳව යම් ප්‍රශ්ණයක් ඇත්නම් තේරීම් කාරක සභාවට නමින් ඡන්දයක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
  • එසේම කථානායකතුමාගේ ක්‍රියා කලාපය ගැටලුවක් ඇත්නම් නමින් නමට ඡන්දයක් ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
  • විශ්වාසභංග යෝජනාවක් සම්මත කළයි ප්‍රකාශ කිරිම ප්‍රතික්ෂේප කරනවා ආණ්ඩුව පිළිගත යුතුයි. ආණ්ඩුව වැඩ කරගෙන යනවා යැයි  බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
  • සභාවේ ඝෝෂා
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - කතානායකතුමනි නමින් ඡන්දයක් ගන්න
  • අජිත් පී පෙර්රා  මහතා - පාර්ලිමේන්තුව පාලනය විය යුත්තේ ස්ථාව නියෝග අනුවයි. නම් ලැයිස්තුවේ ආණ්ඩුව විපක්ෂය කියලා නෑ. මෙය ස්ථාවර නියෝගවලට එකඟයි.
  • සභාවේ ඝෝෂා
  • විමල් වීරවංශ මහතා - පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යේාජනාවක් සම්මත වෙලා නෑ. විශ්වාස භංගයක් හඬින් සම්මත කරන්න බෑ. 
  • විමල් වීරවංශ  මහතා කතානායකට මූලාසනාරූඩ මන්ත්‍රී ලෙස ආමන්ත්‍රණය කරයි.
  • අපි මේ පාර්ලිමේන්තුව අත හැර යන බව විමල් වීරවංශ කියයි. 
  • අනුර කුමාර දිසානායක මහතා - හඳපානේ ජනාධිපති ඇවිත් අගමැති ගෙනත් ආණ්ඩු හදන ඒවා තමයි කැලෑ නීති. මේ තේරීම් කාරක සභාව ගැන ප්‍රශ්නයක් තිබේ නම් පාර්ලිමේන්තුවේ තමයි තීරණය ගත යුත්තේ.  ඒ සඳහා නමින් ඡන්දයක් ඕනෑ.
  • කතානායකවරයා ව්‍යවස්ථා විරෝධීව හැසිරෙන බව කියනවා නම් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන එල චෝදනා කරන පිරිසට කියනවා.
  • බන්දුල ගුණවර්ධන මහතා - අපේ රජය පාර්ලිමේන්තුවේ පිළිගන්න.  
  • තේරීම් කාරක සභාවට තමාගේ පක්ෂයටත් අවස්ථාවක් අවශ්‍ය බව ඩග්ලස් දේවානන්ද කියයි.
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -  පාර්ලිමේන්තුවේ අගමැතිවරයකු නැතැයි ඔබ ප්‍රකාශයක් කර තිබෙනවා. ආණ්ඩුව කියන අයට මම කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න කියලා. ඔවුන් තවම බහුතරය පෙන්වලා නෑ. බහුතරය පෙන්නුවොත් අපි බලතල දෙනවා.
  • බහුතරය පෙන්නුවොත් සේරම දෙනවා යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
  • මේ සදහා විරෝධය පළකරමින් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි. සභාවේ දැඩි ඝෝෂා ඇතිව තිබේ.
  • මන්ත්‍රි සංඛ්‍යාව ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් තේරීම් කාරක සභාවට නම් කළ නම් වලට විරෝධය පළ කරන බවත් කථානායකවරයා පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත රැස්වීමක් බවත් ප්‍රකාශ කළේය.
  • සන්ධානය  - දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ යන මහත්වරුන් 
  • එජාපේ - රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් 
  • ඉලංකෙයි තමිල් අරුසකච්චි - මාවෙයි සේනාධිරාජා මහතා
  • ජවිපෙ - විජිත හේරත් මහතා
  • තේරීම් කාරක සභාවේ නම් කතානායක ඉදිරිපත් කරයි.
  • සෙංකෝලය රැගෙන ඒමෙන් පසු පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඇරැඹේ.
  • කතානායක  කරු ජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් අද  පාර්ලිමේන්තුව අරැඹිණි.
  • අද පාර්ලිමේන්තුවේ  සම්පුර්ණ වීඩියෝව පහතින්,

පාර්ලිමේන්තු තුළ එක්සත් ජාතික පක්ෂයට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම වැඩි බවට කථානායකවරයා විසින් පිළිගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද (19) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර කථානයකවරයාට මුහුණ දිය නොහැති තත්ත්වයක් නිසා අද සභා ගර්භය වෙත නොපැමිණි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කථානායකවරයෙකුට අගමැතිවරයෙක් පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලයක් නොමැති බවට පක්ෂනායක රැස්විමේදී  එක්සත් ජනතා නිදහස් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කළ බව ඒ මහතා පැවසීය.

විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපක් කළ මුදල් පිළිබඳ යෝජනාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මුදල් පිළිබඳ යොජනාවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළ නොහැකි බවයි.

  • ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායක අසුන අසළ විරෝධයක නිරත වෙමින් සිටිති.

  • මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතා කථානායක පුටුවේ වාඩි වී තිබේ.

  • තවත් මන්ත්‍රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක නිරත වෙයි.

  • පස්වරු 1.30ට රැස්වීම ආරම්භවීමට නියමිතව තිබිණි.

  • ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්තාව අතර සභා ගර්භයට පිහි රැගෙන පැමිණි පාලිත තෙවරප්පෙරුම, රන්ජන් රාමනායක සහ රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගන්නැයි බලකරමින් ආණ්ඩු පක්ෂය මේ විරෝධතාව පවත්වන බව සඳහන් වේ. 

  • කෙසේ නමුත් මෙම කාරණාව පිළිබඳ කථානායකතුමාගෙන් ද ඉල්ලීමක් කර තිබූ අතර කථානායක වරයා පිහි රැගෙන පැමිණි මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම ප්‍රතික්ෂේප කල නිසා මේ විරෝධතාව පවත්වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

  • සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීරණයට හෙළි කොප්ටරයක් ගොඩ බස්වයි.

  • කෙසේ වෙතත් මේ වන විටත් සභාව ආරම්භ කිරිමට නොහැකිව තිබේ. 

  • පාර්ලිමේන්තු සංකීරණයට ආ පොලිසියට මන්ත්‍රීවරු පහර දෙති

  • කථානායක පුටුව මන්ත්‍රීවරුන් විසින් ඉවත් කරයි.

  • පොලිස් ආරක්ෂාව මැද කතානායක පාර්ලිමේන්තුවේ වැඩ අරඹයි.

  • කථානායකවරයා නොසන්සුන්තාවත් සමග පාර්ලිමේන්තුවෙන් පිටත්ව යයි.

  • 19 වනදා පස්වරු 01 දක්වා කල් තබයි 

  • කතානායක පිටව යෑමෙන් පසු ජනපති පිටව යයි.

  • කතානායක නැගිට ගිය පසු මහින්ද රාජපක්ෂ මහතා පිටව යයි.

  • පාර්ලිමේන්තුවේ තවමත් කෑ කෝ ගැසීම් 

  • (update) : තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි. 

  • කල්තැබු  පාර්ලිමේන්තු සභා වාරය  අද (15) යළි  උදෑසන 10 ට ආරම්භ  කෙරිණි.

  • බහුතරය නොමැති බව  පවසමින්  කතානායක කරූ ජයසුරිය මහතා  ඊයේ (14) පාර්ලිමේන්තුව  අදට කල් තැබුවේය.

  • පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමත් සමඟ කතානායකවරයා පාර්ලිමේන්තුවේ කතා කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා දීමත් සමඟ දිනේෂ් ගුණවර්ධන මහතා නැගී සිටියේය.

  • කතානායක - එය කියවන්න බෑ. ඒකට මං පිළිතුරක් යවනවා. 

  • දිනේෂ් ගුණවර්ධන මහතා  - ජනාධිපතිතුමා එවපු ලියුම කියවන්න.

  • දිනේෂ් ගුණවර්ධන මහතා  - (ලියුම කියවන්න පටන් ගනී)

  • කතානායක - නෑ ඒක කියවන්න අවස්ථාව නෑ. මමත් උත්තර යැව්වාම දෙකම ඉදිරිපත් කරන්නම්.

  • මහින්ද රාජපක්ෂ මහතා - "මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා. මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා. කුඩා කාලේ ඉඳන් පාර්ලිමේන්තු ආවා. ඉපදිච්ච දවසේ ඉඳන් පාර්ලිමේන්තු ඇවිත් තියෙනවා. ඊයේ වගේ දවසක් මම දැකලා නෑ. පසුගිය ඔක්තෝබර 26 වෙද්දී ජනතාව හිටියේ ලොකු පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩා වැටීම, බදු බර, මහබැංකු මංකොල්ලය, දෙගුනයක් වැඩිවුණු පොලී අනුපාතය, රජයේ දේපොළ විදේශිකයන්ට විකිණීම සැරසීම, විදෙස් ගිවිසුම්වලට පිවිසීම, ආයෝජකයන්ගෙන් මහා පරිමාණ කොමිස් ඉල්ලීම. අපි දැක්කා ජනාධිපතිතුමා එජාපෙ ආර්ථික කළමනාකරණ කොමිසම විසිරෙව්වා."

    "ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළැයි කියන කතාව සාක්කිත් එක්ක අපිට අහන්න ලැබෙන්නේ. මේ තත්ත්වය එක්ක තමයි ජනාධිපතිවරයා තීරණය කළේ ආණ්ඩුවෙන් එජානිසය ඉවත් වෙන්න. ඒ එක්කම පැවතුණු ආණ්ඩුව විසිරෙව්වා. ඉන් පස්සේ ජනාධිපතිවරයා මට ආරාධනා කළා ආණ්ඩුවක් පිහිටුවන්නයි කියලා.මට තිබ්බා ඒක පිළිගන්න හා ප්‍රතික්ෂේප කරන්න. මට ඕන නම් කියන්න තියන්න තිබ්බා යූඇන්පිය අවුරුදු හතරක් හිටපු විදියට ඉතුරු ටිකත් හිටපු දෙං කියලා. තව අවුරුද්දයි තිබුණේ. අපි තමයි විපක්ෂයේ ප්‍රධාන විපක්ෂ බලවේගය විදියට හිටියේ. අපිට යුතුකමක් තිබ්බා ජනාධිපතිතුමා අපිට වගකීම බාරදෙන කොට ඒ වගකීම බාර ගන්න. 2015 ජනවාරියේ ඉඳලා එජාපයේ විදේශ විනිමය නම විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක් අරගෙන තියෙනවා. මට ණය ණය ණය කියනවා. මේ ඉවක් බවක් නැතිව ණය ගැනීම තමයි වින්නැහිය. අපි පිහිටෙව්වේ අන්තර්කාලීන අය වැයක් විතරයි. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට මහ මැතිවරණයක් ඉල්ලා හිටියා. පැවැති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළාගත්තා. පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවුරුදු තුනක් ගියා. අද වෙනකොට සබරගමුව, උතුරු සහ නැගෙනහිර පළාත් සභා විසිරුවලා. නමුත් ඡන්දය නෑ. ජනාධිපතිතුමා තමාට හිමි බලතල අනුව ඡන්දයක් කැඳෙව්වා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට එජාපය ජවිපෙ උසාවි ගියා ඡන්දයට එරෙහිව.  මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුට එද්දි පෝස්ටරයක් දැක්කා ඡන්දෙකින් කාගෙද අයිතිවාසිකම් නැතිවෙන්නේ කියලා. මීට කලිනුත් පාර්ලිමේන්තු කලින් විසිරුවලා මහ මැතිවරණ තිබ්බා."

    "ඒකෙන් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකෙන්නේ. මම අගමැති හැටියට දිවුරුම් දුන්න ගමන්ම රට පුරා නව බලාපොරොත්තුවක් පැතිර ගියා. අපි කතානායකවරයා ව්‍යවස්ථාවටත්, ස්ථාවර නියෝගවලටත් පටහැනිව විශ්වාස භංගයක් සම්මත කර ගත්තා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. ඡන්දයක් තියන්න ඕනෑ. කතානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැති ආයේ අගමැති වුණා කියලා හිටපු අමැතිවරු අමාත්‍යංශවලට ගිහින් තිබ්බා. අගමැති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට දීලා නෑ. බලයක් නෑ කියලා දැන දැනයි බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ. දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මතගැටුමක් තියෙනවා. මේ අරාවුල මෙතන 225 විසඳගන්නේ නැතුව මෙය ඡන්ද දායකයන්ට බාර දෙමු. මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුට එද්දි පෝස්ටරයක් දැක්කා ඡන්දෙකින් කාගෙද අයිතිවාසිකම් නැතිවෙන්නේ කියලා. මීට කලිනුත් පාර්ලිමේන්තු කලින් විසිරුවලා මහ මැතිවරණ තිබ්බා. ඒකෙන් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකෙන්නේ. මම අගමැති හැටියට දිවුරුම් දුන්න ගමන්ම රට පුරා නව බලාපොරොත්තුවක් පැතිර ගියා.  අපි කතානායකවරයා ව්‍යවස්ථාවටත්, ස්ථාවර නියෝගවලටත් පටහැනිව විශ්වාස භංගයක් සම්මත කර ගත්තා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. ඡන්දයක් තියන්න ඕනෑ. කතානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැති ආයේ අගමැති වුණා කියලා හිටපු අමැතිවරු අමාත්‍යංශවලට ගිහින් තිබ්බා.  අගමැති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට දීලා නෑ. බලයක් නෑ කියලා දැන දැනයි බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ. දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මතගැටුමක් තියෙනවා. මේ අරාවුල මෙතන 225 විසඳගන්නේ නැතුව මෙය ඡන්ද දායකයන්ට බාර දෙමු. අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නොවේ, ජනතාවටයි. මම සංතෝෂ වෙනවා පාර්ලිමේන්තුව විසිරුවන යෝජනාවක් ආවොත් එයාලා ඒකට පක්ෂ වෙනවා කියලා. එජාපය මොකද කියන්නේ? ඡන්දෙකට යන්න කැමතිද අකමැතිද? ප්‍රකාශ කරන්න. ජනතාව තමන්ගේ අභිමතය අනුව සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අපි සමඟ එකතු වෙන්න. අපිට මහ මැතිවරණයක් අවශ්‍යයි."

  • මන්ත්‍රීවරු පිරිසක් කතානායක අසලට වී කතානායකට ආරක්ෂාව සපයමින් සිටිති. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාව මැදට පැමිණියහ.

  • පෙට්‍රල්  මිල අද රෑටත් අඩු කරනවා. ගරු කතානායකතුමනි, ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන කතානායකවරයෙක්. පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නොවෙයි. 

  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හා එතුමාගේ කතාව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව මම යෝජනා කරනවා.

  • කතානායක  - සභාව එකඟද?මට තීරණයක් ගන්න බෑ . සභාව තීරණයක් ගන්න.

  • (සභාවේ ඝෝෂා)

  • මන්ත්‍රීවරු පිරිසක් කතානායක අසලට වී කතානායකට ආරක්ෂාව සපයමින් සිටිති. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාව මැදට පැමිණියහ.

  • කතානායකවරයා අසලට ගොස් ඔහුගේ මේසය මතින් යමක් ඇදීමට උත්සාහ කළ මන්ත්‍රීවරයකුගේ අත තුවාල වන අයුරු දක්නට ලැබිණි.

  • සභාව මැද කේන්තියෙන් හැසිරෙන මහින්දානන්ද අලුත්ගමගේ මහතා අස්වැසීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ ගන්නා අයුරු දක්නට ලැබේ.

  • කතානායකවරයාගේ මේසය වටකරගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කරති. 

  • මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමරුවක්ද ඇතිව තිබේ.

  • පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලබා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු කරයි.

  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙත් ඉවත්ව යාමට කටයුතු කළේය. කතානායක කරු ජයසූරිය මහතාද සිය ආසනයෙන් ඉවත්ව ගියේය.

  • පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිය විසින් සභා ගර්භයේ ඇති සෙංකෝලය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

  • කෙසේ වෙතත් තවමත් මන්ත්‍රීවරු පිරිසක් පර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටිති.

  • ඔවුන් තැනින් තැන සාකච්ඡා කරමින් සිටින අතර තවත් පිරිසක් විරෝධතා පාඨ කියමින් සභා ගර්භයේ වාඩි වී සිටිති.

  • පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට පැමිණ ඇති මාධ්‍යවේදීන් ඉන් ඉවත්කර නැවතත් සැසිවාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව තොරතුරු වාර්තා වෙයි. මාධ්‍යවේදීන්ට පනවා ඇති අසුන්වලින් ඔවුන්ට ඉවත්වන ලෙසට මාධ්‍යවේදීන්ට ඉවත්වන ලෙසට පොලීසිය දැනුම් දී තිබේ. කෙසේ වෙතත් මෙවැනි දෙයක් සිදුවන්නේ පළමු අවස්ථාවට බවත් ඔහු සඳහන් කළේය.

  • පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් මස 21 දා පෙ.ව. 10.00 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.

  • එම වීඩියෝව පහතින්,

පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට  පෙරවරු 10 දක්වා කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී, ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර පැවති රජයේ හෝ වත්මන් රජයේ කිසියම් කෙනෙකු තවදුරටත් රාජ්‍ය දේපළ අවභාවිත කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එම විශේෂ ප්‍රකාශය මගින් ගුණවත් සමාජයක් සහිත රාජ්‍ය පාලනයක් සඳහා සියලු දෙනාගේ සහය ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා පැවසී ය.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් දින 14 ක් ඇතුළත ජනතාව අමතන තුන්වන අවස්ථාව  මෙය බව ද තමා පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කීරීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 වනදා තම අදහස් ඉදිරිපත් කළ බව ද ජනාධිපතිවරයා ‍එම නිවේදනයේ වැඩිදුරටත් දක්වයි.

එමෙන්ම නොවැම්බර් 05 වනදා බත්තරමුල්ලේ පැවති ජන හමුවේ දී දෙවන අවස්ථාවට දේශපාලන අදහස් ප්‍රකාශ කළ බවත් අද තුන් වන අවස්ථාවටත් ජනතාව අමතන බව ද ජනාධිපතිවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව තමා විසින් ජනතාව අමතන පළමු අවස්ථාව මෙය බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා විසින් සිදු කල සම්පූර්ණ කථාව පහතින් දැක්වෙයි.

තෙරුවන් සරණයි, දෙවි පිහිටයි,
ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි,
සියලූම ගෞරවනීය ආගමික පූජතුමන්ලාගෙන් අවසරයි.
හිතවත්, දෙමාපියනි, දරුවනි, හිතවතුනි,

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් දින 14 ක් ඇතුළත ඔබ අමතන තුන්වන අවස්ථාව අද. මම පළමුවෙන්ම ගරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කීරීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 වනදා ඔබට මගේ අදහස් ඉදිරිපත් කළා.

ඒ වගේම නොවැම්බර් 05 වනදා බත්තරමුල්ලේ පැවති ජන හමුවේ දී දෙවන අවස්ථාවට දේශපාලන අදහස් මම ඔබට ප‍්‍රකාශ කළා. අද තුන් වන අවස්ථාවටයි මම ඔබ අමතන්නේ . මෙහි තිබෙන වැදගත්කම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මා විසින් ඔබ අමතන අවස්ථාව වීමයි. විශේෂයෙන්ම මා මුලින්ම ඔබට සඳහන් කරන්නට ඕන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතු වූ කරුණු ඉතාමත් සකෙවින් මෙන්ම කෙටියෙන්,

අපේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය, ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භ කරනු ලැබුවේ රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගය අවසන් කරමින්, පළමුවෙනි පාර්ලිමේන්තුව ආරම්භ වුණේ 1947. එදා සිට අද දක්වා මහ මැතිවරණ පවත්මින්, ආණ්ඩු වෙනස් වෙමින්, නව රජයන් බලයට පත් වෙමින් මේ රටේ රාජ්‍ය පාලනය සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ තත්ත්වය පසුගිය සතිය වන විට දේශපාලන වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් විනයගරුක සහ සදාචාරාත්මක සහ ශීලාචාර සමාජයක් ගොඩනැගීමේ කාර්යය උරුම වී තිබෙන රටේ උතුම්ම ස්ථානය, ජනතා පරමාධිපත්‍ය පැහැදිලිවන ඉහළම ස්ථානය වන පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ වටිනාකම් රුපියල් මිලියන 100 සිට 150 දක්වා, ඒවගේම ඇතැම්විට සමහර මන්තී‍්‍රවරු මිලියන 500 දක්වා මිල නියම කර පෙන්වන්න පටන් ගත්තා.

අපේ රටේ පාර්ලිමේන්තුව තුළ ඇති වූ දේශපාලන අර්බුද සහ වෙනස්වීම් වලදී ඒ පිළිබඳව අපට අත්දැකීම් තිබෙනවා. මගේ මතකයේ තිබෙනවා 1964 දී ලේක්හවුස් පනතට විරුද්ධ වී පාර්ලිමේන්තුවේ ඇති වූ පරිවර්තනයන්. ඒ තුළ සිදු වූ ආණ්ඩු වෙනස. නමුත් 47 සිට අද දක්වා කාලය ගත් විට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවල දූෂිත වූ තත්ත්වයක් අපිට දැනගැනීමට වාර්තා වන්නේ නැහැ. 2015 ඇති වූ මහ බැංකු මංකොල්ලය, ඉන් පසුව ඇති වූ විවිධ දූෂණ අක‍්‍රමිකතාවලට තිබූ සම්බන්ධතාවය, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ඇතිවූ දේශපාලන උණුසුම් සහගත තත්ත්වයේදී මන්තී‍්‍රවරුන්ගේ වටිනාකම් මම පෙර කී පරිදි මිල නියම කිරීම ඒ අය විසින් කරනු ලැබුවා. එය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඔබේ ගෞරවනීය ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණි මෙම නියෝජිතයන් තමන්ගේ වටිනාකමට වාණිජ්‍ය වටිනාකමක්, මිලක් නියම කිරීම මොනතරම් දේශපාලන වශයෙන් ඛේදජනක ද අවසනාවන්ත ද යන්න ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නා වූ දෙයක්.

ඒ තුළ ප‍්‍රධාන වශයෙන්ම ඇති වූ තත්ත්වය මූලික කාරණයක් වුණා පාර්ලිමේන්තුව විසුරුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දෙවන කාරණය ලෙස මුල් වූයේ හිටපු කථානයක කරු ජයසුරිය මහතාගේ හැසිරීම පුදුමාකාර වීම. ඒ ගැන මම ඉතාම කනගාටු වෙනවා. එතුමා මගේ ඉතාම හිතවතෙක්, මිත‍්‍රයෙක්. අපේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ පත් වූ කාථානායකවරු මධ්‍යස්ත හා අපක්ෂපාතිභාවය ඉහළින්ම පෙන්නුම් කළා 1947 සිට මේ දක්වාම. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය පිළිබඳව නොසලකමින්, ඒ වගේම ජනාධිපතිවරයා සතු බලතල වලින් අග‍්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමේදී එය පිළිනොගන්නා ස්වභාවයක් ඇති කරමින් එතුමා විසින් කරනු ලැබූ ප‍්‍රකාශනයන් සහ එතුමාගේ හැසිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල් වූ දෙවන කාරණය කියලා මම මෙහි දී සඳහන් කරන්න ඕන.

මෙහි දී මා මතක් කරන්න ඕන අපි දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඔබේ මතකය මම යොමු කරනවා 2015 ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති මැතිවරණයෙන් පසුව ඊට පසුදා ජනාධිපති ධූරයේ දිවුරුම් දී, ඊට මොහොතකට පසුව ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර මණ්ඩලයේ 225 න් 162 ක බලයක් තිබූ දි.මු ජයරත්න මහතා ඉවත් කර. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පත්වුණේ මන්තී‍්‍රවරුන්ගේ සංඛ්‍යාව 41 ක් තිබියදී. ඒ අවස්ථාවේ අද කතා කරන බහුතරය පිළිබඳව කථා නොකළ බව ඔබේ මතකයේ තිබෙනවා.

බොහෝ විට සම්ප‍්‍රදාය වන්නේ ජනාධිපතිවරයාට විශ්වාසය තැබිය හැකි පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු බහුතරයකගේ කැමැත්ත ගත හැකි මන්තී‍්‍රවරයෙකු, අගමැතිවරයා වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන එකඟතාවයන් අනුව පත් කිරීම. එසේ පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා කෙරෙන ස්ථාවර නියෝග, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නීති රීති යටතේ කටයුතු කරනු ලබනවා. එහෙත් අගමැතිවරයෙක් පත් කර පාර්ලිමේන්තුවට යන පළමු දිනයේදීම කිසියම් ආකාරයක ඔහු කෙරෙහි විශ්වාසය තිබේ ද යන්න බහුතරය විමසීමේ ඡන්ද විමසීමක් කිසි දවසක අපේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ සිදුවී නැහැ. ස්ථාවර නියෝග තුළ එවැන්නක් සිදුවන්නෙත් නැහැ.

නමුත් පාර්ලිමේන්තුවේ ඒ තිබූ සම්ප‍්‍රදායන් කඩ කරමින් ගරු කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලැබු නිවේදන අංක 02 යටතේ, එතුමා නිකුත් කළ පළමු නිවේදනයේ සඳහන් වුණා මහින්ද රාජපක්ෂ මහතා පිළිගනිමින් අගමැතිවරයාට තිබෙන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද පාර්ලිමේන්තුවේ හිමිකරන බව. ඒ කියන්නේ විශේෂයෙන්ම අගමැතිවරයාට අයත් පාර්ලිමේන්තුවේ ආසනය. ඒ වගේම පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය. එය පළමු ප‍්‍රවෘත්ති නිවේදනයේ තිබුණත්, ඊට දින කිහිපයකට පසුව නිකුත් කළ දෙවැනි ප‍්‍රවෘත්ති නිවේදනය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ප‍්‍රවෘත්ති නිවේදනයක් බවට පත්වුණා. එහි එතුමා කියා සිටියා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පිළිගන්නා බව. මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඒ ඇතිවූ තත්ත්වය මා දැඩි ලෙස අවධානයට යොමු කළා.

ඒ වගේම දෙපාර්ශ්වයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප‍්‍රකාශ නිකුත් වුණා, මාධ්‍ය තුළ විවිධ සාකච්ඡුා මගින්, 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විශාල ගැටුමක් ඇතිවන බවත්, ඇතැම්විට කිහිප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැමුන් ප‍්‍රකාශ කළා. එසේ එම සිද්ධිය සිදුවීමට මම ඉඩ හැරියා නම් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කර එම ගැටුම ඔබෙත්, මගෙත් මේ ආදරණීය මාතෘ භූමියේ නගරයක්, ගමක් පාසා ඇතිවන ගැටලූ සහගත තත්ත්වය, විශේෂයෙන්ම රටේ සිවිල් ජනතාවට අතර කලබලයක්, බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගියා.

ඒ නිසා ඒ සියල්ලටම වඩාත් සුදුසු විසඳුම වන්නේ ඒ 225 හේ ගැටුම්සහගත තත්ත්වයක් එහි නිර්මාණය වෙමින් රට පුරා විශාල ගැටුම් සහගත සාමය කඩවන තත්ත්වයකට රට පත් වීමට ඉඩ හැරීම නොව මගේ වගකීම සහ යුතුකම වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් ලෙස ගුරු කොට සලකමින් නිදහස් සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් සඳහා මන්ත‍්‍රීවරු තෝරා පත් කර ගැනීමටත් මේ තිබෙන තත්ත්වයන් විසඳා ගැනීමටත් අපේ රටේ පුරවැසියන් ඡන්ද බලය හිමිවූ ලක්ෂ එකසිය පනහක සංඛ්‍යාවට එම බලය පැවරීමත්. ඒ නිසා මන්ත‍්‍රීවරු අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත් කථානායකවරයාගේ ක‍්‍රියා කලාපයත් ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුක්තිසහගත වූත් සාධාරණ වූත් තීන්දුව විය යුත්තේ එය පොදු ජනතාවට භාරදීම යන ඒ උතුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාර්ථය ඉටු කරමින් තමයි මම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ. ඒ තුළින් දැන් තිබෙන තත්ත්වයට පැහැදිලි ස්ථිරසාර විසඳුමක් මහ මැතිවරණයකින් ඇති වන බව ප‍්‍රකාශ කරන්නට ඕනෑ.

මෙහි දී මහ මැතිවරණය පැවැත්වීමේ පූර්ණ බලධාරීන් වන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි. මැතිවරණ කොමිෂන් සභාවට අපි සම්පූර්ණ සහයෝගය දිය යුතු වෙනවා. මැතිවරණ නීතිරීති ආරක්ෂා කරමින් රට තුළ මැතිවරණ කොමිසම විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාධාරණ සහ යුක්තිසහගත මැතිවරණයක් පැවැත්වීමට ඔබ අප සෑම කෙනෙක්ම අපගේ ඉහළම සහයෝගය මැතිවරණ කොමිසමටත් රාජ්‍ය නිලධාරීන්ටත් ආරක්ෂක කටයුතුවල යෙදෙන පොලීසිය ඇතුළු ත‍්‍රිවිධ හමුදාවටත් සහයෝගය ලබා දෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම මා ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම නිහතමානී ලෙසයි. නව ආණ්ඩුවක් අපි තෝරා ගත්තා. ඒ වගේම දුෂිතයන් ඉවත් කර රාජ්‍ය පාලනය සඳහා පිරිසිදු මන්ත‍්‍රී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම ගෞරවනීය ඔබට භාරයි. අප ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඒ ජනමතයට හිස නමමින් මහ මැතිවරණයක් පැවැත්වීම කාගේත් ප‍්‍රසාදයට ලක් වූ කාරණයක් තීරණයක් විදියටයි මා දකින්නේ.

රටේ දැවෙන ප‍්‍රශ්න ජීවන වියදම, සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීම වගේම දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම වගේම පිරිසිදු විදේශීය ආයෝජන දූෂණයෙන් තොරව ලබා ගැනීම, සදාචාර සම්පන්න විනයගරුක සමාජයක් ගොඩනැඟීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම වැනි කරුණු සියල්ලටම මා හිතනවා විසඳුම වෙන්නේ මේ මැතිවරණය පවත්වා ඔබේ තීරණය අනුව නව ආණ්ඩුවක් පත් කර ගැනීම යි.

ඒ නිසා අපේ ආදරණීය මාතෘභූමිය නව මඟකට අපි අරගෙන යනවා. රටේ අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා නව තාක්ෂණික ලෝකය තුළ සදාචාරසම්පන්න වූ අපේ සිරිත් විරිත්, සම්ප‍්‍රදායයන්, සංස්කෘතීන් ආරක්ෂා කරමින් දැනුම මුල් කරගත් සමාජයක් ඒ වගේම උගත් බුද්ධිමත් පිරිසක් වගේම ප‍්‍රබුද්ධ පරිණත රාජ්‍ය පාලකයන් පිරිසක් පත් කිරීම සඳහා ඔබට මේ ඉතාමත්ම විශිෂ්ට වූ අවස්ථාව උදා වී තිබෙනවා. ඒ නිසා මූලික වශයෙන්ම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනට කර ඇති නිවේදනය තුළ ගැසට් නිවේදනයත් ඒ වගේම මැතිවරණ කොමිසම ගෙන ඇති තීන්දුවලටත් අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. එහිදී මැතිවරණයක නීතිරීති තුළ මීට පෙර දැක අත්දැකීම් ඇති මැතිවරණ නීතිරීති උල්ලංගණය වන කරුණු අතර මුල්වන කාරණා එකක් දෙකක් මා ඔබට මතක් කරන්න කැමතියි.

මූලික වශයෙන්ම දේශපාලන පක්ෂවල මැතිවරණ ව්‍යාපාර සඳහා අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා රාජ්‍ය දේපළ අවභාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම. රජයේ වාහන පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් ඉවත් වීම. පසුගිය ආණ්ඩුව තුළත් වර්තමාන භාරකාර ආණ්ඩුව තුළත් දැනට කටයුතු කරන මේ අවස්ථාවේ දී ඒ එක් එක් අමාත්‍යාංශවලට මන්ත‍්‍රීවරුන්ට පාවිච්චි කිරීමට වාහන ලබා දී තිබුණු බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව බලය තිබෙන්නේ භාරකාර ආණ්ඩුවක් විදියට නාම යෝජනා දීම නිවේදනය කිරීමේ සිට පාර්ලිමේන්තුව රැස් කරන කාලය දක්වා ඇමති මණ්ඩලය සහ අගමැති ජනාධිපති කියන මේ ඇමති මණ්ඩලයෙන් සමන්විත භාරකාර මණ්ඩලයටයි. ඒ නිසා එම ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර වෙනත් කිසියම්ම කෙනෙකුට හිටපු රාජ්‍ය ඇමතිවරු, හිටපු නියෝජ්‍ය ඇමතිවරු, හිටපු මන්ත‍්‍රීවරු ඒ කිසිවකුට රජයේ වාහන සහ රජයේ පොදු දේපළ භාවිත කිරීම මැතිවරණ නීතිය යටතේ සම්පූර්ණයෙන්ම තහනම් බව ඔබ දන්නා දෙයක්. ඒ නිසා ආණ්ඩු වෙනස් වීමක් ඇති වූ මේ අවස්ථාවේ හිටපු මැති ඇමතිවරුන් භාරයේ තිබූ සියලූම රජයේ වාහන, සම්පත් වහාම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදෙන ලෙස ඒ මැති ඇමතිවරුන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේ භාරදීම ප‍්‍රමාද වුව හොත් මට සිදුවෙනවා පොලීසිය යොදවා නීතිය ක‍්‍රියාත්මක කරමින් එම වාහන ආපසු ලබා ගැනීමට පමණක් නොව එවැනි කටයුතු කරන කවුරුන් හෝ වේවා කුමන පක්ෂයක හෝ වේවා ඒ අයට විරුද්ධව ඉතාමත් තදින් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත් සිදුවනවා. ඒ නිසා රජයේ වාහන පාවිච්චි කිරීම, රජයේ සම්පත් පොදු දේපළ පාවිච්චි කිරීම මේ අවස්ථාව තුළ සම්පූර්ණයෙන්ම නොකළ යුතු නීතියෙන් තහනම් දෙයක් බව ඔබට මා මෙහි දී කාරුණිකව සිහිපත් කරනවා.

ඒ නිසා මේ මැතිවරණ කටයුතු සිදුකිරීම සඳහා අපි මැතිවරණ කොමිසමට, රාජ්‍ය නිලධාරීන්ට, පොලීසිය, ත‍්‍රිවිධ හමුදාව ඒ සියලූ දෙනාටම අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මැතිවරණ කාලසීමාව තුළ ගැටුම් ඇති කර නොගනිමින් සාමකාමීව ඉතාමත් අවබෝධයෙන් කටයුතු කරමින් ඒ සාමකාමී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමේ වගකීම දේශපාලන පක්ෂ නායකයන්, මැති ඇමතිවරු, අපේක්ෂයන්, අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් රටේ පොදු ජනතාව ඒ සෑම කෙනෙකුටම පැවරෙන්නා වූ ඉතාමත්ම පුළුල් වගකීමක් බව ඔබ දන්නවා. ඒ සියල්ල සිහිපත් කරමින් මා මේ ඉදිරිපත් කළ කරුණු අනුව අපේ උතුම් රට ඉදිරියට ගෙන යන්නට සමෘද්ධිමත් ආර්ථිකයක් ඒවගේම නවෝදයක් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෝකයේ ශ්‍රේෂ්ඨ උතුම් රාජ්‍ය පාලනයක් සහිත ඉතාම සාදාචාරසම්පන්න සාමකාමී ගුණවත් සමාජයක් ස්වදේශිකත්වය මුල්කරගත් වටිනාකම් ඇතිව අපේ සංස්කෘතිය අපේ දේශීයත්වය ස්වදේශිකවාදය මුල්කරගත් රාජ්‍ය පාලනයක් සඳහා ඔබ සියලූ දෙනගේ සහයෝගය මා ඉතාම කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී

නහි වේරේන වේරානී
සම්මන්තී ද කුදාචනං
අවේරේන ච සම්මන්ති
ඒස ධම්මෝ සනන්තනෝ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(09) රාත්‍රී 11.45 ට නිකුත් කර තිබේ. 

අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින කැඳවීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට 2019 ජනවාරි මස 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිවරයා නියම කර ඇත. 

නාමයෝජනා බාරගැනීමේ කාලය ලෙස 2018 නොවැම්බර් මස 19 සිට 26 වැනි දින සිට දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබේ. 

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව භාරකාර රජයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීම අද පස්වරුවේ සිදු කෙරිණි.

2019 මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමය මතම පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එය මුද්‍රණය කිරීම සඳහා මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති බවත් වාර්තා වේ.

රජයේ මුද්‍රණාලය ඉදිරිපිට ආරක්ෂාව තර කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.