March 28, 2024
Main

Main (651)

කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් මන්ත්‍රී රවුෆ් හකීම් සහ අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන දෙදෙනාම පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

ඔවුන් මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු සමීපව ඇසුරුකර ඇති බව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හෙට (12 වැනිදා) සහ අනිද්දා (13 වැනිදා) යන දෙදින ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට (ඇන්ටිජන් පරික්ෂණයකට) ලක් කිරීමට තීරණය කර ඇත.

ඉන් පසුව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇන්ටිජන් පරික්ෂණයට ලක් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කොට ඇත .

කොවිඩ් ආසාදිත දයාසිරි ජයසේකර ඇමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ නැති අතර රවුෆ් හකීම් මන්ත්‍රීවරයා 05 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ ඇත. අගමැති දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පසුගිය සිකුරාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට පැමිණ සභා නායක කාර්යාලයේ නිධාරීන් කිහිප දෙනෙකු හමුවී තිබේ.

හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ සංචාරය කළ තැන් සහ ආශ්‍රය කළ පුද්ගලයන් සොයා සී.සී.ටී.වී. දර්ශන පරික්ෂා කර ඇත. එහිදී අනාවරණය වී තිබෙන්නේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිට ඇත්තේ පැය දෙකක පමණ කාලයක් පමණක් බවයි. එම කාලයේ ද ඔහු වැඩි වේලාවක් සභා ගැබ තුළ සිට ඇත. සභා ගැබ තුළ සිටින කාලයේදී හකීම් මන්ත්‍රීවරයා මුව ආවරණයක්ද පැලඳ නොසිටි බව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත් දිවා ආහාරයද නොගෙන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගොස් තිබේ. සභා ගැබෙහි හකීම් මන්ත්‍රීවරයාගේ ආසනයට වම්පස අසුනේ සිටන්නේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාය. දකුණු පස අසුන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේය.

හකීම් මන්ත්‍රීවරයා සමග සමීපව කතා බහ කළ බව කියන එම්.ඒ.සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම්, තලතා අතුකෝරළ සහ ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අනාවරණය වී ඇත. මෙම මන්ත්‍රීවරුන්ට සහ කුමාරසිරි හෙට්ටිගේ මහතා සමීපව ඇසුරු කළ නිලධාරීන්ටද පී.සී.ආර්. පරික්ෂණ සිදු කරන ලෙස හා නිරෝධායනය වන ලෙස දැනුම්දී ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාන කීපයක් විෂබීජහරණය කිරීමටද පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍යට පැවැසුවේය.

මුලාශ්‍ර -අරුණ 

දේශීය ආහාර භාවිතයට ගන්නේ නම් ඕනෑම වෛරසයකින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ගාල්ල, පිලාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,

“බෝවෙන රෝගවලින් බේරෙන්න ඕනේ නම් අදට ආදේශ කරලා කිව හැකියි, කොරෝනාවලින් මැරෙන්නේ බෝවෙන රෝග තියෙන අය. දෙකෙන්ම බේරෙන්න ඕනේ. බෝවෙන බෝනොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න ඕනේ නම් පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියකට යන්න ඕනේ. මී පැණි කියන්නේ ලෝකෙ තියෙන හොඳම ආහාරය. ධම්මික පැණියට බනිනවා. ඒකෙත් තියෙන්නේ මී පැණි නේ. මගෙන් අහනවා බිව්වට කමක් නැද්ද කියලා. මී පැණිනම් බිව්වට කමක් නෑ කිව්වා. නවසීලන්තයේ මී පැණි හදන්නේ මල් තුනකින්. මෙහෙ එක මී මැස්සෙක් පැණි හදන්න මල් 595කින් ගන්නවා. මේ මී පැණි ලෝකයේ ඉහළම මී පැණි. ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 5යි මී පැණි තියෙන්නේ. සිංහල වෙදකමට මී පැණි පිටරටින් ගේනවා. කොස්, පොළොස් වගා කරන්න ඕනේ. ඒක වගා කරගත්තොත් 2024 එනවා කියන ඊළඟ වෛරස් එකත් අපිට ප්‍රශ්නයක් නෑ.“

ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයසංකර් මහතා (05) මෙරටට පැමිණ ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර 06ක් කෙරෙහි ආණ්ඩුව සමග එකඟතාවලට පැමිණ ඇති බවට අනාවරණය වේ.

එම ක්ෂේත්‍ර 06 වන්නේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය, ද්‍රව හා ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මහාමාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය මෙන්ම විවිධ විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය යන ක්ෂේත්‍රයන්නය. මෙම ක්ෂේත්‍රවලින් අන්නෝන්‍ය වශයෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට සූදානම් වන බව එම සංචාරයේදී ඉන්දීය විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාවට අයත් කාවේරි ද්‍රෝණියේ ස්වභාවික ගෑස් ලබා ගැනීමේ ව්‍යාපෘතිය සහ වතු ආශ්‍රිත නිවාස හා මාර්ග ඉකිරීමේ ව්‍යාපෘතිවලට සහයෝගය සපයයි . මීට අමතරව කොවිඩ් සදහා ලබාදෙන එන්නත ලබාදීමේදී මෙරටට ප්‍රමුකත්වය හිමි වන බව සදහන් .

අනෙක් යෝජනාව වන්නේ ඉන්දීය සංචාරකයන්ට මෙරටට පැමිණීමේ ඇති හැකියාව වර්ධනය කිරීමයි.

ඉඩම් ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
 
 කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ප‍්‍රථම පියවර ආරම්භ කරන ලද මෙම ක‍්‍රියාවලිය මෙම වසර අවසන් වන විට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ ස`දහා වූ ඉ-ඉඩම් මෘදුකාංගය නිල වශයෙන් ක‍්‍රියාත්මක කිරීම පෙරේදා (04දා* කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි.
 
 මෙම නව මෘදුකාංගය තුළින් ඉඩම් හා දේපළ ලේඛන අතින් ලියාපදිංචි ක‍්‍රමවේදය වෙනුවට මෘදුකාංගයක් මගින් ලේඛනගත කිරීම, ලියාපදිංචි කිරීම හා ආපසු නිකුත් කිරීම සිදු කෙරේ. මෙය දේපළ ලියාපදිංචි කිරීමේ කාර්යසාධක බළකායේ මගපෙන්වීම මත ශ‍්‍රී ලංකා ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉ- ඉඩම් ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලදී. මෙම මෘදුකාංග ව්‍යාපෘතිය පූර්ණ වශයෙන්ම දියත් කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණික සහායෙනි.

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05 වැනිදා) පෙ. ව. 9.30 ට පැවැත්වේ. සෞඛ්‍ය ආරක්‍ෂණ  මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.
 
 
පාර්ලිමේන්තුවේ සියලූ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ටද රැස්වීම් ආවරණ කටයුතු සඳහා පහසුකම් සපයා ඇති බවත් මහලේකම්වරයා ප‍්‍රකාශ කළේය.
 
 සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් 4 ක් අද (05 වැනිදා) විවාදයට ගැනීමට නියමිතය.

කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීම සඳහා කොත්තු රොටි ඇතුළු ක්ෂණික ආහාර ගැනීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමහර පුද්ගලයින්ගේ ජීවන රටාව නිසා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ඇති ප්‍රතිශක්තිය අඩු විය හැකි බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලාවිගේ මහත්මිය පැවසුවාය.

මහජනයා නිරෝගීව සිටිය යුතු බවත්, සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කළ යුතු බවත්, අවශ්‍ය විටමින් පරිභෝජනය කළ යුතු බවත් ඇය පැවසිය.

කොත්තු රොටි, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර වැනි ක්ෂණික ආහාර පරිභෝජනයට ගැනීමෙන් මහජනතාව වැළකී සිටිය යුතු බවයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසිය.

ඒ වෙනුවට ඇය කියා සිටියේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් එළවළු සහ පලතුරු අනුභව කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගෙන යායුතු බවයි.

මහජනයා ව්‍යායාම කළ යුතු අතර හොඳ විවේකයක් ලබා ගත යුතු බවත් විටමින් ඩී ඌණතාවයක් නොමැති බවට සහතික වීමද වැදගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

රටටත් ජනමතයටත් පිටු නොපාන බවට ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව ජනාධිපති ​ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නව වසර වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසන ජනාධිපතිවරයා එහි මෙසේද සඳහන් කර තිබේ.

නව වසර උදාවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරිගන්වයි. එබැවින් අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන් අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන්ද පරිපූර්ණවය.

සෞභාග්‍යය කරා යන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලා ගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමග අපි ද පෙරමුණ ගත්තෙමු. බරපතළ අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසාර සංවර්ධනයක අත්තිවාරම සැකසීමට අපට හැකි විය.

ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේ දී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම්ය. නව රජය ගොඩනගනු ලැබූයේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිවය.

සෞභාග්‍යයේ දැක්මේ” ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයයි. මේ සඳහා මුළුමහත් රාජ්‍ය සේවයත්, පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සෑම රාජ්‍ය සේවකයකුම තමාට පැවරෙන රාජකාරී කොටස මැනවින් ඉටු කරන්නේ නම් ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවේ. එම කැපවීම සෑම රජයේ සේවකයෙකුගෙන්ම මම බලාපොරොත්තු වෙමි. එසේම සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවෙමින් කටයුතු කිරීමද අපේක්ෂා කරමි. එළැඹෙන වසරේදී කුමන බාධකයකට මුහුණ දීමට සිදුවුවත් ඒ සඳහා ආත්මශක්තිය හා ධෛර්යය අප සතුව ඇති බැව් අපි දැඩිව විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක වන නිසා රට තුළ එම විශ්වාසය අප තහවුරු කර ඇත. විනයගරුක රටක ආර්ථික සහ සාමාජයීය සශ්‍රීකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින්, අපි සියලුදෙනාම විනය ගරුකව අපගේ කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට මේ වසර තුළදී අදිටන් කර ගනිමු.

මෙරට මෙන්ම එතෙර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, ඔවුන්ගේ දූ දරුවන්ටත් එළැඹෙන වසර රෝග පීඩාවලින් තොර, ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවා! යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ඉදිරි දිනවල කොවිඩ් ආසාදිත පොකුරු ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“ඉදිරි දවස් දෙක තුළ අලුත් අවුරුද්ද උදාවීමත් සමගම නොයෙක් විදියේ උත්සව හා සාද පවත්වන කාලයක්. නමුත් තවදුරටත් අපේ රට තුළ කොවිඩ් 19 රෝගීන් දිනපතා සිය ගණනක් වාර්තා වන විට සාද හා උත්සව වෙනදා වගේ අපිට පැවැත්වීමේ අපහසුවක් තියෙනවා. අපි දැක්කා පහුගිය දවස්වලත් නොයෙක් අවස්ථාවල දී රෝගීන් පොකුරු වාර්තාවීමට ප්‍රධානතම හේතුව වුණේ විවිධ ආකාරයේ උත්සව. ඒ වගේ අවස්ථාවල දී ආසාදිතයෙක් හිටියොත් බොහෝම වේගයෙන් ඒ වගේ අවස්ථාවලදී පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී අලුත් අවුරුද්ද සැමරිය යුත්තේ අලුත් ආකාරයකට, කොවිඩ් රෝගය බෝ නොවන ආකාරයකට.“

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳ පවතින තීරණයේ වෙනසක් නොමැති බව ද පැවසු 
වෛද්‍යවරයා, සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බව ද පැවසිය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“අපි කොහෙවත් භූමදානයට අවසර දීලා නෑ. කොවිඩ්  - 19 පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි. ඒ ස්ථීර තීරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් ඉන්නේ. අපි මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත්කරලා තමයි මේ තීරණයට ගිය මාර්තු මාසයේ පැමිණියේ. අපි මේ පිළිබඳ වෛරස් විශේඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා තියෙනවා. ඒකේ වාර්තාව ලැබෙනකල් අපි බලන් ඉන්නවා. එතකොට මේ පිළිබඳ නැවත වරක් සාකච්ඡාවක් තියලා අපි මේ තීරණයේ වෙනසක් තියෙනවා නම්, අපි මහජනතාවට දැනුම් දෙනවා. එතකල් අපේ තීරණය සියලුම කොවිඩ් - 19 ආසාදිත වු මරණ ආදාහනය කළ යුතුයි. එය හැකි ඉක්මනින් ආදාහනය කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ඒ තීරණයේ කිසිදු වෙනසක් නෑ.“

මේ වනවිට කොරෝනා අධි අවධානම් කළාප 47ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය මගින් හෙළිකර තිබේ.

කොළඹ මහනගර සභා බලප්‍රදේශය සහ ඊට අමතරව එම දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ 19ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 15ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 12ක් මේ අතර පවතී.

එම දිස්ත්‍රික්කවල අධි අවධානම් කළාප විසිරී ඇති ආකාරය මෙසේය. කොළඹ දිස්ත්‍රික්කයේ මහනගර සභා බලප්‍රදේශය, බත්තරමුල්ල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩ උයන, ගොතටුය, හංවැල්ල, හෝමාගම, කඩුවෙල, කහතුඩුව, කැස්බෑව, පාදුක්ක, පිළියන්දල, කෝට්ටේ සහ රත්මලාන නම් කර තිබේ. නමුත් මේ වනවිට අවිස්සාවේල්ල පොලිස් වසම හුදකලා කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, දොම්පෙ, ගම්පහ, ජා-ඇල, කටාන, කැළනිය, මහර, මිණුවන්ගොඩ, මීරිගම, මීගමුව, රාගම හා වත්තල යන ප්‍රදේශ නම් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයට අදාලව එම අධි අවදානම් කලාප මොනවාදැයි නම් කර නැත.