April 19, 2024
Main

Main (651)

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පළමු සහ දෙවෙනි ආශ්‍රිතයන් දක්වා විහිදී ගිය අවස්ථා නිරීක්ෂණය වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (10) දින වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් අතර මිනුවන්ගොඩින් 26 දෙනෙක්, ගම්පහ ප්‍රදේශයෙන් 23 දෙනෙක්, දිවුලපිටියෙන් 22ක් වශයෙන් එකී ප්‍රදේශවලින් බහුතරයක් හමුවන බව යුද හමුදාපතිවරයා පැවසීය.

ඊට අමතරව පානදුරින් එක් ආසාදිතයෙක්, කොළඹින් දෙදෙනෙක්, පොළොන්නරුවෙන් දෙදෙනෙක්, මාතලෙන් එක් අයෙක් වශයෙන් රටේ විවිධ ප්‍රදේශවලින් එක් අයෙක් හෝ අඩුම වශයෙන් හමු වී ඇති බවද සඳහන් කළේය.

එක් කොවිඩ් ආසාදිතයෙකු හරහා 522ක් වැනි පිරිසකට වෛරසය පැතිරිය හැකි බවත් වෛරසය සමාජ ගත වී ඇති බවට තවම නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළ නොහැකි බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසීය. 

වෛරසය සමාජගතවීම රැඳී පවතින්නේ ජනතාවගේ හැසිරීම අනුව බවත් පෙන්වා දුනි.

මෙම අවස්ථාවේදී කොවිඩ් -19 වෛරසයේ පළමු ආසාදිතයා කවුරුන්ද යන්න තවමත් හඳුනා ගැනීමට හැකියාවක් නැති වුවද වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඊළඟට මෙම වෛරසයට ගොදුරු විය හැක්කේ කවුරුන්ද යන්න කෙරෙහි බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි. 

දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව පසුගිය මස 21වන දා සිටම අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වෛද්‍ය අංශයට අසනීප තත්ත්වයන් වාර්තා කළ සේවකයන් සිට ඇති බවද අනාවරණය වී තිබේ.

පාස්කු ප‍්‍රහාරයට අනුබල දීමට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කර ඇත්තේ අත්තනෝමතිකව බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් ඔහු නැවත අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් සිය දෙනකුගේ අත්සනින් යුතු ලිපියක් ඊයේ (09) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යොමු කර ඇත.
 
හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා විසින් මේ සම්බන්ධයෙන් කර ඇති අනාවරණයන් ද එම ලිපියේ සඳහන් කර ඇත.

එවන් ප‍්‍රබල සාක්‍ෂි හමුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්තනෝමතික ලෙස කි‍්‍රයාකර ඇති බවත් ඒ පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් සිදුකර ත‍්‍රස්තවාදයට අනුබල දුන් රියාජ් බදියුදීන් යන අයව නැවත අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් ජනපතිවරයාට යොමු කළ ලිපිය මගින් ඉල්ලා ඇත.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

කොරෝනා වළක්වා ගැනීමේ වැඩපිළිවෙලට කළ කැප කිරීමට මට තෑග්ගක් ලැබුණු බවත් ඒ හරහා තමාය නිහඬ කළ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

"පාර්ලිමේන්තුවේදි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය කළ ප්‍රකාශය වැරදියි..ඒක⁣ට මට හිත රිදුනා.සෞඛ්‍ය ඇමැතිවරියත් ඒවගේම ප්‍රකාශයක් කළා " යැයිද ඔහු සඳහන් කළේය.

"මට තියෙන චෝදනාව වැඩ කලා වැඩියි කියන එක විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරින් හරහා ඇතැම් පුද්ගලික ආයතන ගෙන ආ යෝජනා මම ප්‍රතික්ෂේප කළා. ආයෙත් තනතුරු බාර ගන්නේ නෑ." යනුවෙන්ද වෛද්‍යවරයා පැවසීය.

මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස මේ වන විට චක්‍රලේඛ පවා නිකුත් කර ඇති බවද වෛද්‍යවරයා කියා සිටියේය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සමඟ කළ ඒෂියන් මිරර් මතවාද සම්පූර්ණ වැඩසටහන පහතින්,

 

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔක්තෝම්බර් මස 20 වැනි දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් 20 වන සංශෝධනය පිලිබද විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 39ක් 37ක්ම විභාග කරන ලදී.

සිවිල් පුරවැසියන් දෙදෙනෙකු විසින් ඉදිරපත් කරන තිබු පෙත්සම් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල නිෂ්ප්‍රභා කරන ලදී.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර තිබෙන්නේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් බව විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට තිබේ.

අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවද එහිදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එම මන්ත්‍රීවරුන් හමුවේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන ලද්දේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මාධ්‍ය හමුවේ පසුගිය කාලය පුරා ප්‍රකාශ කරන ලදී.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවතම ස්ථාවරය සඳහන් කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ. විජයදාස රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම පොලිස් බලප්‍රදේශ වන්නේ,  

ගම්පහ පොලිස් බල ප්‍රදේශය

කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය

දොම්පේ පොලිස් බල ප්‍රදේශය
පූගොඩ පොලිස් බල ප්‍රදේශය

ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය

වීරඟුල පොලිස් බල ප්‍රදේශය

වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය

නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය

මීරිගම පොලිස් බල ප්‍රදේශය

පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය

යක්කල පොලිස් බල ප්‍රදේශය

ජා ඇල බල ප්‍රදේශය

කඳාන පොලිස් බල ප්‍රදේශය

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැඟීම සඳහා ප්‍රතිසංවිධාන කමිටුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට තිබේ.

පක්ෂය ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට වාර්තාවක් ඉදිරිපත් කිරීම එම කමිටුවට රනිල් වික්‍රමසිංහ මහතා පැවරූ පළමු වගකීම වේ.

එම වාර්තාව තනි තනිව නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට සතියක් ඇතුළත ලබා දෙන ලෙස වික්‍රමසිංහ මහතා එම කමිටුවට දැනුම් දී තිබුනු මුත් නියමිත දිනට කමිටු වාර්තාව නොලැබීම පිළිබඳව ඔහු සිය අප්‍රසාදය එම කමිටුව වෙත පළ කර තිබේ.

එම වාර්තාව උඩින් පල්ලෙන් සෑදීමට නොහැකි බවත් ඒ සඳහා කාලයක් ගතවන බව එම කමිටුව ඊට පිළිතුරු ලෙස වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, කස්තුරි අනුරාදනායක, ශමල් සෙනරත් හා සමන් රත්නප්‍රිය එම කමිටුවේ සාමාජිකයන් වේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (05) පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

එම රැස්වීම පැවැත්වෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙම රැස්වීමට සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරිනීතිය පනවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන තිබේ.

මේ අතර මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබුණේ, ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබුණු බවය.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය. 

ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රිකාවෙන් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හඬ නගන විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ට තවත් ආයතන කිහිපයක් ලබා දී තිබේ.

ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විමල් වීරවංශ මහතා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයටත්, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතේ තිබූ ජල සම්පත් මණ්ඩලය වාසුදේව නානායක්කාර මහතා යටතේ ඇති ජල සම්පාදන අමාත්‍යාංශයටත් ලබා දී තිබේ.

මෙම ගැසට් පත්‍රිකාවෙන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් රැසකගේ විෂයන් සංශෝධනයක් කර තිබේ. ඒ අනුව ඇතැමෙකුට අලුතින් ආයතන එකතු වී ඇති අතර තවත් පිරිසකට තිබුණු ආයතන අහිමි වී තිබේ.

මෙම සංශෝධනයෙන් කර තිබෙන්නේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කොට සති හතක් ඉක්ම වන විට වීම විශේෂත්වයකි.