April 19, 2024
Main

Main (651)

වසංගත රෝග විශේෂඥයන් විසින් කොවිඩ් 19 සමාජ ව්‍යාප්තියක් දක්වා ව්‍යාප්ත වී නොමැති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඒ කුලියාපිටිය හා ඉන් අවට ප්‍රදේශ වල කොවිඩ් පොකුරු සමාජ ව්‍යාප්තියක් දක්වා ගොස් තිබෙන බවද වෛද්‍ය සංගමය ඇතුළු එම ප්‍රදේශයේ වෛද්‍යවරුන් තමාට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසය.

යාල හෝටලයක සිට සොයා ගත් කොවිඩ් ආසාදිතයා එහි සිටි අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා ද එම හෝටලයට ගොස් සිටි බැවින් ඔහු දෙවැනි ආශ්‍රීතයෙකු ලෙස හඳුනාගෙන තිබෙන බවද සෞඛ්‍ය ඇමතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. 

වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක් ඇතිකර ඉන් පලායාම සඳහා රැඳවූවන් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බව බන්ධනාගාර බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින ඉන්දික නමැත්තකු මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන සැලසුම්කරු වන අතර අසංක, රොෂාන්, ගාල්ලගේ, සාගර නමැති රැඳවූවන් පිරිසක්ද මෙයට හවුල්වී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

‘රිවස්’ නමින් හඳුන්වන මත්ද්‍රව්‍යයක් රැඳවූවන්ට ලබාදී සිහි විකල් තත්ත්වයට පත්කර මෙලෙස කැරැල්ලක් ඇති කිරීම මෙම පිරිසගේ සැලසුම වී ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 4049ක් සිටින අතර චැපල් අංශයේ පමණක් 2400 දෙනකු සිටින බව බන්ධනාගාර මූලස්ථානය තහවුරු කරයි.

කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා මේ දිනවල බන්ධනාගාරයට අමුත්තන්ගේ පැමිණීම තහනම් කර ඇත.

මේ හේතුවෙන් රැඳවූවන්ට තම අපරාධ ජාලය මෙහෙයවීමට බාධා පැමිණ තිබේ. ඒ හෙයින් ඔවුන් මෙසේ කැරැල්ලක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (19) අලුයම 3.00 - 3.30 අතර කාලයේ දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනිම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම 06ක් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනිම සඳහා යෙදවූ බව පොලීසිය සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් තමන්ට ආරාධනා ලැබුණු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හෙළිදරව් කර තිබේ.

එහෙත් තමාට ප්‍රතිපත්තිමය කාරනා මත 20 වන සංශෝධනයට සහය දිය නොහැකි බව තමාට කතා කල ආණ්ඩුවේ නියෝජිතයින්ට දැනුම් දුන් බවද හකීම් මහතා අවධාරණය කරයි.

එහෙත් තම පක්ෂය නියෝජනය කරන ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනා පිළිබඳව තමන්ට වගකීමක් ගැනීමට නොහැකි බවද හකීම් මහතා සඳහන් කරයි.

දැනගන්නට තිබෙන ආකාරයට මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් මහතා ඇතුළු තිදෙනෙකු 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය දීමට තීරණය කොට තිබේ.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා ද මිට පෙර සමඟි ජන බලවේග ප්‍රධානීන්ට දන්වා තිබුනේ තමාද 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය නොදෙන මුත් තම පක්ෂයේ අන් මන්ත්‍රීවරු තිදෙනා පිළිබඳව තමාට සහතිකයක් දිය නොහැකි බවය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලැබෙන ලෙස මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් යෝජනා කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයින් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද නාමලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන් වේ.

මීට අමතරව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, ආබාධිත පුද්ගලයින්ට පහසුකම් සපිරි ඡන්ද මධ්‍යස්ථාන සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ “ඉ” (e) ඡන්ද ක්‍රමය ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳ කොමිෂන් සභා නිලධාරීන් මෙහිදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් දැනුවත් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

තමන්ට හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා නොදෙන්නේ නම් දේශපාලනයෙන් සමු ගැනීමට ජෝන් අමරතුංග මහතා සූදානම් වේ.

මැතිවරණයකින් පරාජය වන්නන් ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීම එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය බවද ජෝන් අමරතුංග මහතා වික්‍රමසිංහ මහතාට මතක් කර දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් වන්නේ ජෝන් අමරතුංග මහතාගේ නමය.

පසුගිය මහ මැතිවරණයේ දී අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.

මහ මැතිවරණය අවසන් වී මාස දෙකක් ගත වී ඇති මුත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නියෝජිතයකු පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් පියවර ගෙන නොමැත.

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ජෝන් අමරතුංග මහතාද 1977 දී පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණ පුරා වසර 43ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.

නිමල් සිරිපාල ද සිල්වා මහා තක්කඩියකු බව විමල් වීරවංශ අමාත්‍යවරයා නිමල් ද සිල්වා මහතා සිටින අවස්ථාවෙම ජනාධිපතිවරයාගේ මූණටම ප්‍රකාශ කිරීමේ සිද්ධියක් වාර්තා වේ.

ඒ අරලියගහ මන්දිරයේදී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යතාවය පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමිනි.

නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ එම අදහස් දැක්වීමෙන් කෝපයට පත් විමල් වීරවංශ මහතා ඒ අවස්ථාවේ සඳහන් කර තිබෙන්නේ තමාට පාර්ලිමේන්තුවේදි නිමල් සිරිපාල ද සිල්වා මහතා මුණගැසුණු බවත් එහිදී 20 වෙනි සංශෝධනය දැඩිව විවේචනය කළ බවත් තමා 20 වෙනි සංශෝධනයට එරෙහිව ගෙනයන අරගලය අගය කළ බවත්ය.

මේ රටේ බොහෝ නායකයින්ට වැරදුනේ මේ වගේ තක්කඩින් නිසා බවද ඒ අවස්ථාවේ වීරවංශ මහතා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

‪ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ බවත් සෙසු 114 දෙනා විවිධ ප්‍රදේශ වලින් හමුවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් 114 දෙනා අතුරින් බහුතරයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් බව හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

ඇඳිරි නීතිය පනවා නොමැති හොරණ, අනුරාධපුර, රාගම, ගනේමුල්ල, රත්නපුර, කළුතර, සීදුව, කැලණිය, කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, මිගමුව, රත්මලාන, නුගේගොඩ, කඩව සහ හැටන් කියන ප්‍රදේශ වලින් කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වී තිබේ. මෙලෙස වාර්තා වන්නේ මෙම පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ කිරීමේදී ඔවුන් ලබාදී තිබෙන ලිපිනයන් අනුව බව හමුදාපතිවරයා සඳහන් කළේය. 

“ඇතැම් විට ඔවුන්ගේ මෙම ලිපිනයන් වල ඔවුන් පදිංචිව නොමැතිව රැකියා කිරීමට තාවකාලික නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර වල සිටිනවා වෙන්න පුලුවන්. ඒ නිසා PCR පරීක්ෂණයක් සිදුකළ අයෙක් නම් ඒ ගැන තමන්ගේ නේවාසිකාගාරයේ සිටින සෙසු පිරිස් වෙත දැනුවත් කරන්න. වාර්තාව එනතුරු ඔවුන් සිටින ස්ථානවලම ස්වයං නිරෝධායනය වීම වැදගත් වන්නේ,“ යැයිද යුධ හමුදාපතිවරයා පැවසීය.

ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ.

මුල්ලේරියාව මූලික රෝහලේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ඉදිකරන ලද ජීව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රය සඳහා ලබා දුන් පී.සී.ආර්. ප්‍රතික්‍රියක කට්ටල 30,000න් අඩක් පමණ භාවිත නොකිරීම නිසා කල් ඉකුත්වී ඇති බව වාර්තා වේයි.

මෙම පී.සී.ආර්.යන්ත්‍රය සහ ප්‍රතික්‍රියක කට්ටල චීන සමාගමක් මගින් ලබාදී ඇත. ප්‍රතික්‍රියක කට්ටල කල් ඉකුත්වීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජාතික වෘත්තීය සමිති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

මෙම ප්‍රතික්‍රියක කට්ටල පසුගිය මාසයේදී කල් ඉකුත්වී තිබෙන බවත් මෙවැනි විනාශයක් සිදු වීම වැළැක්වීම සඳහා ප්‍රතික්‍රියක කට්ටල කල් ඉකුත්වීමට පෙර වෙනත් රසායනාගාරයකට යොමු කිරීමට හැකියාව තිබූ බවත් ජාතික වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු රවි කුමුදේශ් ප්‍රකාශ කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව අමරපුර, රාමඥ්ඥ සාමග්‍රී සංඝ සභාවෙහි ගෞරවනීය මහා සංඝරත්නය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් අද නිකුත් කිරීමට නියමිතය.

මේ මොහොතේ රට තුළ ආන්දෝලනයට තුඩු දෙමින් තිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව අමරපුර, රාමඥ්ඥ සාමග්‍රී සංඝ සභාව සාකච්ඡාවට භාජනය කළ අතර ඒ සම්බන්ධව අප සංඝ සභාවේ මතය අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අගමැතිතුමාගේත්, සමස්ත රජයේත් අවධානයට යොමු කරවමින් ශ්‍රී ලංකා වාසී ජනතාව දැණුවත් කිරීම උදෙසා අමරපුර, රාමඥ්ඥ සාමග්‍රී සංඝ සභාවෙහි ගෞරවනීය මහා සංඝරත්නය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට අද පස්වරු 01.00 ට නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය මහා සංඝ මූලස්ථානය මූලස්ථානයෙහි දී සිදු කිරීමට නියමිතය.