April 16, 2024
Main

Main (651)

ශ්‍රී ලංකාව හැම විටම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් කිසිවිටෙකත් ලෝක බලවතුන්ගේ බල අරගල වලට මැදිහත් නොවන බව දන්වමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ .

ජනපතිවරයා මෙම සටහන තබා තිබෙන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හමුවීමෙන් පසුවය.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ද්විපාර්ෂික ශික සම්බන්ධතාවය දියුණු කර ගැනීමට කටයුතු කරන බව ද ජනපතිවරයා වීසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.

තම සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද ආරක්ෂක සහයෝගීතා සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමග සාකච්ඡා කළ බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පොම්පියෝ මහතා පැවසුවේ අමෙරිකාව ශ්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බවය.

"ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටක් ලෙස අපිට තිබෙන්නේ එක හා සමාන දැක්මක්."  

චීනයට ඇත්තේ වෙනස් දැක්මක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සැම විට නොබැඳි මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. 

‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ  ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදීය.

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශවල සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකාය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ද තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා රට වසා තැබීමේ අවශ්‍යතාවක් මතුව නැති බව ද ප්‍රකාශ කර ඇත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ සමගි ජන බලවේගය විසින් සකස් කරන ලද විරෝධතා පාඨ ඇතුළත් මුඛ ආවරණ හා අත් පලදනා ඉල්ලූ කැබිනට් අමාත්‍යවරයෙකු පිළිබඳව සිද්ධියක් පාර්ලිමේන්තුවෙන් වාර්තා වේ.

විපක්ෂය විසින් තමන් සකස් කරන ලද විරෝධතා සටන් පාඨ ඇතුළත් ආවරණ හා අත් ආවරණ පැළඳ සිටි අවස්ථාවේ එතැනට පැමිණි රාජපක්ෂවරුන්ට ඉතාමත් සමීප කැබිනට් අමාත්‍යවරයෙකු "ඕක ඔබතුමන් පමණක් දාන්න එපා. අපටත් ඕක දාන්න දෙන්න. අපිත් ඔතන ඉන්නවා." යැයි ප්‍රකාශ කළ බව දැනගන්නට තිබේ.

එහෙත් ඡන්දය විමසන අවස්ථාවේ 20 වෙනි සංශෝධනයට පක්ෂව මෙම ඇමතිවරයා ඡන්දය දී තිබෙන බවද වාර්තා වේ.

මෙම සිද්ධිය ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ සමඟි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා විසිනි.

මෙම සිද්ධියට අදාළ අමාත්‍යවරයා කවුරුන්ද යන්න හෙළිදරව් කිරීම තිස්ස අත්තනායක මහතා ප්‍රතික්ෂේප කරන ලද්දේ අදාල අමාත්‍යවරයාගේ අමාත්‍ය ධුරයට යම් බලපෑමක් එල්ල වේ යැයි යන හේතුව නිසාය.

දනගන්නට තිබෙන ආකාරයට අදාල අමාත්‍යවරයා ඇල්වතුරත් නිවා දීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන තැනැත්තෙකි.

තිස්ස අත්තනායක මහතා මෙම හෙළිදරව් කලේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය.

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.

එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.

දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.

දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය.

(අරුණ)

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපාහැරීමෙන් පසු ඉදිරි නෛතික පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගැනීමේ අයිතිය තිබුණ ද සාමුහික කණ්ඩායමක් ලෙස ගන්නා තීරණයට පරිබාහිරව කටයුතු කිරිම අනුමත කළ නොහැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

ඩයනා ගමගේ මහත්මිය හා බැසිල් රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් තිබෙන බවත් එසේ නොවන්නට මෙවැන්නක් සිදු වීමට නොහැකි බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

ඩයනා ගමගේ මහත්මිය හා රාජපක්ෂවරුන් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබෙන බව තම පාර්ශ්වය දැනගත්තේ ඇය මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසු සංවිධානය කරන ලද සාදයක ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමෙන් පසුව බවද අත්තනායක මහතා සඳහන් කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනා අතරින් එම බලවේගය නියෝජනය කරන්නේ ගමගේ මන්ත්‍රීතුමිය පමණක් බව සඳහන් කරන අත්තනායක මහතා ඉතිරි මන්ත්‍රීවරුන් 7 දෙනා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ යන පක්ෂ බවද පෙන්වා දෙයි.

ඩයනා ගමගේ මහත්මිය කර තිබෙන්නේ සමගි ජනබලවේගයේ විශ්වාසය කඩ කිරීම බව පෙන්වා දෙන අත්තනායක මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දීමට සමගි ජන බලය ගත් තීන්දුවට පටහැනිව ඇය කටයුතු කර ඇති බව ද පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ කිසිම රැස්වීමකදී ගමගේ මන්ත්‍රීතුමිය අදහස් නොදැක්වූ බව ද අත්තනායක මහතා සඳහන් කරයි.

මන්ත්‍රී කණ්ඩායමේ පැවැත්වූ අවසාන රැස්වීමට ගමගේ මහත්මිය සහභාගී නොවූ බවද පෙන්වා දෙන අත්තනායක මහතා ඇයට එරෙහිව විනය පියවරක් ගත යුතු බවද සඳහන් කරයි.

තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පල කලේ ඒෂියන් මිරර් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය.

ඒ අනුව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් කෙටුම්පතෙහි තෙවන වර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.

ඊට පක්ෂව ඡන්ද 156ක්ද, විපක්ෂව ඡන්ද 65 ක්ද ලැබිණි.

මුළු පැමිණීම 213කි.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) රාත්‍රී සිදුකිරීමට නියමිතව තිබේ.

ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු විවාදය ඊයේ (21) පෙරවරුවේ ආරම්භ වූ අතර එය අද දිනයේත් පැවැත්වීමට නියමිතය.

අද පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථාවෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා විපක්ෂය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේ දී විපක්ෂයේ පිරිසක් ද ආණ්ඩුවට සහය දැක්වීමට මේ වන විටත් කැමැත්ත පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.