March 29, 2024
Main

Main (651)

දැඩි කතා බහට ලක්ව ඇති මධ්‍යම අධිවේගය ඉදිකරන වැඩබිමේ තිබෙන කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස එම ස්ථානයෙන් ඉවත් නොකොට එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා සඳහන් කර තිබේ.

ශාකය කපා ඉවත් කිරීම හෝ වෙනත් තැනක සිටුවීමක් සිදු නොවන බව සඳහන් කරන අතර මේ සම්බන්ධයෙන් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යැවූ බව ද ඔහු සඳහන් කරනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මේ සම්බන්ධයෙන් එකඟ වී ඇති අතර පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කළ බව සහ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර ඇත.

ගස ඉවත් කිරීමට එරෙහිව පරිසර වේදීන් සහ තවත් විශාල පිරිසක් දැක්වූ විරෝධතා සහ විද්වතුන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

මෙරටින් අලූතින් හඳුනා ගත් නව බි‍්‍රතාන්‍ය කොරෝනා වෛරස් ප‍්‍රභේදය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවත්, එම අධ්‍යයනයෙන් පසු එම වෛරස් ප‍්‍රභේදය කෙතරම් දුරට මෙරට පැතිර ගොස් ඇත්දැයි යන්න පිළිබඳව නිගමනයකට පැමිණීමට හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කොට තිබෙනවා

බි‍්‍රතාන්‍ය කොරෝනා වෛරස් ප‍්‍රභේදය ඉතා ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ හැකියාවක් ඇති නිසා ඉන් ආරක්ෂා වීමට නම් මුහුණු ආවරණ (මාස්ක්) දෙකක් පැළඳීම වඩාත් යෝග්‍ය බව ඔහු සඳහන් කළේය. දැනටත් ජනතාවට මුහුණු ආවරණ දෙකක් පැළඳිය හැකි නම් වඩාත් හොඳ බවද, එවැනි ක‍්‍රමයකින් කොරෝනා වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබා ගැනීමට හැකි වීම මෙයට හේතුව බවද වෛද්‍ය හේරත් මහතාගේ අදහසයි .

බටහිර වෛද්‍ය විශේෂඥයන්ට අනුව බි‍්‍රතාන්‍ය කොරෝනා වෛරස් ප‍්‍රභේදය චීනයේ වූහාන් නගරයෙන් ලොව පුරා පැතිරීම ආරම්භ වූ කොරෝනා වෛරසයට වඩා සියයට 56 ත් 75 ත් අතර වැඩි වේගයකින් ප‍්‍රජාව තුළ පැතිර යෑමේ හැකියාවක් පවතිනවා . මෙම වෛරසය මුල් වෛරසයට වඩා මාරාන්තික වූ ප‍්‍රභේදයකි. මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අය තුළ දක්නට ලැබෙන ප‍්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ කැස්ස වන අතර තෙහෙට්ටුව, ශරීරය දුර්වල වීම, හිසරදය, මාංශ පේශීන්ගේ හටගන්නා වේදනාව, උගුරේ වේදනාව හා උණ සෙසු රෝග ලක්ෂණ සේ හඳුනාගෙන තිබේ. මෙම වෛරසය වැඩි වශයෙන් බටහිර රටවල හඳුනාගෙන ඇත්තේ රැපිඞ් අන්ටිජන් පරීක්ෂණය හරහාය.

බි‍්‍රතාන්‍ය කොරෝනා වෛරස් ප‍්‍රභේදය වරින් වර වෙනස්වීම්වලට භාජනය වී ඇති බව වාර්තා වී ඇති අතර දැනට කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති එන්නත්වලින් ෆයිසර් එන්නත මෙම වෛරස් ප‍්‍රභේදයට එරෙහිව සුළු ආරක්ෂාවක් ලබා දෙන බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බව වාර්තා වනවා .

ශ්‍රී ලංකා විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල භාවිත කරන්නන් හට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මැයි 03 වෙනිදා දක්වා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බවට සඳහන් වන පරිගණක වෛරස් සැබඳියක් (Link) හවුමාරු වෙමින් පවතින බවයි.

මෙහිදී මෙම සබැඳිය කිසිම අවස්ථාවක විවෘත නොකර ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.

මෙලෙස සංසරණය වන්නේ "SPAM Link" හෙවත් පුද්ගල කණ්ඩායමක් විසින් වාණිජ වෙළඳ දැන්වීම් සඳහා හෝ වාණිජ නොවන දේවල්වලට යොමු කරවා  ගැනීම සඳහා හෝ ඕනෑම තහනම් කටයුත්තක් සඳහා විශාල ප්‍රතිග්‍රාහකයන් ප්‍රමාණයක් වෙත ඉල්ලුම් නොකර එවන ලද පණිවිඩයක් සහිත සැබඳියක් වන අතර මෙයින් ඔබගේ පෞද්ගලික තොරතුරු හෝ වෙනත් දේවල් ග්‍රහණය කරගැනීම සිදු කරනු ලබයි.

එම නිසා මෙම පහතින් දක්වා ඇති සැබැඳියක් නැතහොත් ලින්ක් එකක් පැමිණියහොත් එය විවෘත නොකර ලෙසද අවධාරණය කළ යුතුය.

එම ලින්ක් පහතින් covidfreeinternet.blogspot හෝ covid-free-internet-bit.ly ලෙස පැමිණිය හැකිය.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තැබූ අනතුරු ඇඟවීම් ෆේස්බුක් සටහන පහතින්,

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඊයේ  විවෘත කෙරුණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ විය.

 www.statehealth.gov.lk යන වෙබ් අඩවියයි.

රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළින් කොවිඩ් 19 වැළැක්වීම සදහා ලබාදෙන එන්නත සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇති අතර කොවිඩ් 19 පිළිබද තොරතුරු සහ  අමාත්‍යාංශය යටතේ ඇති ආයතන පිළිබදව මෙන්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදවද තොරතුරු ඇතුළත්ව ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය සරත් ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

ජලයෙන් කොවිඩ් 19 ‍බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ මන්දැයි අසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ එය රීති ප්‍රශ්නයක් නොවන බව කියමින් කථානායකවරයා ඔහු වාඩි කළ නමුත් එහිදී එකවරම නැගී සිටි අගමැතිවරයා කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

උන්වහන්සේ මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමිනි.

2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් 01 වනදා කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

අනතුරුව පසුගිය නිදහස් සමරු උළෙලේ දී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ එම අවසන් වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමා පියවර ගන්නා බවය.

එම ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන ලෙසත් කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලබාදෙන ලෙසත් කාදිනල් හිමිපාණන් එම ලිපියෙන් ඉල්ලා තිබේ.

දෙරණ නාලිකාවේ විකාශය වූ එම පුවත පහලින්

වසර 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශයන්ට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු යහපාලන රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හා නිලධාරීන් අපරාධ චෝදනාවලට ලක්විය යුතු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අග්‍රාමාත්‍යවරයාට අමතරව, එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.

පූර්ව අනතුරු ඇඟවීම් නොතකා හරිමින්, ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර තිබේ. 

2019 පාස්කු ප්‍රහාරය හේතුවෙන් කතෝලික දේවස්ථාන කිහිපයකදී සහ සංචාරක හෝටල දෙකකදී පුද්ගලයින් 270 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

කොවිඩ් - 19 මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 180ක් මෙරටට ගෙන්වීමෙන් පසු දිනකට ලක්ෂ 5ක ජනගහනයකට එන්නත දීමට රජය සැලසුම් කරයි.

දින 15ක් පමණ කාලයකදී මුළු රටම ආවරණය වන පරිදි මේ එන්නත සමස්ත ජනතාවටම දීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පුවත්පතකට පැවසිය.

කොවිඩ් - 19 එන්නත සමස්ත ජනගහනයටම දීමෙන් පසු ලෝකයේම ඇති කොවිඩ් - 19 න් ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවට පත්වන්නේ යැයිද ඒ මහතා කීය.

වයස අවුරුදු 18ට අඩු දරුවන්, මව් කිරි දෙන මවුවරුන්, ගැබිනි මවුවරුන් යනාදීන්ට එන්නත දීම නොකරන බවත් ඔවුන් හැරුණු විට එන්නත දීම සඳහා අවශ්‍ය වන්නේ මෙරට ජනගහනයෙන් ලක්ෂ 120කට පමණක් බවත් ඔහු කියා සිටියේය.

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (05) නියෝග කළේය.

අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනාට විවෘත අධිකරණයේ අධිචෝදනා පත්‍ර හා ඇමුණුම් භාර දෙන ලදී.

අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන්ට විදේශගත වීම තහනම් කරන බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවත් නියෝග කළේය. මෙම නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාලකවරයාට සහ කටුනායක ගුවන් තොටුපල වෙත යොමු කරන ලෙසත් විනිසුරු වරයා නියෝග කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ  73 වන ජාතික නිදහස් දිනය අදට (4)  යෙදී තිබෙන අතර ජාතික නිදහස් දිනය ඉතා චාම් සැමරීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. 

මිට වසර 73කට පෙර ශ්‍රී ලංකාව බ්‍රිතානයෙන් නිදහස ලැබූ අයුරු පිළිබඳව නුතන පරම්පරාවට දැන ගැනීම වස් කෙටිසටහනක් තැබීම වටී.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අපගේ මාතෘ භුමිය දීන බවින් මිදි නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 04 වැනිදාය. ඒ වසර 133ක් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක්ව පැවතීමෙන් පසුවය. 1947 දී බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කරමින් 1948 පෙබරවාරි 04 දා සිට ලංකාව බි්‍රතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් කරන ලදී. මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමග නීතිගත විය. ඒ අනුව 1815 දී බ්‍රිතාන්‍යයන් හට ගිවිසුමකින් පවරා දුන් මාතෘ භූමිය 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස් විය.

1948 පෙබරවාරි 04 වැනි දින පෙරවරු 7.30ට එළඹි සුබ මොහොතින් පළමු රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත ලෙස කොළඹ රජ වාසලේ පැවති චාම් උත්සවයකදී නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා, අග්‍රවිනිශ්චයකාර ශ්‍රීමත් ජෝන් හොවාර්ඞ් සහ ලංකාවේ කැබිනට් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ අවස්ථාවේදී කපිතාන් ඩී. ජේ. කුටේගේ නායකත්වයෙන් යුතු රාජකීය ලංකා කාලතුවක්කු හමුදාවේ පළමුවන වෙරළාරක්ෂක රෙජිමේන්තුවේ ආචාර වෙඩිමුර 19 ක් තබන ලදි.

ඉන්පසුව නව අග්‍රාණ්ඩුකාරවරයා කැබිනට් මණ්ඩලය සමඟ සාමුහික ඡායාරූපයකට පෙනීසිටි අතර පෙ.ව 9.35ට ගුවන් විදුලියෙන් ජාතික ඇමතීය. “මෙරට වාසීන්ට මෙතෙක් තිබුණාට වඩා උසස් නිදහසක් ලබා දෙන්නට මේ උදා වූ නිදහසට නොපුළුවන් වුවහොත්, එබඳු නිදහසකින් පලක් නැත්තේය” යැයි ලංකාවේ අභිනව අග්‍රාණ්ඩුකාරවරයා ගුවන් විදුලිය මගින් කළ සභාවේ දී ප්‍රකාශ කළේය. පෙ.ව 9.45ට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන ඩී. එස්. සේනානායක මහතා සිංහලෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ගුවන් විදුලිය මගින් ජාතිය අමතා කතා කළේය. එහිදී ‘ලංකාව ලබාගත් නිදහස බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ආධ්‍යාත්මික නිදහසට දෙවැනිකොට සැලකිය හැකි යැයි” ප්‍රකාශ කළේය.

ලංකා නිදහස් පනත වලංගු වීමත් සමගම මෙතෙක් අග්‍රාණ්ඩුකාරවරයාගේ බාරයේ තිබූ ලංකාවේ ආරක්ෂක කටයුතු හා විදේශ කටයුතු පිළිබද වගකීම් අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා වෙත පැවරීමෙන් නිදහස පරිපූර්ණත්වයට පත් කරන ලදි.

පෙබරවාරි 04 වැනි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර පෙබරවාරි 10, 11 සහ 12 යන දිනයන්ද රජයේ නිවාඩු දිනයන් ලෙස නම් කරන ලදි. ඒ අනුව පෙබරවාරි 4 වැනි දින සිට 16 දින දක්වා රාජ්‍ය උත්සව මාලාවක් සංවිධානය කර තිබුණි. නිදහස් උත්සවය නිමිති කොටගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවන් 9 දෙනෙකුද නිදහස ලැබීය. 4 සහ 5 දෙදින තුළ සත්ව ඝාතන ස්ථානයන් ද වසා දමන ලදි. සෑම රාජ්‍ය ආයතනයකම, පෞද්ගලික ආයතන සියල්ලකම ද, ආගමික ස්ථාන හා නිවෙස්වල ද සිංහ කොඩිය ඔසවා තිබු අතර ලංකා ස්වාධීනතා පනත පිළිබඳව සියලු විස්තර පුවත් පත් හරහා ජනතාවට දැන ගැනීමට සලස්වන ලදි. පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට නියමිත වැඩසටහන්, ග්ලෝස්ටර් ආදි පාදවරයාගේ පැමිණීම පිළිගැනීම ආදිය සියලු කරුණු රටේ සන්නිවේදනය කරන ලද්දේ පුවත්පත් මගින් වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ යුතුය. 

1948 පෙබරවාරි 04 වන දින නිදහස ලැබූ නමුත්, එදින ඒ සම්බන්ධයෙන් නිල උත්සවයක් නොවීය.

Page 1 of 47