April 20, 2024

සජිත් පිලේ මන්ත්‍රී දෙකක් ආණ්ඩුව සමග ඩීල් එකක්

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩුව සමඟ යම් එකඟතාවයක සිටින බවට සැකයක් එම පක්ෂය තුළ ඇතිව තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පසුගිය මාස කිහිපයේ ක්‍රියාකාරකම් දෙස බලද්දී එවන් සැකයක් ඇතිව තිබෙන බවයි සමගි ජන බලවේගය ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

දෙන්නා එක ලඟ දිස්ත්‍රික්ක දෙකක

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් දෙදෙනා පිළිබඳවයි මෙම සැකය ඇතිව තිබෙන්නේ.

මේ මන්ත්‍රීවරුන් දෙදෙනා යම් ප්‍රතිලාභ මත ආණ්ඩුව සමග එකඟතාවයකින් කටයුතු කරන බවටයි සැක මතු වී තිබෙන්නේ.

පක්ෂ නායක උපදෙසට පිටින් යෑම

විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් ඇගයීමකට ලක් නොකරන ලෙස ජන බලවේග හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දී තිබියදීත් එය නොතකා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් ඇගයීමකට ලක් කරණ බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

පක්ෂ නායකයාගේ උපදෙස්ද නොතකා මේ මන්ත්‍රීවරුන් දෙපළ විශේෂයෙන්ම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව ඇගයීමකට ලක් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් මහා මාර්ග ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම මන්ත්‍රී දෙපලට යම් ප්‍රතිලාභ හිමිව ඇති බවටත් සැකයක්ද එම පක්ෂය තුළ මතුව තිබෙනවා.

සිය වත්කම් පිළිබඳ උනන්දුව

මෙම මන්ත්‍රී දෙපළ සිය ආදායම් පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව සමගි ජන බලවේග බොහෝ ජේෂ්ඨයන්ගේ විශ්වාසය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ මන්ත්‍රීවරුන් දෙපළ සිය දිස්ත්‍රික්කවල මනාප ප්‍රශ්න මත හේශා විතානගේ මන්ත්‍රීවරයා තලතා අතුකෝරල මන්ත්‍රීවරිය සමගත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමඟත් ප්‍රශ්න ඇති කර ගෙන තිබෙන බවත් වාර්තා වනවා.

ඒ හේතුව මත කලක් පක්ෂයේ වැඩ කටයුතුද මේ මන්ත්‍රීවරුන් දෙපළ මග හැරි බවයි සමගි ජන බලවේගය ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

20 ටත් සහය දෙන්න හිටියේ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දීමට මෙම මන්ත්‍රීවරුන් දෙපළ සූදානමින් සිටි බවට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඒ අවස්ථාවේ තොරතුරු ද හෙළිදරව් කළා.

මෙම මන්ත්‍රීවරුන් දෙපළ එම සංශෝධනයට පක්ෂව ඡන්දය දීම පිළිබඳව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡාව තමන්ගේ නිවසේ දී කළ බව සමගි ජන බලවේගය නියෝජනය කළ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එම සංශෝධනයට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දීමෙන් පසු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.

Rate this item
(4 votes)
Last modified on Saturday, 24 July 2021 10:24