May 15, 2021

දේශපාලන පලි ගැනීම් වාර්තාවේ වෙළුම් කිහිපයක් සභාවට - විපක්ෂය සාක්ෂි සටහන් ඉල්ලයි Featured

දේශපාලන පලිගැනීම් පිළිබදව පරීක්ෂා කොට තොරතුරු ලබා ගැනීම සඳහා වූ ජනපති කොමිෂන් අවසන් වාර්තාවේ වෙළුම් කීපයක් සභාවට ඉදිරිපත් කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (9) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

එය සිංහල භාෂාවෙන් පමණක් ඉදිරිපත් කරන බවද නායකවරයා සභාවට දැනුම් දෙන ලදී.

එහිදී විපක්ෂය වෙනුවෙන් නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශපාලන පලිගැනීම් සදහා වූ කොමිසමේ පමණක් නොව පාස්කු ප්‍රහාරය සඳහා වූ කොමිසමේද සාක්ෂි සටහන් තමන්ට අවශ්‍ය බව සභාවට දැනුම් දෙන ලදී.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීති කටයුතු රැසක් කිරීමට සමගි ජන බලවේගය සුදානමින් සිටින බවද පෙන්වා දුන් කිරිඇල්ල මහතා ඊට සාක්ෂි සටහන් අත්‍යවශ්‍ය බවද අවධාරණය කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 11:08