March 29, 2024

2024 පොහොට්ටු ජනපති අපේක්ෂකයා බැසිල් - ඒකයි අපේ මැනීම

මීළඟ ජනාධිපතිවරණය 2024 පැවැත්වෙනු ඇති බවත් එහිදී පොදුජන පෙරමුණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා වනු ඇති බව තමන්ගේ දේශපාලන මැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනපතිවරයා දෙවැනි වතාවට තරග නොකිරීම හේතුවෙන් ඔහු සිය සම්පූර්ණ නිල කාලය සිය ධුරයේ රැඳී සිටිනු ඇති බවද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා මෙන්ම වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා වීමටද ඉඩ ඇති බව ජයතිස්ස මහතා වැඩිදුරටත් සදහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ජනපති අපේක්ෂකත්වයට ඉන්දියාවේ පූර්ණ ආශිර්වාදය ලැබෙනු ඇති බව ද තම විශ්වාසය බව ජයතිස්ස මහතා අදහස වී තිබේ.

ජයතිස්ස මහතා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 24 July 2021 10:38