May 15, 2021

දේශපාලන පෙරළියකට මංගල බැසිල් හමුවක් ලඟදීම Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එලෙස හමුවන්නේ විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා බව වාර්තා වේ.

පසුගිය මහමැතිවරණය සඳහා සජිත් පිලෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කිරීමට නාමයෝජනා ඉදිරිපත් කළ මංගල සමරවීර අවසන් මොහොතේ ඡන්ද සටනින් ඉවත් විය. අනතුරුව ඔහු නැවතත් එජාපයට සමීපව කටයුතු කරන බව වාර්තා වුවත් දැන් ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නැත.

2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල කාර්යභාරයක් කළ මංගල සමරවීර මහතා ඉන් වසර දෙකකට පසු මහින්ද රාජපක්ෂ රජය සමඟ හටගත් මතගැටුමක් නිසා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේය. අනතුරුව ඔහු විපක්ෂය සමඟ සම්බන්ධ විය.

පසුගියදා කොළඹ පැවති ප්‍රසිද්ධ මංගල උත්සවයකදී බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණු මංගල වැඩි වැඩි වේලාවක් සුහද කතාබහක නිරත වූ බවද වාර්තා විය.

කෙසේවෙතත් මෙවර බැසිල් සහ මංගල අතර හමුව කුමන අරමුණක් උදෙසා සිදුවේද යන්න අපැහැදිලි වුවත් මෙම සාකච්ඡාවේදී කිසියම් සමගි සන්ධාන ක්‍රියවලියක් සඳහා මුලපිරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 07:47