March 29, 2024

කරුණු දෙකක් මුල් කොටගෙන සජිත් - පාඨලී චම්පික මත ගැටුමක

February 28, 2021

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රී ධූරයක් දරන පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අතර මත ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම පාඨලී චම්පික රණවක මහතා මෙතෙක් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය නොගැනීම මෙන්ම ඔහු විසින් නිර්මාණය කළ 43 සේනාංකය මුල්කොටගෙන මෙම තත්ත්වය උදාවී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වන විට සමගි ජන බලවේගයේ අන් ජ්‍යෙෂ්ඨයන්ට මෙන්ම රණවක මහතාට ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිධුරයක් පිරිනමා ඇතිමුත් ඔහු තවමත් එය භාරගෙන නොමැත.

43 සේනාංකයද සමගි ජන බලවේගයට අනුයුක්ත සංවිධානය කිරීම සඳහා රණවක මහතාටද සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගන්නා මෙන් සජිත් ප්‍රේමදාස මහතා කීප විටක්ම ආරාධනා කර ඇතිමුත් ඊට ද මේ වන තුරු රණවක මහතාගෙන් ප්‍රතිචාර ලැබී නොමැත.

මේ තත්ත්වයන් සමනය කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු මුල් වී කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 24 July 2021 10:33