March 29, 2024

පාස්කු ඉරු දින වාර්තාව හෙළා දකින්න ශ්‍රීලනිපය ඒකමතික තීන්දුවකට! නිලතලවල වෙනසක් නෑ

February 25, 2021

පාස්කු ඉරුදින පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව හෙළාදැකීමට අද (25) පැවැති විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කොට තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ ජනපති කොමිසමෙන් බලාපොරොත්තු අරමුණු ඉටු නොවී ඇති බව ඒකමතිකව තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට ඒකමතික තීන්දුවකට පැමිණ තිබේ.

පක්ෂයේ නිළධාරී මණ්ඩලයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස පත්කොට තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන්ගේ සංඛ්‍යාව තුන දක්වා වැඩි වී තිබේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙසත්, දයාසිරි ජයසේකර මහතා මහලේකම්වරයා ලෙසත් යළිත් පත් වී තිබේ.  

සාමාන්‍යයෙන් වර්ෂයකට හෝ වර්ෂ කිහිපයකට වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව රැස්වී නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම සම්ප්‍රදාය වන අතර ඒ සම්ප්‍රදායට අනුව මෙවර මධ්‍යම කාරක සභාව පත් වූ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 February 2021 11:41