April 20, 2024

පවිත්‍රා හදිසියේම අමාත්‍යංශයට එන්න හදයි - සෞඛ්‍ය ඇමැති ධූරයේ බලතල ඇමැති චන්න ජයසුමන අතේ

February 23, 2021

කොරෝනා වැළඳී සුවය ලබාසිටින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය අමාත්‍යංශයේ රාජකාරී කටයුතු අද හෙටම ආරම්භ කරනු ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්, කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වන්නිආරච්චි මහත්මිය සුවය ලබා පසුගිය දා රෝහලින් පිටව ගියාය.

සෞඛ්‍ය ඇමැතිවරියට කොරෝනා වැළඳීම නිසා සෞඛ්‍ය ඇමැති ධූරයේ වැඩබැලීමට රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය දා පත්කරනු ලැබීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 10:39