March 29, 2024

විමල්ගේ 12 කල්ලිය ජනපතිට සියල්ල කියයි - ජනපති ගත් තීන්දුව මෙන්න

February 20, 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යම් මතභේදාත්මක තත්ත්වයක සිටින ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්වූ පක්ෂ 10 ක නියෝජිතයන් ඊයේ(19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය.

එම පක්ෂවල නායකයන් එම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

එම සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවති බවත් සති 2 හෝ 3කට වරක් එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළ බවත් ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම පක්ෂ නායකයින් ඉදිරිපත් කළ බොහෝ අදහස් ජනාධිපතිවරා පිළිගත් බවත් එහිදී ජනාධිපතිවරයාද සිය අදහස් පක්ෂ නායකින්ට ඉදිරිපත් කළ බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 24 July 2021 10:40