April 19, 2024

රට ආයෙත් වහන්නේ නෑ - මාස දෙක හමාරක් වහලා වෙච්ච දේ දැක්කා (VIDEO)

February 16, 2021

ශ්‍රී ලංකාව වැනි දැඩි ලෙස ණය බරින් මිරිකී ඇති රටකට තවදුරටත් රට වසා තැබීමේ ආර්ථික ශක්තියක් නොමැති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරයි.

මාස දෙකහමාරක් රට වසා දැමීමෙන් පසු රටේ ආර්ථිකය කඩා කඩා වැටීම මෙන්ම ලක්ෂ ගණනකට රැකියා අහිමි වීම ද දුටු බව ඇමැතිවරයා අවධාරණය කරයි.

ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේ හිස ඔසවමින් තිබෙන කොවිඩ් වසංගත තත්වය හමුවේ රට වසා දමනවාදයි යන ප්‍රචාරයට පිළිතුරු ලෙසය.

එනිසා ආණ්ඩුව රට විවෘතව තබා ගෙන මේ ප්‍රශ්නයට මුහුණ දීමට උත්සාහ කරන බව ද අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

කොරෝනා වෛරසය සමග ජීවත්වීමට ඉගෙන ගැනීම රට හමුවේ ඇති අභියෝගය බවද ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

ගම්මන්පිල අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කැබිනට් මණ්ඩල දැනුම් දීමේ හමුවට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 January 2022 12:13