April 25, 2024

ආණ්ඩුව ඇතුළට දුෂ්ඨ පිරිස් රිංගලා - ජනපතිත් පිළිඅරන් (VIDEO)

February 12, 2021

ආණ්ඩුව ඇතුළට දුෂ්ඨ පිරිස් රිංගා ඇති බවත් ජනාධිපතිවරයාටත් යම් ආකාරයට එය පිළිගැනීමට සිදුව ඇති බවත් දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනට එක්වෙමිනි.

පසුගියදා සීනි ආනයනය සිදු කර මිලියන 13,000ක ලාභයක් ලබා ගෙන ඇත්තේ ආණ්ඩුවට වියත්මගට කිට්ටුවෙන් කටයුතු කළ ව්‍යාපාරිකයෙක් බවත් එතනට ආණ්ඩුව තල්ලු කළ පුද්ගලයා සතොස හිටපු සභාපතිවරයාට දඩුවම් නොකර තවත් වැදගත් ආයතනයක සභාපතිධූරයක් ලබා දුන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ ජනවරම නිර්මාණය කිරීමට මහන්සි වූ බොහෝ පිරිස් මෙවැනි දේ විවේචනය කරන බවත් එදා බැඳුම්කර වංචාව නිසා යහපාලන රජයට ඉදිරියට යා නොහැකි වූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 September 2021 09:14