April 19, 2024

ආණ්ඩුවේ ප්‍රබලයින්ගෙන් රතු එළියක්! විමල්ගේ නිවසට රැස්වූ ආණ්ඩු ප්‍රබලයින් තීන්දුවක් ගනී ( Video )

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ.

ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඔ නිල නිවසේදී එම පක්ෂවල නායකයින් අද (30) පස්වරුවේ හමුවී කළ සාකච්ඡාවකදීය.

කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු ද ඊට සහභාගී වුණි.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත අර්බුදය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීම අදත් ක්‍රියාත්මකය.  

වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ වියත්මඟ සංවිධානයට ලබාදුන් යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

Last modified on Sunday, 31 January 2021 06:56