April 23, 2024

උපකාරක පන්ති ඇරඹීම ගැන නිවේදනයක්

උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත හැර අනෙක් පළාත්වල ජනවාරි මස 25 වනදා සිට උපකාරක පන්ති පවත්වාගෙන යෑමට අවසර හිමි වී තිබේ.

එමෙන්ම උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකර තිබේ.

පන්තියක උපරිම ළමුන් සංඛ්‍යාව 100ක් හෝ පන්තියක පවතින ආසන සංඛ්‍යාවෙන් සියයට පනහක් වන ආකාරයෙන් අදාළ උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි බවට උපදෙස් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Last modified on Sunday, 17 January 2021 06:08