April 25, 2024

බස්නාහිරින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අද සිට

බස්නාහිර  පළාත තුළින්  පිටවන ස්ථාන 11 ක්  ඉලක්ක කරගෙන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන් අද (13)  සිට යළිත් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
මෙම   පරීක්ෂණ  ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දින සිට  ජනවාරි 5 වැනි දින දක්වා කාලය තුළ  ක්‍රියාත්මක කළ පරීක්ෂාවෙන්  ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
 
මෙම කාලය තුළ පුද්ගලයන් 11,000 ට අධික පිරිසක් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
බස්නාහිර පළාතින් පිට කොරෝනා  අනුපොකුරු   ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණින් මෙම රැපිඞ්  ඇන්ටිජන් පරීක්ෂාව කොළඹින් පිටවන ස්ථාන 11 ක් ඉලක්ක කරගෙන  සිදුකළ බවත් අද සිට එය නැවත සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, ආශ්‍රිත පිරිස්  නිරෝධායනය  සඳහා යොමු කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
 

Last modified on Wednesday, 13 January 2021 17:18