April 26, 2024

කොරෝනා අධි අවධානම් කළාප 47ක්

December 27, 2020

මේ වනවිට කොරෝනා අධි අවධානම් කළාප 47ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය මගින් හෙළිකර තිබේ.

කොළඹ මහනගර සභා බලප්‍රදේශය සහ ඊට අමතරව එම දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ 19ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 15ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 12ක් මේ අතර පවතී.

එම දිස්ත්‍රික්කවල අධි අවධානම් කළාප විසිරී ඇති ආකාරය මෙසේය. කොළඹ දිස්ත්‍රික්කයේ මහනගර සභා බලප්‍රදේශය, බත්තරමුල්ල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩ උයන, ගොතටුය, හංවැල්ල, හෝමාගම, කඩුවෙල, කහතුඩුව, කැස්බෑව, පාදුක්ක, පිළියන්දල, කෝට්ටේ සහ රත්මලාන නම් කර තිබේ. නමුත් මේ වනවිට අවිස්සාවේල්ල පොලිස් වසම හුදකලා කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, දොම්පෙ, ගම්පහ, ජා-ඇල, කටාන, කැළනිය, මහර, මිණුවන්ගොඩ, මීරිගම, මීගමුව, රාගම හා වත්තල යන ප්‍රදේශ නම් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයට අදාලව එම අධි අවදානම් කලාප මොනවාදැයි නම් කර නැත.

Last modified on Sunday, 27 December 2020 07:35