March 29, 2024

මුල්වරට කොරෝනා එන්නත විදගත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට ඇලජික් වෙයි - “ෆයිසර් එන්නත ගන්න එපා” බ්‍රිතාන්‍යයෙන් අනතුරු අඟවයි Featured

December 10, 2020

ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත ලෙස හැඳින්වූ ෆයිසර් / බයෝ එන්ටෙක් මුල්ම වරට ජනතාවට ලබා දුන් රට ලෙස පෙරේදා (08) දිනයේදී බ්‍රිතාන්‍ය පත්විය.

නමුත් දැන් බ්‍රිතාන්‍යය විසින්ම එම එන්නත පිළිබඳව අනතුරු ඇඟවීමක් සිද්ධ කොට තිබේ.

එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය නියාමක අංශය විසින් මෙම අනතුරු ඇඟවීම කරමින් පවසා තිබුණේ තමන්ට සැලැකිලි යුතු ආසාත්මිකතාවයන් (ඇලජික්) පවතිනවා නම් මෙම එන්නත තෝරා නොගන්නා ලෙසයි.

එරට ජාතික සෞඛ්‍ය සේවයේ හෙදියන් දෙදෙනෙකුට මෙම එන්නත ලබා ගැනීමෙන් අනතුරුව  ආසාත්මිකතාවයන් මතුව ඇති බවද එම අංශය අවධාරණය කර තිබේ.

එරට ජාතික සෞඛ්‍ය සේවය අධ්‍යක්ෂක මහාචාර්ය ස්ටීවන් පවිස් ඊයේ (09) දිනයේදී ප්‍රකාශ කර තිබුණේ එරට ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය විසින් සැලැකිලි යුතු ආසාත්මිකතාවයන් ඇති පුද්ගලයින්ට හට ෆයිසර් කොරෝනා එන්නත ලබා නොදෙන ලෙස පවසා ඇති බවයි.

මෙම ආසාත්මිකතාවයන් ඇති වූ පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය දැන් සාමාන්‍ය තත්ත්වයේ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසරේදීම බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නතට මේ වසරේ දීම අනුමැතිය ලැබිය හැකි බවද එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසා සිටියි.

Last modified on Thursday, 10 December 2020 11:43