March 28, 2024

“තත්වය දරුණුයි..ඇඳිරි නීතිය පනවන්න..කොරෝනා පැතිරීම කොතනින් අවසන් වේදැයි කියන්න බෑ“ Featured

December 06, 2020

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අටළුගම වැනි ප්‍රදේශවලදී ලැබෙන ජනතා සහාය ඉතා අවම බව පෙනී යන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් ප‍්‍රදේශ හුදෙකලා කිරීමෙන් ඔබ්බට ගොස් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ යුතු බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එසේ කළහොත් ආවේක්ෂණ ක්‍රියාවලිය කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පහසු වන බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ නොකරන්නේ නම් වෛරසය කොතැනින් අවසන් වී දැයි කිව නොහැකි බවද ඒ මහතා අවරධාරණය කරයි.

බලාපොරොත්තු නොවූ ලෙස වෙනත් දිස්ත‍්‍රික්කවලින්ද ආසාදිතයන් වාර්තා වීම ඉහල ගොස් ඇති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Last modified on Sunday, 06 December 2020 09:47