April 20, 2024

“ජනපතිත් අගමැතිත් ආරාධනා කළා“ - නඩුවෙන් නිදහස් වූ බැසිල් පාර්ලිමේන්තු ගමන ගැන කියයි Featured

December 01, 2020

තමන්ට පාර්ලිමේන්තුව එන්නැයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කර ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නමුත් පාර්ලිමේන්තුවට යාමට තමන් කැමැතත්ක් නැති බවද පාර්ලිමේන්තු ආවද නාවද ආර්ථිකය ශක්තිමත් කරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍යතාවයක් වුනොත් පැමිණීමට සිදු වන බවත් දැනට එවන් තත්ත්වයක් නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Last modified on Tuesday, 01 December 2020 02:29