April 25, 2024

මැගසින් බන්ධනාගාරයේ සිටි රිෂාඩ් බදියුදීන් සුපිරි හෝටලයක නිරෝධායනයේ Featured

November 28, 2020

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් මහතා නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබේ.

ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඔහු පෙරේදා දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබිණි. 

රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා වෙනත් ස්ථානයක නිරෝධායනයට යොමු කරන ලෙසටද ඔහුගේ බිරිද විසින් විපක්‍ෂ නායකවරයා දැනුවත් කෙරුණු අතර ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් ඒ පිළිබද කථානායකවරයා දැනුවත් කර තිබේ.

විපක්‍ෂ නායකවරයාගෙන් සහ විවිධ පාර්ශවලින් ලැබුණු ඉල්ලීම් අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කර ඇති අතර ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ගල්කිස්ස හෝටලයකට යොමු කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අවතැන් පුද්ගලයන් 12,620ක් ගෙනයාම සඳහා රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Last modified on Saturday, 28 November 2020 10:42