March 28, 2024

සජිත් පවිත්‍රා පැටලෙයි : සජිත් දෙවැනි ආශ්‍රිතයෙක් - පවිත්‍රාගෙන් චෝදනා Featured

වසංගත රෝග විශේෂඥයන් විසින් කොවිඩ් 19 සමාජ ව්‍යාප්තියක් දක්වා ව්‍යාප්ත වී නොමැති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඒ කුලියාපිටිය හා ඉන් අවට ප්‍රදේශ වල කොවිඩ් පොකුරු සමාජ ව්‍යාප්තියක් දක්වා ගොස් තිබෙන බවද වෛද්‍ය සංගමය ඇතුළු එම ප්‍රදේශයේ වෛද්‍යවරුන් තමාට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසය.

යාල හෝටලයක සිට සොයා ගත් කොවිඩ් ආසාදිතයා එහි සිටි අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා ද එම හෝටලයට ගොස් සිටි බැවින් ඔහු දෙවැනි ආශ්‍රීතයෙකු ලෙස හඳුනාගෙන තිබෙන බවද සෞඛ්‍ය ඇමතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. 

Last modified on Wednesday, 21 October 2020 11:04