March 29, 2024

මෛත්‍රී වෙනුවෙන් මෛත්‍රී : මම කෙළෙහිගුණ දන්න මිනිහෙක් ඒකයි හිටපු ජනපති වෙනුවෙන් පෙනී හිටියේ Featured

September 24, 2020

තමන් හොඳින් කෙළෙහිගුණ දන්නා පුද්ගලයකු බවත් තමන් තුළ තියෙන දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසා තමා ඔහු වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

ඒ නිසා තමන් අද දවසේ මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජන කරන කඳවුරට ප්‍රතිවිරුද්ධ කඳවුර නියෝජනය කලත් එය නොසලකා හිටපු ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බවද අවධාරණය කරයි.

තමාගේ දක්ෂතා වලින් බොහෝ දෙනෙකු ප්‍රයෝජන ගත්තා මිස තමන්ට වැඩ පෙන්වීමට අවස්ථාවක් ලබා නොදුන් බව පෙන්වා දෙන ගුණරත්න මහතා හිටපු ජනාධිපතිවරයා තමාට මධ්‍යම හා ඌව ආණ්ඩුකාර පදවි ලබා දෙමින් තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලබාදුන් බවද සඳහන් කරයි.

එහෙත් හිටපු ජනාධිපතිවරයාගෙන් උපකාර ගත් බොහෝ දෙනෙකු අද ඔහුව අමතක කර දමා තිබුනත් තමා හොඳින් කෙළෙහි ගුණ දන්නා කෙනෙකු බව ගුණරත්න මහතා වැඩිදුරටත් සටහන් කරයි.

Last modified on Thursday, 24 September 2020 08:58