March 29, 2024

20 වන සංශෝධනයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයකුත් එයි Featured

September 22, 2020

අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඉතා කෙටි කලකින් සම්මත කර ගැනීමෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදු වන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

20 වන සංශෝධනයෙන් කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාවේ සීමාව ඉවත් වන බැවින් එය ප්‍රයෝජනයට ගෙන කලකිරීමෙන් සිටින ජේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටත් සුළු ජාතික හා සුළු පක්ෂ නියෝජිතයන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට හා රාජ්‍ය අමාත්‍ය ධුර දරන කිහිපදෙනෙකුටත් කැබිනට් අමාත්‍ය ධුර ලබා දීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.

ඒ අතරම වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටින එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ විෂයන් සංශෝධනය කිරීමට ද ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටියි.

එසේ වෙනසක් සිදු වන අමාත්‍ය ධුර අතර වයෝවෘද්ධ සාමාජිකයෙකු අමාත්‍ය ධුරයක් දරන විෂය පථයක් ද ඇතුලත් බව දැනගන්නට තිබේ.

Last modified on Tuesday, 22 September 2020 09:46

Related items