April 16, 2024

මන්ත්‍රී ධූරය ශාන්තට ඕනෑ - මහින්ද අමරවීර Featured

September 03, 2019

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැනට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට හිමි නොවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි එ.ජ.නි.ස මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පුවත්පතකට පවසා ඇත.

සාලින්ද දිසානායක මහතා මිය ගිය පසු ඒ බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරිවරයාට දැනුම් දෙන අවස්ථාව වන විට ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස් වී සිටීම ඔහු ඊට හේතුව හැටියට දැක්වීය.

එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඉතුත් අගෝස්තු 5 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අභාවයෙන් මාසයක කාලයක් ඉක්ම ගොස් ඇතත් අදාළ පුරප්පාඩුව පිරවීමට තවමත් හැකි වී නැත.

සාලින්ද දිසානායක මහතාගෙන් පසුව කුරුණෑගල එ.ජ.සි.නි.ස ලැයිස්තුවේ ඊළඟට වැඩි ඡන්ද ලබාගෙන සිටියේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ශාන්ත බණ්ඩාර මහතාය. ශාන්ත බණ්ඩාර මහතා සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා මිය යනවිට පත්කළ මන්ත්‍රීවරයකු වශයෙන් පත්ව සිටි හෙයින් ඒ පුරප්පාඩුවට සුදුසුකම් ලැබුවේ ශාන්ත බණ්ඩාරගෙන් පසුව ඊළඟට වැඩිම ඡන්ද ලබාගෙන සිටි වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී.බී හේරත් මහතාය. 

ශාන්ත බණ්ඩාර මහතා ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමට අවශ්‍ය බව කියමින් අගෝස්තු 07 වැනිදා පත්කළ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

 

Last modified on Tuesday, 03 September 2019 11:41

Related items