February 27, 2021

පෙබරවාරි මස මුල සිට පාක්ෂිකයන්ට හා සාමාන්‍ය ජනතාවට එක්සත් ජාතික පක්ෂ නායකයින් මුණගැසීමට දින දෙකක්  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙන්කොට තිබේ.

ඒ අඟහරුවාදා සහ බදාදා යන දින දෙකය.

එම දින දෙක තුළ පාක්ෂිකයන් මෙන්ම ජනතාව මුණගැසීමට පක්ෂ නායකයා මෙන්ම නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර යන මහත්වරුන් සිරිකොත රැඳී සිටීමට තීරණය කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂය ජනතාව අතරට ගෙන යෑම සඳහා පාක්ෂිකයන් හා නායකයන් අතර තිබෙන දුරස්ථභාවය නැති කිරීම සඳහා පක්ෂ නායකයා විසින් මෙම  වැඩ පිළිවෙළ අරඹා තිබේ. 

අසමත් සර් පමණක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වරණයේදී ඡන්දය දුන් 69 ලක්ෂයම ෆේල් බවද විජයවර්ධන මහතා සඳහන් කරයි.

මේ තත්ත්වය මත යළිත් එක්සත් ජාතික පක්ෂයට ලොකු ඉල්ලුමක් රට තුළ තිබෙන බවද පෙන්වා දෙන විජයවර්ධන මහතා දැන් කළ යුතුව තිබෙන්නේ ඒ සඳහා සූදානම් වීම බව ද පෙන්වා දෙන ලදී.

අම්පාරේ පැවති පාක්ෂික රැස්වීමක් අමතමින් මෙම අදහස් පල කළ විජේවර්ධන මහතා රට බරපතළ ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවටද එහිදී අනතුරු අඟවන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) මොණරාගලදී පැවති පාක්ෂික හමුවක් අතරතුර දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. 

ඒ, එම රැස්වීම ඇමතූ හිටපු ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව විවේචනය කරමින් අදහස් දැක්වීම නිසාය. 

පාලිත තෙවරප්පෙරුම මහතා සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරමින් කතා කිරීමත් සමග එම රැස්වීමට සහභාගී වී සිටි පාක්ෂිකයින්ගෙන් ඊට දැඩි විරෝධයක් පළවී තිබුණු අතර රුවන් විජේවර්ධන මහතාට ද තත්වය පාලනය කරගැනීමට අසීරු වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව 20 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවති එම රැස්වීම අතරමග නතර වී ඇති බව ආරංචි මාර්ග පැවසුවේය. 

කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා සියලූ පාර්ශ්ව දේශපාලන භේද පසෙකලා එකට එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ සියලූ පාර්ශ්වවල ඇති අත්දැකීම් යොදා ගනිමින් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම අභියෝගයට මුහුණ දිය යුතු බවයි.

විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ වාද්දුව දම්පියගම, ශ‍්‍රී සමුද්‍රාරාම විහාරස්ථානයේ කඨින පූජෝත්සවයට සමගාමීව විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පසුගිය මාර්තු මාසයේ මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡුාවේදී මතුකළ කරුණු බැහැර කරමින් කටයුතු කිරීමේ ප‍්‍රතිඵලවලට අද අප මුහුණ දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මොහොතේදී සිදුකළ යුතුව ඇත්තේ දේශපාලන පක්ෂ, පාට භේද පසෙකලා සියලූ දෙනා එකමුතුව කටයුතු කරමින් රටත්, ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා කැපවීම බව ද ඔහු අවධාරණය කළේය.

එම කටයුත්තේ දී මහා සංඝරත්නය විසින් ලබාදෙන ආධ්‍යාත්මික නායකත්වය ඉතා වැදගත් වනු ඇති බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නා.

කළුතර දිසාවේ ප‍්‍රධාන සංඝනායක, වාද්දුව සමුද්‍රාරාම විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ ආශිර්වාදයෙන් සංවිධානය කෙරුණු මෙම පුණ්‍යකර්මයට කළුතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගෝනදූවේ ගුණානන්ද මහනාහිමියන් ප‍්‍රමුඛ මහාසංඝරත්නය මෙන්ම හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, මර්වින් සිල්වා, ලක්ෂ්මන් විජේමාන්න, උපුල් මාලේවන ඇතුළු ගිහි පැවිදි පිරිසක් එක් වුහ.

කොරෝනා ව්‍යසනය හමුවේ අපේ   රට බේරගන්න අධ්‍යාත්මික නායකත්වයක් රටට අවශ්‍යයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.

විජේවර්ධන මහතා එසේ පැවසුවේ  වාද්දුව ශ්‍රී සමුද්‍ර රාමයේ බෝධීන් වහන්සේ වටා  රුපියල් ලක්ෂ 15 ක ප්‍රතිපාදන මත ඉදි වූ රන් වැට  විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

එහිදී රුවන් විජේවර්ධන මහතා මෙසේ පැවසීය.

"ස්වාමීන් වහන්සේලාගේ  නායකත්වය වගේම බුද්ධ ධර්මයේ ආරක්ෂාව අවශ්‍ය වෙලා තියෙනවා මේ රට බේරගන්න. දෙවැනි කොරෝනා රැල්ලක් ආයෙත් ආවොත් මැඩපැවැත්වීමට අමාරුයි කියලා එදා රනිල් වික්‍රමසිංහ අගමැති තුමා සමග කළ සාකච්ඡාවේ දී කිව්වා.දැන් ඒක ඇත්ත වෙලා. රට පුරාම මේ ව්‍යසනය පැතිරිලා තියෙනවා. අප කළ යුත්තේ දේශපාලන වශයෙන් බෙදිලා වෙන් වෙලා ඉන්න එක නෙමෙයි.අප සියලු දෙනාම එකතු  වෙන්න අවශ්‍යයි. අපේ ස්වාමීන් වහන්සේලා ගේ නායකත්වය ඇත්ත වශයෙන්ම දැන් අත්‍යාවශ්‍යම වෙලා තියෙනවා."

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  රවි කරුණානායක, අර්ජුන  රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න, නවීන් දිසානායක මහත්වරු ද සහභාගි වූහ.  

කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක, වාද්දුව සමුද්‍ර්රාමයේ විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර, කළුතර දිසා සාසනාරක්ෂක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගෝනදූව ගුණානන්ද මහනාහිමිවරුන් ඇතුළු  ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.

කොරෝනා මර්දනයට ජාත්‍යන්තර ආධාර ලබා දුන්නේ කළගෙඩි මිලදී ගෙන ගංගාවලට දැමීමට නොවන බවත් අදාළ ආධාර මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න රටට හෙළි කරන ලෙස ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
 
පවතින කොරෝනා තත්ත්වය හමුවේ සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය නායකවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
 
"රටේ පවතින කොරෝනා තත්ත්වය ගැන ජනතාවට ඇත්ත දැන ගැනීමේ හැකියාවක් නැහැ. යුද හමුදාපතිවරයා කියනවා කොරෝනා වැළඳුණු අය නිරෝධායන මධ්‍යස්ථානවල සිටිය යුතුය කියා. සෞඛ්‍ය බලධාරීන් කියනවා කොරෝනා වැලඳි ඇතත් රෝග ලක්‍ෂණ නොමැති නම් නිවෙස්වල නිරෝධායනයට කරනවා කියනවා. මේ ගැන හරි ප‍්‍රකාශයක් නැති නිසා ජනතාව අපහසුතාවට පත්වෙනවා. ඒ නිසා හරිදේ ජනතාවට කියන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. කොරෝනාවල ඇත්ත තත්ත්වය ජනතාවට හංගන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත තත්ත්වය හංගන්න යෑමෙන් ජනතාව කොරෝනා බියක් රටේ නැතැයි සිතා කටයුතු කිරීමට යෑමෙන් නොහිතන දෙයක් රටේ ඇතිවන්න පුළුවන්. මේ පවතින තත්ත්වය ජනාධිපති ඇතුළු රජය බාරගන්න ඕන. අපි පසුගිය දිනවල දැක්ක බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඇතුළු ස්ථාන කිහිපයක ප‍්‍රධාන උත්සව පවත්වනවා. ජනාධිපතිවරයා මුඛ ආවරණ නොමැතිව ජනතාව හමුවට යනවා. මෙවැනි දේවල් ජනතාව දුටුවම කොරෝනා බියක් නැතැයි කියා ජනතාවත් ඒ ආකාරයෙන් හැසිරෙනවා. රජයේ බලධාරීන් තමයි කොවිඞ් අපි මර්දනය කළා කියලා පුරසාරම් දෙඩුවේ. අපි අහනවා කොවිඞ් අරමුදලට චීනයෙන් ඩොලර් මිලියන  590 ක්, මෙරට සහ විදෙස් ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් විශාල මුදල් ප‍්‍රමාණයක් අරමුදලට ලැබුණා. මේ මුදල් කොහෙද තියෙන්නෙ. මොනවද කළේ කියලා ජනතාවට දැනගන්න අවශ්‍යයි. කළගෙඩි අරන් ගංගාවලට විසි කරන්න මේ මුදල් දුන්නේ නැහැ. මේ වනවිට සුවසැරිය ගිලන් රථවල පවතින ශ්වසන උපකරණ ගලවා රෝහල්වල සවිකිරීමේ උත්සාහයක් පවතිනවා. මේ උපකරණ  ගැලෙව්වොත් නැවත එම වාහනවල සවිකරන්න බැහැ. ආණ්ඩුවට ලැබුණ මුදල්වලින් ශ්වසන උපකරණ ඇතුළු සෞඛ්‍ය උපකරණ ලබා නොගැනීම නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නෙ. මේ වනවිට රටපුරා රෝහල්වල දැඩි සත්කාර ඇඳන් 630 ක් පවතිනවා. මින් 130 ක් වැනි ප‍්‍රමාණයක් තමයි කොවිඞ් රෝගීන් වෙනුවෙන් වෙන්කරලා තියෙන්නේ."

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කම පිළිබඳව තමන්ට වෙනම මතයක් තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම ඉතා අවාසනාවන්ත තනතුරක් බව තමාගේ ඇඟටත් දැනෙන බව දිසානායක මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම ගත් කිසිවකුටත් හරි ගියේ නැති බවද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකමට පත් තම පියා මෙන්ම ප්‍රේමදාස මහතාට ද හරි ගියේ නැති බව ද දිසානායක මහතා පෙන්වා දෙයි.

එනිසා තමන් රුවන් විජේවර්ධන මහතාට මෙම තනතුර බාර ගනිද්දී ඒ ගැන දෙවතාවක් සිතන ලෙස ද දැනුම් දුන් බව නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

ඊට රුවන් විජේවර්ධන මහතා ගෙන් හරි පිළිතුරක් නොලැබුණු බව ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

තමන් නායකත්වයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වීමට සූදානම් බවට එහි නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සජිත් ප්‍රේමදාස පාර්ශවයට පණිවිඩයක් යවා ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්ව තිබෙන විජේවර්ධන මහතා එළැඹෙන වසර මුල වන විට පක්ෂ නායකත්වයට පත් වෙනු ඇති බව විශ්වාස කෙරේ.

ඉන්පසු ඉහත සඳහන් වැඩපිළිවෙළට අවතීර්ණ වීමට ඔහු තුළ සූදානමක් තිබේ.

එහෙත් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙන බව සමගි ජන බලවේගය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මැතිවරණවලදී නාමයෝජනා භාර දීමේ දී එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන අපේක්ෂකත්වය සංඛ්‍යාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැර හැරිය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට පෙර විදේශගත විමෙන් සිය වගකීම පැහැරහැරි බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියනේ නිලතලයක් විතරයි, මට ලබා දී තිබුණ ආයතන, ගැසට් එකෙන් වෙනම අමාත්‍යාංශයක් හැටියට තමයි වැඩකටයුතු කළේ. මගේ අමාත්‍යාංශයේ තිබුණේ. මම භාරව හිටියේ රණවිරු අධිකාරිය, ආරක්ෂක පාසල, ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය,“ බව ඒ මහතා සඳහන් කළේය.

“පොලීසිය, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව යන සියල්ල මගේ යටතේ ආවේ නැහැ, ඉතින් මට කියන්නට බැහැ රටේ ආරක්ෂාව මගේ අතේ, මම දෙවනියා හැටියට හිටියයි කියලා. මේ විෂයන් ගත්විට ආරක්ෂක ඇමතිවරයාට තමයි ඒ විෂයන් සියල්ලම තිබුණේ. ජාතික ආරක්ෂව තිබුණේ එවකට හිටපු ජනාධිපතිතුමාගේ අතේ. එතුමා ඒ අවස්ථාවේ දී විදේශගත වෙලා එතුමාගේ රාජකාරිය හරියට කළේ නැහැ කියලා මම හිතන්නේ,“ යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වර්ෂයේ අග හෝ ලබන වර්ෂය මුල දැනට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධුරය දරන රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නායකත්වයට පත් කිරීමෙන් පසු පක්ෂය ගොඩ නැගීමට ඔහුට සහාය දීම සඳහා පත් කළ යුතු කණ්ඩායම් පිළිබඳව ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුළ පැහැදිලි සැලැස්මක් තිබෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රුවන් විජේවර්ධන මහතා පක්ෂ නායකයා ලෙස පත් වීමෙන් පසු පුරප්පාඩු වන නියෝජ්‍ය නායක ධුරයට අකිල විරාජ් කාරියවසම් මහතාවද කාරියවසම් මහතා එම තනතුරට පත් කිරීමෙන් පුරප්පාඩු වන මහලේකම් ධූරය සඳහා සාගල රත්නායක මහතාවද පත්කිරීම වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම වෙයි.

සාගල රත්නායක මහතා බොහෝ කලක සිට පක්ෂ මහලේකම් ධූරය බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රකට කරුණකි.

මෙම පත්කිරීම් සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැනට සිටින සාමාජිකයින් හතළිස් දෙනාගෙන් බහුතරයකගේ කැමැත්ත අවශ්‍ය වන අතර එම කැමැත්ත ලබා ගැනීමේ ගැටලුවක් වික්‍රමසිංහ මහතාට නොමැති බවද සිරිකොත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයක් පත් කරනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි.

Page 1 of 2