January 15, 2021

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් මහතා නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබේ.

ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඔහු පෙරේදා දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබිණි. 

රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා වෙනත් ස්ථානයක නිරෝධායනයට යොමු කරන ලෙසටද ඔහුගේ බිරිද විසින් විපක්‍ෂ නායකවරයා දැනුවත් කෙරුණු අතර ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් ඒ පිළිබද කථානායකවරයා දැනුවත් කර තිබේ.

විපක්‍ෂ නායකවරයාගෙන් සහ විවිධ පාර්ශවලින් ලැබුණු ඉල්ලීම් අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කර ඇති අතර ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ගල්කිස්ස හෝටලයකට යොමු කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අවතැන් පුද්ගලයන් 12,620ක් ගෙනයාම සඳහා රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ. 

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කියපු කරපු දේවල් ඉදිරියේදී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත්, ඒ නිසා අධිකරණය හෑල්ලූවට ලක්කොට ජනතාව මුළා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50 ක මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය.

රුපියල් ලක්ෂ 80ක මුදලක් වැය කොට කොත්මලේ, පූඩළුඔය ඉදිකරන ලද සතිපොළ භූමිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"විල්පත්තුවේ නැවත පදිංචිකිරීම් සිදුකිරීමේදී එවකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීති රෙගුලාසිවලට අනුවයි කටයුතු කළේ. උතුරු වසන්තය, නැගෙනහිර වසන්තය වැනි සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් හා මගනැගුම, දිවිනැගුම වැනි කටයුතු සිදු කරමින් තමයි ඒවා සංවර්ධන කළේ. රිෂාඞ් බදුර්දීන්ලා පසුගිය වසර පහේ මොනවද කරලා තියෙන්නේ? අද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මන්නාරමට යනවා. මිලියන 800ක් වැය කරලා එහි විශාල ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. ඒක මොනවට හැදුවද ඒකෙන් මොනවද කරන්නේ හිතාගෙන හිටියද කියලා ළගදීම මාධ්‍යයට හෙළි වේවී. ඊළගට මිලියන 2000 ක මුදලක් නැවත පදිංචි කරපු අයට උපකාර කරන්න වැය කොට තිබෙනවා. පසුගිය ආණ්ඩුවෙන් නැවත පදිංචි කිරීමට මොනවද කරලා තිබුණේ ? ඒවාට ඉදිරියේදී උත්තර කියන්න සිදු වේවී."

අභියාචනාධිකරණ නියෝගය පරිදි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විල්පත්තුව අවට රක්ෂිත වනාන්තරවල කරන ලද වන විනාශය වෙනුවෙන් නැවත වන වගා කිරීම සඳහා තම පෞද්ගලික ධනයෙන් අවමවශයෙන් රුපියල් කෝටි 250ක් පමණ ගෙවීමට සිදුවනු ඇතැයි විල්පත්තු වන විනාශය පිළිබඳ නඩුව පැවරූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කරන ලදී.
රිෂාඩ් බදියුදීන් වගඋත්තරකරුවකු වූ නඩුව අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. වියළි කලාපයට අයත් විල්පත්තුව ආශ්‍රිත කල්ලාරු කලාපයට අයත් රක්ෂිත වනාන්තරයේ අක්කර 2500ක් පමණ පසුගිය කාලයේ නැවත පදිංචි කිරීම සඳහා විනාශ කරනු ලැබිණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කුමක් ප්‍රකාශ කළ ද වියළි කලාපයේ වනාන්තර අක්කරයක් වැවීම සඳහා රුපියල් ලක්ෂ 10කට අධිකව වැයවනු ඇති බව තමන්ගේ ගණන් බැලීම යැයි ද ඔහු පැවසීය. මේ නිසා සිදු වූ පාරිසරික විනාශයේ වටිනාකම ද එක් කළහොත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය එම වටිනාකම මෙන් දස ගුණයක්වත් විය හැකි බවද ඔහු කීවේය.
පරිසරවේදීන් පවසන්නේ වියළි කලාපයේ වන රෝපණය කිරීමේ දී අවම වශයෙන් අක්කරයකට ගස් 800ක්වත් සිටුවිය යුතු බවත් එසේ රෝපණය කරන ගස් අවුරුදු හතක් දක්වාවත් රුකබලා ගත යුතු බවත්ය.

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ තම ඥාති දියණියක් අතර සිදුවු විවාහයට සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කරන ලද්දේ තමා වන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාස්කු කොමිසම වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී පළමු වරට සාක්ෂි ලබාදෙමිනි.

කෙසේ වෙතත් මීට පෙර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදි සහ ජනාධිපති කොමිසමේ පොලිස් එකකයේදි සිංහල බසින් ප්‍රකාශ ලබාදී තිබු මන්ත්‍රීවරයා ජනාධිපති කොමිසම හමුවේ දෙමළ බසින් සාක්ෂි ලබාදීමට ඉල්ලා සිටීම කැපී පෙනුනි.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද පෙරවරුවේ රැස්වු අවස්ථාවේදි කොමිසමේ සභාපති අභියාචනාධිකරණය විනිසුරු ජනක් ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි විමසීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

"ඊයේ පස්වරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපති කොමිසමේ ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා. රිෂාඩ් බදියුදීන් නැමැති සැකකරුව රදවා ඇති මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ ඔහුගේ දෙපසින් ඇති කුටි දෙකෙන්ම කොවිඩ්-19 අසාදිතයින් හඳුනාගෙන තිබෙනවා කියලා. ඒ වගේම ඔහුගේ කුටිය පිරිසිඳුකරන්නාටත් කොවිඩ්-19 වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගේ PCR පරික්ෂණයක් සිදුකිරීමට සැලසුම්කර තිබිලා තියෙනවා. මෙවැනි වටපිටාවක් තුළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු හෙයින් කොමිසම තීරණය කරලා තියෙනවා මෙම සාක්ෂිකරුගෙන් අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබාගන්න," යැයි ජනාධිපති කොමිසමේ සභාපති අහියාචනාධිකරණ විනිසුරුවරයා විවෘත කොමිසම් සභාවට දැනුම්දුන්නේය.

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ රිෂාඩ් බදියුදීන් ඥාති දියණියක් අතර සිදුවු විවාහයට සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කළේ දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙහිදි රිෂාඩ් බදියුදීන් මහතාගෙන් විමසීය.

තමන් එලෙස අත්සන් තැබුවා විය හැකි බවත් එය වරදක් ලෙස නොදකින බවත් මන්ත්‍රීවරයා කොමිසම හමුවේ ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට ප්‍රථම මොහොමඩ් ඊබ්‍රාහිම්ව දැන සිටියාදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පසුව විමසු විට  රිෂාඩ් බදියුදින් මහතා පිළිතුරු ලබාදුන්නේ  නැහැ යනුවෙනි.

තම පෞද්ගලික වියදමින්, එළිකළ කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.  

ඒ, විල්පත්තු අභය භූමිය අසල පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළිකිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ එම රක්ෂිතය එළිකිරීම නීති විරෝධී බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ නොවැම්බර් 25 වනදා දක්වා ය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ අවතැන්වූ පුද්ගලයින් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ යොදා ගනිමින් ප්‍රවාහනය කළ බවට රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව ඔහු පසුගිය 19 වනදා දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. 

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා ගැන පරික්ෂණ කරපු පොලීස් නිලධාරීන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන ලෙස මාරු කර යවා ඇති බවට අද (12) දිනයේ දී පාර්ලිමේන්තු සැසිවාරයේ දී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

එයට පිළිතුරු දුන් මහින්දානන්ද අමාත්‍යවරයා කියා සිටියේ එලෙස කිසිදු නිලධාරියෙකු මාරු කර යවා නොමැති බවත් වගකීමෙන් කතා කරන ලෙසත් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර සිටියේය. මෙම පරික්ෂණය පිළිබඳව ඔවුන්ද සොයා බලපු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී දෙදෙනා අතර යම් උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර මහින්දානන්ද අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන් විපක්ෂයේ පිරිස් මෙන් රිශාඩ්ගෙන් කා නොමැති බවත්, ඒ ගැන සෙවීමට විපක්ෂයට වඩා ඔවුන්ට අවශ්‍යතාවය තිබෙන බවත්, ඒ පිළීබඳව සොයා බලන බවයි.

අසත්‍ය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව නොමඟ නොයවන ලෙසද අමාත්‍යවරයා විසින් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර සිටියේය.

එහිදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඒ සම්බන්ධව පිළිතුරු අවශ්‍යය නොවන බවත්, අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එම සංවාදය පහතින්,

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දීමට තම පක්ෂය ගත් තීරණයට පටහැනිව යමින් ඊට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 6 දෙනා තවමත් එම පක්ෂ වලින් ඉවත් නොකළේ මන්දැයි සමගි ජන බලවේගය ප්‍රධානීන් එම පක්ෂ දෙකේ නායකයින් වන රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගෙන් ප්‍රශ්න කර තිබේ .

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් 28 වැනිදා පක්ෂ නායක රැස්වීමට සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සමගි ජන බලවේගය ප්‍රධානීන් ඔහුගෙන් ද ඒ බව ප්‍රශ්න කර තිබේ.

20 වෙනි ආණ්ඩුක්‍රම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ඉහත සඳහන් පක්ෂ දෙක නියෝජනය කරන ෆයිසල් කාසිම්, නසීර් අහමඩ්, අලි ෂබ්රි රහීම්. මොහොමඩ් හාරිස්, ඉෂාක් රහුමාන් හා එම්.එස්.තවුෆික් යන මහත්වරුන්ට එරෙහිව මේ වන විටත් එම පක්ෂ දෙක කිසිදු විනය පියවරක් ගෙන නොමැත .

එහෙත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතාව මීට සතියකට පමණ පෙර එම පක්ෂයෙන් නෙරපීමට එහි නායක මනෝ ගනේෂන් මහතා පියවර ගෙන තිබෙන අතර ඔහුද රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගෙන් තම පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවරක් නොගන්නේ මන්දැයි ප්‍රශ්න කර තිබෙන බවද දැනගන්නට තිබේ .

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී 6 දෙනා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පක්ෂව ඡන්දය දුන්නේ එම පක්ෂවල නායකයින් දෙපළ වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන් යන මහත්වරුන්ගේ ආශිර්වාදයෙන් හා කැමැත්ත ඇතිව බව ද වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන හාරිස් මන්ත්‍රීවරයා ඒ බැව් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබේ .

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා යන දෙදෙනා විපක්ෂයේ සිටිද්දී එම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ආණ්ඩුව නියෝජනය කිරිමේ තත්ත්වයක් දැන් උදා වී තිබේ .

ඒ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා එම පක්ෂ 2ට අයත් මන්ත්‍රිවරුන් 6 දෙනෙකු වන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි ෂබ්රි රහීම්, මොහොමඩ් හාරිස්, ඉෂාක් රහුමාන් සහ එම්. එස්. තවුහික් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීම නිසා ඔවුන්ව සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට පියවර ගෙන තිබෙන නිසාය.

මෙම මන්ත්‍රීවරුන් 6 දෙනා සමඟ තවත් මන්ත්‍රීවරයෙක් හා මන්ත්‍රීවරියක් සමගි ජන බලවේගය මන්ත්‍රී මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කළ බව දන්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ වන විට කතානායකවරයා වෙත ලිපියක් යවා ඇති අතර එම මන්ත්‍රී 08 දෙනාට ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙස ද ඉල්ලීමක් කර තිබේ .

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය දීමට සමගි ජන බලවේගය ගත් තීරණයට පටහැනිව යමින් ඊට පක්ෂව ඡන්දය දීම එම මන්ත්‍රීවරුන් 08 දෙනා එම මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කිරීමට හේතු වී තිබේ .

Page 1 of 5