April 14, 2021

ගොවියන් විසින් සිය නිෂ්පාදන වෙළඳපොළට ප්‍රවාහනය කරන කුඩා ලොරි රථ වල කට්ට නැති ටයර් සඳහා දඩ ගහන තීරණයට තමන් අදම(23) සහනයක් ලබාදීම සඳහා පොලිස්පතිවරයාට කතා කරන බව මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විපක්ෂයට පොරොන්දු විය.

දින තුනක් ඇතුළත වාහන වල ටයර් කට්ට නැති ටයර් යථා තත්ත්වයට පත්කර කර ගන්නා ලෙසත් ඉන්පසු ටයර් කට්ට නැති වාහන සඳහා දඩ ගසන බවට පොලිස්පතිවරයා විසින් නිකුත් කොට නිවේදන සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.

කුඩා ලොරි රථ සඳහා ටයර් හිඟයක් පවතින මේ ව්‍යවස්ථාවේ මේ ආකාරයෙන් හිටි හැටියේ දඩ ගැසීම වසංගත තත්වය හමුවේ අන්ත අසරණ භාවයට පත්වී තිබෙන ගොවියා "ගහෙන් වැටුන මිනිසාට ගොනා ඇන්නා" වගේ තත්ත්වයකට පත් කරන බව පෙන්වා දෙමින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ මේ සඳහා ගොවියන්ට කාලයක් ලබාදෙන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් අලුත්ගමගේ අමාත්‍යවරයා ඉහත සඳහන් පොරොන්දුව දෙන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත යොමු කර ඇති බව දැනගන්නට තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබිණ.

පසුගිය කාලය පුරා අමාත්‍යංශය තුළ සිදුවූ මතගැටුම් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇකි බව වාර්තා වේ.

මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය කළ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළිදරව් කරයි.

ඒ අවශ්‍ය තරම් වි තොග තිබූ නිසා බව පෙන්වා දෙන අමාත්‍යවරයා එහෙත් සහල් මිල රුපියල් 120 දක්වා වැඩිවූ බව ද සඳහන් කරයි.

ඉතා කුඩා පිරිසක් විසින් සහල් වෙළදපොල පාලනය කිරීම නිසා මෙවැනි තත්වයක් ඇති වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එම කුඩා සහල් මාෆියාව පාලනය කර ගැනීමට බැරි නම් රජයක් සිටීමෙන් තේරුමක් නැති බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ ඉරිදා  පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

බැඳුම්කර සිද්ධියට අදාල අය ඇතුලට යවපු නැති නිසා මේ ආණ්ඩුව ෆේල් බව තමා පිළිගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මතක තියාගන්න සාටක දාලා හොඳට ලෑස්ති වෙලා ඉන්න" යැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරයා පැවසීය.

"ආණ්ඩුවට ඇවිල්ලා පළමු සතියේදී අල්ලලා හිරේ දැම්මනම් මේවා ඔක්කොම වහගෙන ඉන්නවා දෙකට නැමිලා ඒක තමා මේ ආණ්ඩුවේ අසමත්භාවය" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ සිටින සෑම මන්ත්‍රීවරයෙකුටම ඔවුන් නම් කරපු 600න් 300කට ආණ්ඩුව රැකියා ලබාදී ඇති බව මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී.

අයවැය විවාදයට එක්වෙමින් ඔහු එම හෙලිදරව්ව කරන ලද්දේ යහපාලන ආණ්ඩුවේ සිටියදී අද සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රැකියා 20ක්වත් දීමට අවස්ථාව නොලැබුණු බව බවද මතක් කරමිනි.

තමා මේ කතා කරන්නේ ආණ්ඩුවේ බලය හා ශක්තිය එක් කොට බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවමත් විපක්ෂයට ආණ්ඩුවේ බලය හා ශක්තිය පෙන්වා නොමැති බවත් එය ළඟදීම දැකබලා ගැනීමට හැකි බවටද අනතුරු අඟවන ලදී.

විපක්ෂයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කරමින් අධිකරණයට විහිළු කරමින් කරන කටයුතු නිසා ළඟදීම ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි වීමට ඉඩ ඇති බවට ද අලූත්ගමගේ අමාත්‍යවරයා තවත් අනතුරු ඇඟවීමක් විපක්ෂයට කරන ලදී.

අලූත්ගමගේ අමාත්‍යවරයා එම අනතුරු ඇඟවීම කරන ලද්දේ හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෑතකදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවක දී පිල්ලෙයාන්ට බේල් ශානිට ජේල් යනුවෙන් කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යටතේ රට කිරි, මස්, බිත්තර, බැටළු සූකර යන ආහාරවලින් ස්වයංපෝෂිත කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සදහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය හැකියාව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ පිළිබද අයවැය විවාදයට එක් වෙමිනි.

බන්ධනගාරගතව සිටින රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු අයවැය විවාදයේ ජන්දය දීමට නොපැමිණීම හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මරාගෙන මැරීමට සුදානම් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එජාපය යනු ත්‍රස්තවාදයත් සමඟ යැපිච්ච ආණ්ඩුවක් බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව අන්තවාදයෙන් යැපිච්ච ආණ්ඩුවක් බවද ඒ මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ වියදම් දරන්නේ රිෂාඩ් බදියුදීන් මහතා බවත් තමාට එය ඔප්පු කිරීමට සියලු සාක්ෂි ඇති බවද පැවසිය.

සියලු බැංකු ගිණුම්, ජනධිපතිවරණයේදී ලබා දුන් මුදල් සියල්ල ඔප්පු කිරීමට හැකි බවත් තමා වගකීමකින් සියල්ල සිදු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අයවැය තුන්වන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

29 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 175 කට වැඩි බහුතරයකින් සම්මත කර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය ප්‍රදේශයේ (26) දින පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

"පසුගිය මැතිවරණයෙන් අපි ජනතාවගෙන්වරමක් ඉල්ලුවා  19 සංශෝධනය වෙනස් කරන්න. අපිට 2/3 බහුතරයක් දුන්නා මේක අහෝසි කරන්න. 17 සහ 19 සංශෝධනය හැමදාම එක්සත් ජාතික පක්ෂය ගෙනාවේ රනිල් වික්‍රමසිංහ ශක්තිමත් වෙන්න. චන්ද්‍රිකා මැතිනිය එක්ක වැඩ කරන්න බැරි නිසා රනිල් වික්‍රමසිංහ බලාත්මක කරන්න කටයුතු කලා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති එක්ක වැඩ කරන්න බැරි නිසා 19 ගෙනවා. 17 සහ 19 ගෙනාවේ රට ශක්තිමත් කරන්න නෙවෙයි රනිල් ශක්තිමත් වෙන්න. 19 නිසා මේ රටට වුණ විනාශය අපි දැක්කා.ඒ නිසා තමයි අපි 20 සංශෝධනය ගෙනාවේ. 19 හදලා තියෙන්නේ ව්‍යවස්ථාදායකය තනිකර ඒක පාර්ශවික සභාවක් විදිහට. පසුගිය කාලයේ කථානායක , විපක්ෂ නායක සියල්ල එකම පාර්ශවයක්. 175 කට වැඩි බහුතරයකින් 20 සංශෝධනය සම්මත වෙනවා." යනුවෙන් පැවසිය.

ඉදිරි වසර 03 ඇතුලත ශ්‍රී ලංකාව කිරි වලින් ස්වයං පෝෂිත කරන බවත් විදේශ රටවලින් කිරිපිටි ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටියි.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති 2021 අයවැය යෝජනා ලබා ගැනිමේ සාකච්ඡාවේදි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ නවසිලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රී ලංකාව බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

වැඩිම ජනගහණයක් ඉන්න ප්‍රාදේශීය සභා මාර්ග මේ අවුරුදු පහේදි අපි කාපට් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. 2025 වෙද්දි මාර්ග කාපට් කරලා පානිය ජලය ලබාදෙන්න අපි කටයුතු කරනවා. නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක වැඩ පිලිවෙලක් ගෙන්න අපි කටයුතු කරනවා.නාවලපිටිය අලුත්ගම අපනයන කෘෂිකර්මාන්තය ආරම්භ කරනවා. මේ වැඩපිලිවෙලින් සියළු දෙනාටම උදව් කරන්න පුළුවන්, ඇමතිවරයා කියා සිටියහ.

අපේ රටේ කිරි ගන්න එල ගවයන් ඉන්නේ දෙලක්ෂ පනස්දහසයි. රටේ කිරි නිෂ්පාදනයෙන් අප විසින් සිදු කරන්නේ 35% යි. අනිත් ඔක්කොම පිටරටින් ගෙන්නේ. එක දවසකට ඇමරිකානු මිලියන 01ක කිරි පිටි විදේශ රටාවලින් ගෙනවා. පිටරටවල් වලින් කන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. අපි මිල්කො සමාගම සමග එකතු වෙලා ගවගාල ආධාර, අවශ්‍ය කැම ටික තණකොල ටික ඇතුළු සියළු දේ ලබා දිලා කිරි නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ බලාපොරෙත්තුව කිරි වලින් ස්වයං පෝෂිත රටක් අවුරුදු 3 ක් ඇතුලත් බිහි කරන්න. මේ රටට කිරි ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම නතර කරන්න අපි කටයුතු කරනවා. නවසිලන්තයේ වැඩිම කිරිපිටි ආනයනය කරන රට තමයි ශ්‍රී ලංකාව යැයි ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියහ.

රිලවුන්ගෙන් වන වගා හානි වලක්වා ගැනීමට වනජීවී අමාත්‍යවරයා වැඩපිළිවෙලක් යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

මේ කටයුතු කිරීමේදී සත්ව හිංසන නීති පිලිබදවද අවධානය යොමු කල යුතු බව ඔහු සඳහන් කරයි.

මෙම ප්‍රශ්නය විසඳීමට රිලා කටයුතු අමාත්‍යවරයෙකු පත් කරනවා දැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කරන ලදී.

රිලා අමාත්‍ය ධුරය සඳහා වඩාත්ම සුදුසුම පුද්ගලයා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ බව සඳහන් කල අලුත්ගමගේ අමාත්‍යවරයා ඒ හර්ෂ ද සිල්වා මහතා බවද ඊට පිළිතුරු ලෙස ප්‍රකාශ කරන ලදී. 

Page 1 of 2