November 29, 2020

ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් සිංහරාජ වනාන්තරය මැදින් මහා මාර්ගයක් ඇති කිරීමට පරිසර වාර්තාවක් ලබා ගත්තේද නැද්ද යන පිළිබඳව විමසු අවස්ථාවේ ඊට පිළිතුරු දීමට අමාත්‍යවරයා කල් ඉල්ලීම සමඟ සභාවේ උණුසුම්කාරී තත්වයක් ඇති විය.

තමා අසා තිබෙන්නේ කෙටි ප්‍රශ්නයක් බවත් ඊට ඔව් ද නැද්ද යන්න පිළිතුරු දෙන ලෙස හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉල්ලා සිටි අතර එහිදී අමරවීර අමාත්‍යවරයා සදහන් කලේ ඊට සම්පුර්න පිළිතුරක් දීමට අවශ්‍ය බැවින් අයවැය විවාදය නිමා වීමට පෙර ඊට පිළිතුරු දෙන බව සඳහන් කිරීමත් සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහා මාර්ග අමාත්‍යවරයා ද එම ප්‍රශ්නයට මැදිහත් විය.

ඔබ කොළඹ ඉන්න මන්ත්‍රීවරයෙක්, ඔබ සිංහරාජය ගැන දන්නේ නැහැ. එන්න මගෙත් එක්ක සිංහරාජය පෙන්වන්න.එක ගහක්වත් පාර හදද්දී කපලා නැතැයිද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මම ඔබත් එක්ක එන්නම්. හැබැයි මගේ ප්‍රශ්නයට පිළිතුරු කලින් දීලා ඉන්න යැයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊට පිළිතුරු ලෙස සඳහන් කරන ලදී. 

තමුන්නාන්සේ හොඳ මන්ත්‍රීවරයෙක්, හොඳ අනාගතයක් තියෙනවා. ඒ නිසා අලුත් පක්ෂයේ ඊළඟ නායකයා වෙන්න කියා තමා ප්‍රර්ථනා කරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟි ජනබලවේග මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අමතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිංහරාජයේ කල සංචාරය පිලිබඳ කරුණු විමසු අවස්ථාවේදීය.

බුද්ධික පතිරණ මහතා දක්ෂයෙකු බැවින් වැඩිපුරම ප්‍රශ්න අහන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ලංකාගම ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නව මාර්ගය විනාශ වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ ලංකාගම ප්‍රදේශයට මීට සුළු මොහතකට පෙර පැමිණි අවස්ථාවේදීය.

විශේෂයෙන්ම මහනුවර වැනි ප්‍රදේශවලද නායයෑම් නිසා මහාමාර්ග කැඩි බිදීම් පිළිබදව ප්‍රශ්න ඇති බවත් ඒවාට අද වනතුරුත් විසදුම් නොමැති බවය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ තවමත් කානු පද්ධතිය අංග සම්පූර්ණව නිම නොවී ඇති නිසා එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා යයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මුළු ලෝකයේම රටවල් වහගෙන යනකොට අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය සේවාවේ නිලධාරීන්, P.H.I. මහත්වරුන් මහා දැවැන්ත සේවයක් කරලා තමයි අපේ රට ආරක්ෂා කර ගත්තේ. අපි පිළිගන්න ඕනි අවම මරණ සංඛ්‍යාවක්. ඊළඟට අපිට මතකයි දැන් විපක්ෂයෙන් යම් යම් චෝදනා කරනවා ආණ්ඩුව මේක හරියට කළේ නැහැ කියලා. ජනතාව ආරක්ෂා කළේ නැහැ, කොවිඩ් නැහැ වගේ රටේ රජයේ නායකයා කටයුතු කළේ. රැස්වීම් තිබ්බා. ජනතාව එකතු කෙරුවා. මේ ගැන කිසිම හැඟීමක් කෙරුවේ නැහැ, කියන චෝදනාව තමයි. මේවා අලුත් කතන්දර නොවේ. මේ කතන්දර පහුගිය මාස හයේ ම ඇහුවා.

අපි මැතිවරණයක් තිබ්බා. ඒ මැතිවරණයේ පෝස්ටරයක් ගහන්න දුන්නේ නැහැ. ජනතාව රැස් කරන්න, මහා රැස්වීම් තියන්න ඉඩ දුන්නේ නැහැ. එතකොට විපක්ෂය කිව්වේ කොවිඩ් එක හරහා ඡන්දය කරන්න හදනවා. මේක නිසා ජනතාව ඡන්දය දෙන්න යන්නේ නැහැ. මේ නිසා විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳෙව්වේ නැත්නම් covid එක පාලනය කරගන්න බැරි වෙනවා. පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වේ නැත්නම් පනත් සම්මත කරගන්න බැරිවෙනවා. ඒ නිසා covid එක පාලනය කරගන්න බැරි වෙනවා. කොවිඩ් එක පාලනය කරගන්න මුදල් අවශ්‍ය වෙනවා. මුදල් නැතිව මේක කරන්න බැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව වහාම කැඳවන්න. විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. ඔවුන් බල කෙරුවා විතරක් නෙවෙයි උසාවිත් ගිහින් තමයි නතර වුණේ.

අන්තිමට විශාල ප්‍රතිශතයක් ඡන්දය ලබා දීලා කවදාවත් 2/3 ගන්න බෑ කිව්ව ජේ ආර් ජයවර්ධන මහත්තයා හදපු මැතිවරණ ක්‍රමය හරහා 2/3 ජයග්‍රහණයක් රජය ලබාගත්තා. ඒ විශ්වාසය මං හිතන්නේ කෝවිඩ් එක පාලනය කරපු නිසා තමයි විජයග්‍රහණයක් ලබා ගන්න ජනතාවට දැඩිව විශ්වාස ආවෙ. මේ රටේ ජනතාව කල්පනා කෙරුවා ජනාධිපතිතුමාට අවශ්‍ය ශක්තිමත් රජයක් හදලා දෙන්න ඕනි කියලා. විපක්ෂය එදා බලාපොරොත්තු වුණේ මේ රටේ ජනතාව රකින්න නෙවෙයි. විපක්ෂය බලාපොරොත්තු වුණේ කෝවිඩ් එක හරහා අපේ රටේ මිනිස්සු මැරෙයි කියලා. මැරෙන ගාන ගනන් කරන්න හිටියේ. එක් අමාත්‍යවරයෙක් ප්‍රකාශයක් කෙරුවා ඉස්සෙල්ලාම covid එකෙන් එක්කෙනෙක් මැරුනා. අණ්ඩුව හංගගෙන ඉන්නේ කියලා. ඒ නිසා ජන ජීවිතත් එක්ක විපක්ෂය වගකීමක් නැහැ. ඒ ජන ජීවිත බිල්ලට දෙන්න කැමති විපක්ෂයක් අද ඉන්නේ. අපේ ආණ්ඩුව එහෙම නොවෙයි.

දැන් විපක්ෂයේ මොනවද කියන්නේ. ආපහු රට වහන්න ඕනි කියලා. ඇයි? මේ බලන්නේ එක පැත්තකින් බලනවා කොවිඩ් එක හැදිල මිනිස්සු මැරෙන්න ඕනි කියලා. අනිත් පැත්තෙන් බලන්නේ රට වහලා කොහොම හරි ආර්ථිකය වට්ටන්න. මේක තමයි ඔවුන්ගේ තිබෙන එකම පරමාර්ථය. ඔවුන් මේ සද්භාවයෙන් රටේ ජනතාව ගැන බලන විපක්ෂයක් නොවේ අද තියෙන්නේ. විපක්ෂයත් එහෙමයි. විපක්ෂ නායකතුමා එහෙමයි. විපක්ෂ නායකතුමා ෆේස්බුක් එකේ ගිහින් live ගිහින් කිව්වා බෙහෙතක් ගන්න කියලා. Donald Trump වගේ. මතකයිනේ ප්ලැකනිල්.

ඒ නිසා වගකීමකින් තොරව වැඩ කරන්න හොඳ නැහැ. මේ වෙලාවෙදි අපි දන්නවා අපේ ජනතාව ආරක්ෂා කරන්න ඕනි කියලා. මොකක්ද ඔවුන්ගේ ගෙනාපු පළවෙනි චෝදනාව. කෝ රට විරුවෝ. ඡන්දය ගන්න විතරයි ගෙනාවේ. දැන් එන්න දෙන්නේ නැහැ. ගෙන්වන්න කියලා බල කෙරුවා. රට විරුවෝ කියලා සැලකුවා ඡන්ද කාලේ. දැන් රට ඉන්න අය ගේන්න දෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා. ආණ්ඩුවට බල කෙරුවා ගේන්න කියලා. ජනාධිපතිතුමා හැම වෙලාවෙම කිව්වේ අපි මේක පරිස්සමින් කරන්න ඕනි කියලා. හැම වෙලාවෙම විපක්ෂය බැලුවේ දේශපාලන වාසි ගන්න. පිට රට ඉන්න මිනිස්සුන් වෙනුවෙන් පෙනී ඉඳලා දේශපාලන වාසි ගන්න. ඒ නිසා අපි ඉතා වගකීමෙන් කියනවා. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ත්‍රිවිධ හමුදාවේ, අපේ රාජ්‍ය නිලධාරීන්ගේ තියන කැපවීම, ගෝඨාභය ජනාධිපතිතුමාගේ තියෙන ස්ථිර අධිෂ්ඨානය, අගමැතිතුමාගේ හා ජනාධිපතිතුමාගේ තියන සුසංයෝගය, ඒ නිසා පැහැදිලිව අපි කියනවා අපි කිසිසේත්ම මේ රටේ ජනතාව අමාරුවෙ වැටෙන කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ. ඉතාමත් වගකීමෙන් කියනවා අපි මේ රටේ ජනතාව ආරක්ෂා කරනවා. ජීවිත අවදානම පවා නොතකා රජය, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා. දැන් ප්‍රචාරය කරනවා මුළු රටම දැන් වහන්න ඕනි කියලා. හැමතැනම Covid ආසාදිතයින් ඉන්නවා කියලා ප්‍රචාරය කරනවා. හැබැයි ඉතාමත්ම උපක්‍රමශීලීව මේ තීන්දු තීරණ රජයක් හැටියට රාජ්‍යය නිලධාරීනුත් එකතු කරගෙන නිවැරදිව තීන්දු තීරණ ගන්නවා.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ බමුණුකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාධ්‍ය ඒකකය

අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනිව යැයි තීන්දු කළ කොළඹ මහාධිකරණය ඒ මහතා නඩු කටයුතුවලින් මුදා හරින ලෙස නියෝග කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

එම නඩුව ගොනුකර ඇති ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා තීන්දු කර තිබිණි.

එම තීරණයට එරෙහිව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අල්ලස් කොමිසම විසින්ම ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව තීන්දු කළේය.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩු කටයුතුවලින් මුදාහරින ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙන ලෙස ද නියෝග කළේය.

ජේෂ්ඨ දේශපාලනඥයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හිටි හැටියේම නින්දෙන් ඇහැරී ඇසු ප්‍රශ්න ඇසුවේ නැති බවට චෝදනා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන කිරිඇල්ල මහතා සහා ගැබේ විනාඩි 10ක් නිදාගෙන හිටි හැටියේම ඇහැරී කරන්නේ විකාරයක් බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

මෙම සිද්ධිය ඇති වුයේ අද පාර්ලිමේන්තුවේදීය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවේ සමාගමකට දීමට තමාට ඇති බලය කුමක්දැයි වරාය අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

නැගෙනහිර පර්යන්තය විකිණිමට තමා මේ රටේ ජනාධිපතිද නැත්නම් අගමැතිද යන්නද ඔහු ප්‍රශ්න කරයි.

තමා ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බවද  අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයාගේ ඒ අදහස අග්‍රාමාත්‍යවරයා විසින්ද තහවුරු කර තිබේ.

කිසිම විටක කැබිනට් මණ්ඩලයට නැගෙනහිර පර්යන්තය ඉන්දීයානු සමාගමකට දීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බව අග්‍රාමාත්‍යවරයා වෘත්තී සමිති නියෝජිතයන් හමුවේ ද පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ පනිවිඩයක් රැගෙන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් වරාය පරිශ්‍රවයේ පැවැති විරෝධතා පැවැත් වූ ස්ථානයට ගියේ එහි වෘත්තීය සමිතිවල ආරාධනාවකට බව වරාය අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ආරාධනාවකට අනුව එහි ගිය එම දෙපළට විරෝධතාකරුවන් හූ කීම සහ විරෝධය දැක්වීම පහත් ක්‍රියාවක් බවද ඔහු සඳහන් කරයි. විරෝධතාකරුවන්ගේ හූ තැබීම සහ විරෝධය මත වීරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන්ට වෘත්තීය සමිති සමඟ කිරීමට බලාපොරොත්තු වූ සාකච්ඡාව වෙනත් ස්ථානයක කිරීමට සිදු වු අතර එය අසාර්ථක වූ බවද වාර්තා විය.

සිංහල බෞද්ධ උරුමයක් ගැන හැඟීමක් තිබෙන්නේ සිංහල බෞද්ධයෙකුට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දී ප්‍රකාශ කොට තිබුණි.

ඒ දෙවන බුවනෙකබා රජුගේ රාජ්‍ය සභාව විනාශ කිරීම ගැන ඔහු හා පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජොන්සටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අතර එකිනෙකාට එරෙහිව ප්‍රසිද්ධියේ ම විවේචනය එල්ල කර ගැනීමේ වැඩ පිළිවලේ ප්‍රතිඵලයක් හැටියටය.

සිංහල ප්‍රෞඪ ඉතිහාසය ගැන අවබෝධයක් තිබෙන්නේ සිංහල බෞද්ධයෙකුට පමණක් බව ප්‍රකාශ කරන ජයසේකර මහතා සිංහල බෞද්ධයෙකු වන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතෝලිකයෙකු වේ.