April 25, 2024

ජාතික සමගියට හොඳම පිළිතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ශුරයින්

ජාතික සමගිය ඉහළින්ම පෙන්වූ අවස්ථාවක් ලෙස ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනාගැනීම පෙන්වා දිය හැකි බවත් එකාවන්ව තම මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කළ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද (07) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික මහා සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ සිංහල, දෙමල, මුස්ලිම් ඇතුළු විවිධ ජාතීන් හා විවිධ ආගම් අදහන පුද්ගලයින් සිටියද ඔවුන් කිසිදු භේදයක් නොමැතිව එක්ව ජයග්‍රහණය කරා ගිය බව හෙතෙම පෙන්වා දුන්නේය.

වර්තමානයේ ජාතික සමගිය හා සංහිදියාව ගැන කථා කිරීමට සියලු දෙනා හැකි වී ඇත්තේ සාමය හා නිදහස රටට උරුම කර දුන් නිසා බවත් ඇතැම් රටවල්වල තමන් අදහන ශාස්තෘවරයාගේ පිළිම රට තුළටවත් රැගෙන යා නොහැකි බවත් නමුත් ශ්‍රී ලංකාවේ එවැනි සිරිත් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ලෝකයේ විවිධ නාලිකාවන් හා වෙබ් අඩවි වල එක් එක් මතවාද මගින් ජාතික සමගිය ගොඩනැඟීමට හැකිවෙතැයි තමන් විශ්වාස නොකරන බව ජනාධිපතිවරයා පැවසී ය.

පසුගිය සමයේ පැවති අරගල උද්ඝෝෂණ පිටුපස ඇතැම් බලවේග ක්‍රියාත්මක වූ බවත් එම බලවේග සිදු කළේ වෛරය, ක්‍රෝධය නැවත ඇති කිරීම බවත් ජනාධිපතිවරයා කීය.

ඕනෑම ගැටළුවක් ඇත්නම් එක මේසයක හිඳගනිමින් කතා කර විසඳ ගත හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 April 2014 17:27