April 25, 2024

ඌව ඡන්දෙදි ආණ්ඩුව "ඌයි" කියයි

ඉදිරි ඌව පළාත්සභා මැතිවරණයේ දී රජයට මහජනතාව විසින් "ඌයි" කියන්නට සිදුවන පිළිතුරක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

තවත් බලයේ සිටීමට කැමැත්තක් ඇත්නම් අවුරුදු සමයේ දී ජනතාවට සහන ලබා දීමට රජය කටයුතු කළ යුතු බවට මෙවර මැතිවරණයේ දී ජනතාව සංඥාවක් ලබා දී ඇති බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙවර මහ ඇමති පුටුවල කදබඩ තරවූ පරණ අයම වාඩි කරවා ඇති බවත් ඉතිරි පුටු පැරණි වැඩබැරි ටාසන්ලා හට ලබා දී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි. 

Rate this item
(0 votes)