March 29, 2024

ජනපතිගේ බහරේන් සංචාරය තානාපති මග හරී

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බහරේන්   රාජ්‍යය බලා මෙම මස 28 වන දින   පිටත්ව යාමට නියමිත වුවද එරට සිටින ලාංකිකයන්ගෙන් ඒ බව සැඟවීමට එරට තානාපතිවරයා කටයුතු කරනබව වාර්තා වේ .

දෙදිනක් බහරේන් රාජ්‍ය යේ සංචාරය කරන  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදි එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු නිලධාරින් පිරිසක් මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතය. දෙරට අතර වෙළඳ සම්බන්ධතා තවදුරටත් පුළුල් කරගැනීම සඳහාද මෙම සංචාරය උපයෝගී කරගනු ඇත .ජනාධිපතිවරයාගේ සංචාරය පිලිබඳ කරුණු විමසු විට එරට ලාංකිකයන්ව මගහරින තානාපතිවරයා ජනාධිපතිවරයා පැමිණිවිට එරට සිටින ලාංකිකයන් සමග හමුවක් පැවැත්වීම මගහරිනු ඇතිබව ඔවුන්ගේ විශ්වාසයයි .

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 April 2014 11:43