April 25, 2024

සිංහ පැටවු අද දිවයිනට

20 - 20 කි‍්‍රකට් ලෝක කුසලානය විජයග්‍රහණය කළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණේ.

ඒ අනුව 08 වැනි දා පස්වරු 4.00 ට පරණ කොළඹ -මීගමුව මාර්ගයේ විවෘත බස් රථයකින් ක්‍රිකට් මූලස්ථානය දක්වා ඔවුන් පැමිණෙන බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් ඊයේ ලද ජයග්‍රහණය 1996 වීල්ස් ලෝක කුසලානයට අනතුරු ව ශ්‍රී ලංකාව ලද ඉහළම ජයග්‍රහණය වේ

{module LOLC}

මෙවර අවසන් තරගයේ සැබෑ හිමිකරුවන් ශ‍්‍රී ලංකාව බව ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී ඉන්දීය කණ්ඩායම් නායක මහේන්ද්‍ර සිං දෝනි ද ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 April 2014 09:56