April 18, 2024

හැදුනුම්පත් කාර්යාලයේත් අද සේවා නතර වෙයි

රාජ්‍ය නිලධාරීන්ගේ විවිධ වෘත්තීය සංගම් විසින් සංවිධානය කර ඇති විරෝධතාව හේතුවෙන් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්යය මණ්ඩලය සේවයට වාර්තා නොකරන බවට දැන්වා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද (06) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Rate this item
(0 votes)