April 23, 2024

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා යළි සාමාන්‍ය පරිදි

ගමන් බලපත්‍ර ලබාදීමේ සේවා සාමාන්‍ය පරිදි අද යළි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දුන්නේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවා ලබාගැනීම සඳහා අද දිනයේදී එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් එම හදිසි තත්ත්වය මේ වනවිට යථාතත්වයට පත් කර තිබෙනවා.

Rate this item
(0 votes)