March 29, 2024

"ඓතිහාසික වරදක් කළා.." මුදල් ඇමති සබ්රිගෙන් විශේෂ ප්‍රකාශයක්! සියලු තොරතුරු එළියට

මුදල් අමාත්‍ය අලි සබිරි මහතා අද(04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී අමාත්‍යවරයා මේවන තෙක් පැවැති ආණ්ඩු විසින් ගත් ණය සහ ආර්ථික දත්ත මත පදනම්ව සිය ප්‍රකාශය කළා.

ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේවන තෙක් ආණ්ඩු සිදු කර ඇත්තේ වැඩි පොලියට ණය ගැනීම බවත් ඒ හේතුවෙන් වත්මන් ණය අර්බුදය ජාතික ප්‍රශ්ණයක් වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වත්මන් ආණ්ඩුවටද ඓතිහාසික වරදක් සිදු කළ බව අමාත්‍යවරයා පිළිගත්තා.

එහිදී කරුණු කිහිපයක් ද අමාත්‍යවරයා සඳහන් කළා. IMF යා යුතු කාලය ප්‍රමාද වූ බවද ආණ්ඩුව ගත් සැණින් කළ බදු අඩු කිරීමට විශාල ලෙස බලපෑ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන එළියේ සිටින අයට හරි අවබෝධයක් තිබේ යැයි තමා නොසිතන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වල ප්‍රගතිය පිළිබඳ වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දීමට කටයුතු කර තිබෙන බවද නිදහසින් පසු  බරපතළම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

ආර්ථික දත්ත ගැන සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ 2021 වර්ෂයේ රජයේ සමස්ථ ආදායම රුපියල් බිලියන 1500ක් බවත් සමස්ථ වියදම බිලියන 3522ක් බවයි.

ඒ අනුව ආදාමට වඩා වියදම දෙගුණයකටත් වඩා වැඩි බවත් එම වියදමෙන් දෙගුණයක් පුනරාවර්තන වියදම් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. 

පුනරාවර්තන වියදම් ලෙස සඳහන් වන්නේ රුපියල් බිලියන 2748ක්.

Rate this item
(0 votes)