March 29, 2024

අද පාර්ලිමේන්තුව තීරණාත්මකයි! අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද පාර්ලිමේන්තුව දේශපාලන පෙරළියක ආරම්භයක් විය හැකි බවයි වාර්තා වන්නේ.

රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා  අයෙකු පත්කර ගැනීමට ද නියමිතයි.

ආණ්ඩුවෙන් විපක්ෂයට

විශේෂයෙන් අද දිනයේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු විපක්ෂයේ අසුන් ගනු ඇතැයිද වාර්තා පළ වුණා.

මේ අනුව නියෝජ්‍ය කතානායක ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හිමි වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

බොහෝ දුරට යළිත් වරක් ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් නියෝජ්‍ය කතානායක ධූරයට යළිත් රංජිත් සියඹලාපිටිය මහතා නම් කරනු ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටියා.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන්ද නියෝජිතයකු ඉදිරිපත් කෙරෙන බව එම පක්ෂය සඳහන් කළා.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා එම පක්ෂයෙන් යෝජනා වී ඇත්තේ ඉමිටියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයාගේ නමයි.

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ අතර ඉදිරි දිනවල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)