April 20, 2024

සහරාන්ගේ වාහනය හිටපු පොලිස් ඇමති පැදලා : පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නය ඇදෙයි

අද (19) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර මහතාගෙන් ප්‍රශ්නයක් ඇසුවා.

ඒ මාධ්‍යයේ පළ වූ පුවතක් පදනම් කරගෙන.

මහ මොලකරුගේ වාහනය

2019 පාස්කු ඉරු දින එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් පාවිච්චි කළ වාහනය සරත් වීරසේකර හිටපු ඇමතිවරයා මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස සිටිද්දී පාවිච්චි කළ බවට පළ වී තිබෙන ප්‍රවෘත්තියක සත්‍ය අසත්‍යතාවය පිළිබඳවයි.

ඊට අද සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සරත් වීරසේකර මහතා පිළිතුරු දුන්නා.

ඔහු සඳහන් කළේ එම ප්‍රශ්නය නැගීම ඉතා හොඳ බවත් එම වාහනය විශේෂ කාර්ය බලකාය වෙත නිදහස් කර ඇති බවත්ය.

නඩු භාණ්ඩයක්

එහෙත් එය තමා පාවිච්චි නොකළ බව ඔහු සඳහන් කළා.

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවත් වැදගත් ප්‍රශ්නයක් වීරසේකර මහතා වෙත ඉදිරිපත් කළා.

ඒ තවමත් පවතින නඩුවක , නඩු භාණ්ඩයක් වෙනම වාහනය විශේෂ කාර්ය බලකාය වෙත නිදහස් කළේ කෙසේද යන්න පිළිබඳවයි.

හිටපු ඇමතිගේ පිළිතුර

ඊට වීරසේකර මහතා පිළිතුරු දීමට උත්සාහ කළත් දිසානායක මහතා සඳහන් කළේ තමාගේ කතාවෙන් පසු ඊට පිලිතුරු දෙන ලෙසයි.

එහෙත් එවැනි පිළිතුරක් වීරසේකර මහතාගෙන් ලැබුනේ නැහැ.

සරත් වීරසේකර මහතා පාවිච්චි කළා යැයි ප්‍රකාශ වන අදාළ වාහනයේ අංක තහඩුව සමග වාහනයේ ඡායාරූපයක්ද ප්‍රවෘත්තිය සමඟ පළ කර තිබෙනවා.

Rate this item
(1 Vote)

Related items