March 29, 2024

දෙකක් ඉල්ලූ මහින්දානන්දට එකක්වත් නැති වෙයි

මහින්දානන්ද අලුත්ගමගේ මහතාද නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වී නැහැ.

එහෙත් ඊට ඇතුළත් වීම සඳහා ඔහු දැඩි පරිශ්‍රමයක යෙදුන බව ආණ්ඩුවෙි ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඇමති ධුර දෙකක්

ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ඔහු තමන් මෙතෙක් දැරූ කෘෂිකර්ම ඇමති ධූරය වෙනුවට ඇමති ධුර 2 ක් ඉල්ලා තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඒ විදුලිබල හා බලශක්ති යන අමාත්‍යංශ දෙක.

එහෙත් ජනපතිවරයාගේ මතය වී තිබෙන්නේ බලශක්ති විෂය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දිය යුතු බවයි.

ස්ථාවරයේ වෙනසක්

ඒ සමගම සිය ස්ථාවරය වෙනස් කොට ඇති අලුත්ගමගේ මහතා සදහන් කොට තිබෙන්නේ තමන්ට පැරණි කෘෂිකර්ම විෂයම හොඳ බවයි.

එහි තවත් කිරීමට වැඩ කොටසක් ඉතිරි වී තිබීම ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දී තිබෙනවා.

එහෙත් නව කැබිනට් මණ්ඩලය පත්වීමේදී අලුත්ගමගේ මහතා පමණක් නොව වන්නිආරච්චි මහත්මියද ඉන් එළියට විසි වුණා.

ජනපතිගේ කිට්ටුවන්තයෙක්

මේ වන විට ඒ දෙපළ ඇතුළු හිටපු බොහෝ ඇමතිවරු දැන් සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් බවට පත්වයි සිටින්නේ.

විශේෂයෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන් ජනපතිට ඉතා කිට්ටු කෙනෙක් ලෙසයි සිය සගයන්ට හඟවා තිබුනේ.

ජනපතිගේ යම් පණිවිඩයක් හෝ කේලමක් කීමට අවශ්‍ය නම් එය අලුත්ගමගේ මහතාට කීම ප්‍රමාණවත් බවයි ඔහුගේ සගයින්ගේ මතය වී තිබුණේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 19 April 2022 07:44