March 29, 2024

නැකැත් සීට්ටුව: පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදයි

මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර අතරින් දෙවන චාරිත්‍රාංගය වන පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට (13) යෙදී තිබෙනවා.

කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදෙන ලෙසයි නැකැත් සීට්ටුවේ දැක්වෙනවා.

සිංහල අවුරුදු චාරිත්‍රාංගවල පවිත්‍රතාව කෙරෙහි දක්වනු ලැබ ඇත්තේ ඉතා ඉහළ සැලකිල්ලක්.

එබැවින් ඕනෑම සුබ කටයුත්තකට පෙර ස්නානය කිරීමේ චාරිත්‍රයක් ඇතුළත්ව තිබෙනු දැකිය හැක.

අලුත් අවුරුද්ද යනු පාරිශුද්ධත්වය හා සෞභාග්‍ය මුල් කරගත් චාරිත්‍ර විධියක් වන බැවින් ඊට සූදානම් වීම සඳහා මේ ආකාරයෙන් ස්නානය කිරීම යෝග්‍ය බව ජ්‍යොතිශයේ සඳහන්.

මෙවර සිංහල සහ අලුත් අවුරුදු උදාව සිදුවන්නේ හෙට (14) පෙරවරු 08.41 ටයි.

Rate this item
(2 votes)