April 24, 2024

පොලීසිය එපා කියද්දි නුවරඑළියේ කාමරයක් තුළ කරපු දෙයක් නිසා තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට

බාබකියු උදුනක් කාමරයක සිතලට ලබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනෙක් සිහිසුන් වි සිටියදි නුවරඑලිය මහ රෝහල වෙත අද (12) ඇතුලත් කල බව නුවරඑලිය පොලිසිය පැවසුවා.

කුරුණැගල මහව ප්‍රදේශයේ සිට ඊයේ (11) නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි 08 දෙනෙක් නුවරඑලිය මාගස්තොට ගැමුණු මාවතේ පිහිටි නිවසක් කුලියට ගෙන නතර වි තිබෙනවා.

එම පිරිස ඊයේ (11) රාත්‍රියේ එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදි බාබකියු උදුනෙන් මස් පුළුස්සා ආහාරයට ගෙන අලුයම 3.00ට පමණ එම පිරිස සමග පැමිණි පුද්ගලයන් තිදෙනෙකු නුවරඑලිය ප්‍රදේශයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බාබකියු උදුන ඔහුන් නතර වි සිටි නිවසේ කාමරයක් තුලට රැගෙන ගොස් තිබෙනවා.

එම කාමරය තුල අවු 20, 30 සහ 48 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකු සිට ඇති බවත් ඔවූන් අද (12)අලුයම අවදි නොවු නිසා එම පුද්ගලයන් තිදෙනා සමග පැමිණි අනෙක් පිරිස ඒ පිලිබදව සොයා බැලිමේදි එම තිදෙනා ඇද මත අවදි නොවි සිටි නිසා ඒ පිලිබදව එම සංචාරය සදහා පැමිණි සෙසු පුද්ගලයන් සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ අයිතිකරු වෙත දැනුම් දිමෙන් පසු ප්‍රදේශවාසින්  1990 ගිලන් රථය මගින් නුවරඑලිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

රෝහල් ගත කල තිදෙනාගේ තත්ත්වය බරපතල නිසා එම තිදෙනා නුවරඑලිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය කියා සිටියේ.

නුවරඑලියේ සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ට බාබකියු උදුන කාමරය තුලට රැගෙන යාමට අවසර ලබා නොදෙන ලෙසට නුවරඑලිය ප්‍රදේශයේ නවාතැන් පහසුකම් දෙන අයට නුවරඑලිය පොලිසිය විසින් දැනුවත් කර තිබෙනවා.

Rate this item
(1 Vote)